තායිවානයේ නැඟෙනහිර වෙරළට ඔබ්බෙන් ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් 711 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රජය නිවේදනය කරයි.
රිච්ටර් මාපක 7.4 ක අගයකින් යුත් එම භුමිකම්පාව වසර 25 කට පසු දිවයිනට බලපෑ ප්‍රබලතම භූමිකම්පාව වේ.
තායිපේ අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල ගොඩනැගිලි දැඩි ලෙස සෙලවීමකට ලක්වී ඇති අතර භූ කම්පනයේ අපිකේන්ද්‍රය ආසන්නයේ එනම් හුවාලියන් ප්‍රාන්තයේ පුද්ගලයින් විශාල පිරිසක් සුන්බුන්වලට යටවී ඇතැයි බිය පල කෙරෙති.
කඩාවැටුණු ගොඩනැගිලිවල සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීමට ගලවාගැනීම් මෙහෙයුම් සිදුකරන අතරතුර අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇති බව නිලධාරීන් තහවුරු කර තිබේ. මුදවගැනීම් මෙහෙයුම් සඳහා එරට හමුදාව ද යොදවන බව ජනාධිපති සායි ඉන්වෙන් පවසයි.