යුද්ධයෙන් දීර්ඝ කාලයක් බැට කෑ උතුරු නැගෙනහිර ජනතාවට සියල්ලටම වඩා අවශ්‍ය වී තිබුණේ

ආර්ථික සුරක්ෂිතභාවය යැයි පවසන ජනාධිපතිවරයා එම ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංගීම සදහා දෙමළ ජනතා නියෝජිතයන්ගෙන් සහාය ඉල්ලා සිටී.

"ඒ නිසා මෙම පාර්ලිමේන්තුව තුළ සිටින උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා, විවිධ දේශපාලන මතවාදයන් තාවකාලිකව හෝ පසෙක ලා ඔබේ ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා රජය ගන්නා උත්සාහයන්ට සහාය දෙන ලෙස."

ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළේ තමන්ට ඡන්දය දුන් සිංහල බෞද්ධයාගේ ආරක්ෂාව සැලසීම ප්‍රමුඛස්ථානයේ ලා සලකන බව පවසා සති දෙකක් ගතවීමත් සමගය.  



සංහිඳියාව සඳහා රජයේ මූලික වගකීම ලෙස සලකන්නේ කිසිදු වෙනස්කමකින් තොරව මෙම ජනතාව සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සදහන් කළේ 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිය ජනවාරි 18 වැනි අගහරුවාදා අමතමිනි.




උතුරු නැගෙනහිර දෙමළ  ජනතාවගේ මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය විසින් ශ්‍රී ලංකා රජයට දිගින් දිගටම බලපෑම් එල්ල කරන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබදවම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සිදු කළ කතාව මගින් අවධානය යොමු කර තිබුනි.

යුද පීඩිත ජනතාව යුක්තිය ඉල්ලා දිගටම කරන අරගල සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය හා දෙමළ ඩයස්පෝරාව කරන බලපෑම් ‘කුමන්ත්‍රණ’ ලෙසින් හෙලා දුටු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙදින කතාවේදී ඒ සම්බන්ධයෙන් දැක්වුයේ ප්‍රවේසම් සහගත ප්‍රවේශයකි.

පසුගිය කාලයේ  රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට ගෙන ගිය වැරදි මතයන් නිවැරදි කරගන්නට අවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ තමන් මානව හිමිකම් කඩකිරීම් වලට අනුබල දී නොමැති බවයි.



"මා වගකීමෙන් කියනවා, මගේ පාලන කාලය තුළ කිසිදු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල දී නැහැ. ඒ වගේම ඉදිරියේ දී එවැනි ක්‍රියාවක් සිදුවන්නට අප ඉඩ තබන්නෙත් නැහැ. අප එවැනි ක්‍රියා කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ."



යුද සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා කටයුතු සඳහා අත්පත් කරගෙන තිබූ ඉඩම් 90%කට වඩා නිදහස් කිරීම ආරම්භ කළේ තමන් ආරක්ෂක ලේකම්ව සිටි කාලයේදී බව පැවසු ජනධිපති ගෝඨාභය රාජපක්ෂ  සදහන් කළේ, ඉදිරි කාලයේ දී තවදුරටත් ඉතිරිව තිබෙන ඉඩම් නිදහස් කිරීමට  හැකියාව ලැබෙනු ඇති බවයි.


ආණ්ඩුවේ ගණං හැදිල්ලට අභියෝගයක්

රජයේ හමුදා බලහත්කාරයෙන් වාඩි ලා සිටි උතුරුකරයේ ජනතාවගේ ඉඩම් වලින් 90% ක් පමණ නිදහස් කර ඇතැයි ලංකාණ්ඩුව විසින් පසුගිය වසරේ එක්සත් ජාතීන්ට ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන  සමාජ, ආර්ථික හා පාරිසරික ගැටලු පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනයට සහාය වන ස්වාධීන ආයතනයක් විසින් අභියෝගයකට ලක් කර තිබුනි.

ඒ, සාමය සහ සංහිඳියාව පිළිබඳව ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතියක් ලබා ඇති බව පෙන්වීමට එක්සත් ජාතීන්ගේ 48 වැනි මානව හිමිකම් සැසිවාරයට ආරම්භයට පෙර 2021 අගෝස්තු 27 දින ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය කොළඹ සිටින සියළුම නේවාසික රාජ්‍ය තාන්ත්‍රික දූතයන් වෙත යවනු ලැබූ වාර්තාවක් සම්බන්ධයෙන් කැලිෆෝනියාව මුලස්ථාන කොටගත් ඕක්ලන්ඩ් ආයතනය විසින් එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් කරන ලද සංදේශයකිනි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එජා මානව හිමිකම් කොමිසමට පවසා ඇත්තේ “ආරක්ෂක හමුදාව විසින් පවරාගෙන තිබූ රජයේ ඉඩම් වලින් 89.26%ක් නිදහස් කරනු ලැබූ අතර, පෞද්ගලික ඉඩම් වලින් 92.22% ක් 2019 දෙසැම්බර් 31 වන විට සිවිල් අයිතිකරුවන්ට ලබා දී ඇත,” යනුවෙනි.

