පාස්කු ඉරිදා වැනි ප්‍රහාර ඉදිරියටත් මේ රටේ සිදු විය හැකි බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාස්කු ඉරිදා වුනේ රටට එන අන්තිම ප්‍රහාරය කියා හිතන්න එපා යැයි කී වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා, අන්තවාදී හැගීම් තියෙන පිරිස් රට ඇතුලේ මෙන්ම පිටත් ඉන්න බවත් ඒ අය හොයාගන්නට බුද්ධි අංශ දිවා රෑ නොබලා කටයුතු කරන බවත් කීය.
පහුගිය කාලයේ පාර්ලිමේන්තුවේ 'සොනික් සොනික්' යන වචනයක් රැව් දුන් බව කී වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා, සොනික් යනු බුද්ධි නිලධාරියෙක් බවද එය අන්වර්ත නාමයක් බවද පැවසීය.
ඉතා අසීරුවෙන් ත්‍රස්තවාදී ජාලයට සූක්ෂම ලෙස රිංගා තොරතුරු ලබා ගත්තේ ඔහු බව කී ප්‍රමිත බණ්ඩාර, ඔහු ත්‍රස්තවාදියෙක් ලෙස පෙනී සිටිමින් එසේ කළ බව ද කීය.
එම කාරණා තේරුම් ගන්න තරම් පරිණත පාර්ලිමේන්තුවක් මේ රටේ තිබිය යුතු යැයි වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා කීය.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයට සහභාගී වෙමින් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව කීය.
සබැඳි පුවත් :
සහරාන්ගේ අවසන් වීඩියෝවේ සම්පූර්ණ කතාව මෙන්න
Exclusive: දෙහිවල මරාගෙන මැරුණු බෝම්බකරු ජමීල් බිරිඳට දුන් අවසන් පණිවිඩය
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය : එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තීරණය ?