පකිස්ථානයේ සියල්කොට්හීදී ශ්‍රී ලාංකිකයෙකු කෲර ලෙස ඝාතනය කිරීම පාකිස්ථානයට ලැජ්ජාවක් බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.


පාකිස්තාන් අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, සිද්ධියට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බවයි.

තමන් මීට අදාළ පරීක්ෂණය පෞද්ගලිකව ම අධීක්ෂණය කරමින් සිටින බවත් වගකිව යුතු සියලු දෙනාම නීතිය හමුවට ගෙනවිත් දැඩි දඬුවම් පමුණුවන බවත් ඔහු අවධාරණය කර තිබේ.


263800312 2957498234501177 4407948029965268055 nපකිස්ථානයේ සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේ දී පාකිස්ථානුවන් පිරිසක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු වධ හිංසනයට ලක් කර ඝාතනය කර ඇතැයි, එරට මාධ්‍ය වාර්තා කර තිබිණ. පකිස්ථාන ඩෝන් පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ, වධහිංසනයට ලක් කර ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර පුළුස්සා දමා ඇති බවයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ සියල්කොට්හී පෞද්ගලික කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයෙකි.

ඔහුගේ නම ප්‍රියන්ත කුමාර ලෙස එම වෙබ් අඩවිය අනාවරණය කර තිබුණි.

261381030 10160144731978984 507799551677673943 n                පාකිස්තාන ඝාතන සිද්ධියේ පළමු සැකකරු ෆර්හාන් ඇතුලු 100ක් අත්ඩංගුවට



261786925 10167309409080725 5524307701895053775 n            මාධ්‍ය විශ්ලේශක කාමරාන් රෙහ්මට් -මිනීමරුවන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ



පන්ජාබ් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය හුස්මාන් බුස්ඩාර් පවසා තිබුණේ, මෙය ඉතා ඛේදනීය සිද්ධියක් බවයි.

මෙම සිදුවීමේදී නීතිය අතට ගත් පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ද ඔහු අවධාරණය කර තිබේ.

ඩෝන් පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ, මේ පිළිබඳව දැඩි විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පන්ජාබ් පොලිස්පතිවරයා සඳහන් කළ බවයි.



DAWN21 1
කෙසේ වෙතත් මෙම ශ්‍රී ලාංකික පුද්ගලයා ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ පිළිබඳව විමසීමට පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් විශ්‍රාමික වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම ඇමතීමට 'නිව්ස් ෆස්ට්' උත්සාහ කර ඇතත්  එහි නිලධාරිනියක සඳහන් කර ඇත්තේ මහ කොමසාරිවරයා රැස්වීම් නිසා කාර්ය බහුල බවයි.

සිද්ධිය සැලවුවහොත් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් අවශ්‍ය පියවර ගන්නා බව එම නිලධාරිනිය සඳහන් කර තිබේ.

Samaa 1
(ජයාරූප හා සටහන් - Ranga Kalansooriya ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

THE  LEADER  TV
 
 
 

බඩුමිල වැඩි කළාම සියය 10 ක් ඇමතිට !| මොණරවිලගේ ලියමන

 
PB පස්සේ ගිය BOI ලොක්කට වෙච්ච දෙයක් !
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්