ඕක්ලන්ඩ් ආයතනය පෙන්වා දෙන්නේ, තම ආයතනයට සම්බන්ධ පර්යේෂකයන් විසින් සම්පාදනය කළ 2021 මාර්තු වාර්තාව අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ පෞද්ගලික ඉඩම් අක්කර 16,910 ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කර 4,374.8 ක්, යාපනය දිස්ත්‍රික්කයේ අක්කර 3,027 ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ අක්කර 1,414 ක් සහ වවුනියාව දිස්ත්‍රික්කයේ අක්කර 8,511 ක් ලෙසින් උතුරු පලාතේ පමණක් අක්කර 34,226.8 ක් ඒ වන විට ඒවායේ අයිතිකරුවන්ට පවරා දී නොතිබුණු බව ය.

ආණ්ඩුව කියන පරිදි පවරාගෙන තිබූ පුද්ගලික ඉඩම් වලින් 92.22% ක් පවරා දුන්නේ යැයි සළකා බැලුවහොත්, එම ඉඩම් ප්‍රමාණය සමාන වන්නේ පෞද්ගලික ඉඩම් වලින් පවරා දී නොතිබූ 7.88% ටය. ඕක්ලන්ඩ් ආයතනය විසින් නිකුත් කළ සංදේශයේ  සදහන්ව තිබේ.


පාර්ශවයකට පමණක් විශේෂ නොවු

“අතුරුදහන් බව කියන විශාල පිරිසක්” මරුමුවට පත්වූයේ යැයි මීට ඉහතදී ප්‍රකාශ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද සදහන් කළේ අතුරුදහන් ප්‍රශ්නය එක් පාර්ශවයකට පමණක් විශේෂ නොවුවක් බවයි.

"යුද්ධයෙන් අතුරුදහන් වූවන් පිළිබඳ ගැටලුව එක් පාර්ශ්වයකටම පමණක් විශේෂ වූවක් නොවෙයි. ඒ සියලු දෙනා වෙනුවෙන් උපරිම සාධාරණත්වය ඉටු කිරීමට අප කටයුතු කරනවා. "



ජනාධිපතිවරයා පවසන පරිදි ඔහු ජාතිවාදය ප්‍රතික්ෂේප කරන අයෙකි. නම් නොකළ වෙනත් දේශපාලකයන් තව දුරටත් ජාතිවාදය වපුරන බවට චෝදනා කරමින් ඔහු ඉල්ලා සිටියේ ‘එකිනෙකාට එරෙහිව උසි ගැන්වීම’ දැන්වත් නතර කරන ලෙසයි.



කෙසේවෙතත්, මේ වසර ආරම්භයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහාසංඝ සභාව මගින් පිරිනමනු ලැබූ "ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ" ගෞරවාභිධානය පිළිගනිමින් ජනාධිපතිවරයා සිය ප්‍රධාන වගකීම ලෙස ප්‍රකාශ කළේ සිංහල බෞද්ධයන් ආරක්ෂා කිරීම තමන්ගේ පරම වගකීම බවයි.

දීර්ඝ කාලයක් රැඳවුම් භාරයේ සිටි එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් පිරිසකට සමාව දී ඔවුන් නිදහස් කිරීමට තමන් ගත් පියවර මෙන්ම 1978 සිට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අවශ්‍ය “කාලානුරූපී සංශෝධන” ගෙන එන්නට  ඇති සුදානමත් ජනාධිපති වරයා එහිදී හෙළි  කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා නීතියේ ආධිපත්‍යය හා විනිවිදභාවය සාක්ෂාත් කිරීම අත්‍යවශ්‍ය බව  තරයේ පිලිගන්නා බව පවසන  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරිමේ  වැදගත් කම පිළිබදවත් දීර්ඝ වශයෙන් අදහස් දක්වා තිබුනි. 

 

 


Leader Whats app


 


2022 දී හොරුන්ට කෙළවෙයි, මහපුටු හෙළවෙයි .!| මොණරවිලගේ ලියමන
 
 
 
 
විමල්ලා ගෝඨා අත්හරී | Gossip
 
 
 
 
සර් ගෑස් මාෆියාව පිටිපස්සේ ඉන්නේ සර්ද?




225ටම ඇමතිකම්! | වියත්කතා



 
ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්