විමුක්ති ජයසුන්දරගේ ''අහසින් වැටෙයි'' සිනමා කෘතිය ගැන චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ මීට ටික දිනකට කළින් කතාබහක් පැවතුණා.
ඒ වගේම දීප්ති විසින් රචනා කරපු විමුක්තිගේ පැතලි යථාර්තය කෘතිය ගැනත් යම් යම් අදහස් ප්‍රමාණයක් ප්‍රකාශ වුණා.
චිත්‍රපටය ගත්තම යම් ඩිස්තොපික චිත්‍රයක් වගේ දෙයක් එක්ක පටන් ගත්තත් ඇත්තටම ගලාගෙන යන විදිය දැක්කම ඒකෙ වළගම්බා වගේ රූපකයක් පේන්න ගන්නවා. ඒ කියන්නේ දැන් හැංගිලා ඉඳල පස්සේ ගස් බෙනෙන් එළියට ඇවිල්ල යමක් කරන්න පුළුවන් වගේ දෙයක් ඒකෙ චිත්‍රණය කරනවා.
විමුක්ති ඒ එක්ක දේශපාලන පාඩමක් කියල දෙන නිසා චිත්‍රපටයේ සැකැස්ම සහ ව්‍යුහය පැතලි නොවන දෙයක් කියල පේනවා. ඒ කියන්න චිත්‍රපටයේ දේශපාලන පණිවුඩය ගලායන දෙයක්. චලනය වෙන දෙයක් කියල කියන්න පුළුවන්.
ඒ අර්ථයෙන් සමකාලීන ගොඩක් සිනමා කෘතිවලට වඩා වෙනස් දෙයක් කියන්න ''කතාවක් ඇතුලේ කතාවක්'' (story within story) ආකෘතිය විමුක්ති උපයෝගී කරගෙන තියනවා.
අද දේශපාලනයටත් ඕනි ඒ වගේ ඒත්තු යන කතාවක්. නැරේෂන් එකක්.
මේ කතාව ඒ ගැන....