ඉන්දීය අදානි සමාගම මගින් මන්නාරම දූපත පුරා ඉදිකිරීමට සැළසුම් කර ඇති මෙගාවොට් 250 ක

සුළං බලාගාරය හේතුවෙන් මෙරටට පැමිණෙන සංචාරක පක්ෂීන් ලක්ෂ 10 ක් පමණ අවදානමට ලක්ව ඇති බව වාර්තා වේ.

වසරකට රටවල් 30 කින් පමණ සංචාරක පක්ෂි විශේෂ 150 ක් පමණ මෙරටට පැමිණෙන බව වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම් පරිසරවේදී නයනක රන්වැල්ල කියා සිටියේය.

මෙම ඉදිකිරීම් සිදුකිරීමට යෝජිත ස්ථානය හරහා පක්ෂීන්ගේ ගමන් මාර්ගය පවතින බවත් ඒ හේතුවෙන් එම කුරුල්ලන් අවදානමට ලක්ව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මේ හේතුවෙන් මෙම ඉදිකිරීම් උතුරුකරයට වන්නට ආරම්භ කිරීමට රජය විද්‍යාත්මක තීන්දුවක් ගත යුතු බවයි පරිසරවේදී නයනක රන්වැල්ල තවදුරටත් කියා සිටියේය.

(aruna.lk)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්