රටක දේශපාලනය මූලිකවම ආර්ථිකමය ප්‍රතිපත්ති සහ න්‍යායයන් මත පදනම් ව තීන්දු විය යුතු කාරනයක් වුවත්

නිදහසෙන් පසු මේ දක්වා ලංකාව තුල සිදුවූ දේශපාලන වෙනස්වීම්, බල හුවමාරු වීම් සහ සමාජ වෙනස් කම් සියල්ල සිදුවූයේ සංස්කෘතිකමය කාරනා සහ එයටම ගැට ගැසුනු බාහිර සතුරා පිලිබද කාරනා මූලික කර ගනිමින්‍ ය. දේශපාලනයේදී ආර්ථික කාරනය නෛසර්ගික වුවත් සියලුම දේශපාලන කණ්ඩායම් මෙම ආර්ථික කාරනය දැනුවත්ව හෝ නොදැනුවත්ව ද්වීතියික තැනකට යොමු කල අතර මෙය පවත්වා ගැනීමේ ප්‍රධානම දෘෂ්ටිවාදී පදනම වූයේ අධිපති සංස්කෘතියයි.



1956දී පැවති සමාජ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට එකම මග සඝ, වෙද, ගුරු , ගොවි, කම්කරු බලවේග වල එකතුවෙන් යුත් පාලනයක් ඇති කිරීම බව යැයි කියමින් බණ්ඩාරනායකලා බලය ඩැහැ ගනිමින් මෙම ක්‍රීඩාව ආරම්භය කරන ලදි. ඉන් පසු 77දී කරලියට ආ ජේආර් ගෙනා ධර්මිශ්ඨ සමාජය නැමති දෘෂ්ටිවාදයත්, 94 දී චන්ද්‍රිකා ගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදය සහ දූශන විරෝධයත්, 2005 දී මහින්ද ගෙනා සාම ගිවිසුම් විරෝධයත්, 2015 දී ඉදිරිපත් කල යහපාලනයත්, 2019 දී නැවතත් රාජපක්ෂලා කරලියට ගෙනා මුස්ලිම්, දමිළ විරෝධය සහ ජාතික ආරක්ෂාව නැමති දෘෂ්ටිවාදයත් ආදී ලෙස නිදහසෙන් පසු බලයට පැමිනි සියලු කොටස් තම බලය ලබා ගැනීම වෙනුවෙන් සංස්කෘතිය සහ බාහිර සතුරා නැමති දෘෂ්ටිවාදය යොදාගත් ආකාරය තේරුම් ගත හැකිය.



මෙම සමාජ දේශපාලන විකාශනයේ ප්‍රධාන විමර්ශකය දේශපාලන පක්ශ සහ නායකයන් වුවද සාම්ප්‍රදායික -සංස්කෘතික ජනතාව නැමති ප්‍රපංචය ඒ හා අත්‍යන්තයෙන් බැදී ඇත. රාජ්‍ය පාලනය යනු ආර්ථිකය නැමති අති මූලික කාරනයේ සිදුකරනු ලබන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන් බව සමාජ කතිකාවට නොගැනීමට ප්‍රධානම හේතුව වූයේ සමස්ත සමාජයම සාම්ප්‍රදායික චින්තනයක සිරවූ සංස්කෘතික සමාජයක් වීමයි. (දේශපාලන – ආර්ථිකය,නිදහස් වෙලදාම,ලාභය වැනි හැගවුම් කාරක වලට අවිංඥානකව බැදී සිටියද සංකේත යතාර්තය තුල තහවුරු වී නොමැති බැවින් අර්බුදයක් තුල පටු දෘෂ්ටිවාදයන් තුල ගිලී යයි. මේ වන විට මෙම තත්ත්වය සීග්‍රයෙන් වෙනස්වෙමින් තිබේ).

මීට අමතරව ලංකාව තුල අසූ ගනන් වල ආරම්භ වූ පශ්චාත්-නූතන සමාජ අවකාශය මගින් ලංකාවේ ජන සමාජය ව්‍යාකූල කරන ලදි. කල යුත්තේ කුමක්ද නොකල යුත්තේ කුමක්දැයි තේරුම් ගත නොහැකිවූ ජනතාවක් බිහිවු අතර මින් වඩාත්ම මුලාවට පත් වූයේ දේශපාලන කණ්ඩායම් වූ අතර එය වඩාත්ම පිලිඹිබු වූයේ වාමාංශික කණ්ඩායම් තුලින්ම ය.

kjsprtGustavo Petro, a Colombian economist, former guerrilla fighter, senator and the country’s president-elect, will be its first leftist president.


වාමාංශික කණ්ඩායම්වල අර්බුදය

ලාංකීය පැරණි මාක්ස්වාදී චින්තනයේ පදනම විවිධ දෘෂ්ටිවාදයන් විසින් ගොඩනගන බාහිර යථාර්ථයන් සැබෑ අනුභූතික යථාර්ථයන් ලෙස පිලිගෙන කටයුතු කිරීමේ අනන්‍යතා චින්තනයයි.එම චින්තනයට අනුව බාහිරින් එයටම අනන්‍යවූ දේවල් (ජනතාව, ධනපතියන්, කම්කරුවන්, සූරාකෑම) පවතින අතර එම දේවල් ඇති සැටියෙන්ම තේරුම් ගන්නා සහ තේරුම් ගතයුතු විවිධ පුද්ගලයන්ද වෙනම ඇති බව පිලිගනී. (මම සහ මගෙන් පරිබාහිර ලෝකය) එහෙත් මෙම චින්තනයේ සදොස් බව බටහිර දර්ශනයේ විකාශනයත් සමග විශේෂයෙන්ම ව්‍යුහවාදයේ සහ පශ්චාත් ව්‍යුහවාදයේ පැමිනීමත් සමග අහෝසි විය. මෙය තවදුරටත් තහවුරු වූයේ පශ්චාත් -නූතන සමාජය ඇති වීමත් සමගය.


ලංකාවේ මාක්ස්වාදී දේශපාලන පක්ශ සමාජ දේශපාලන අර්බුද සහ විසදුම් සම්බන්ධයෙන් මැදිහත් වූ ආකාරය මෙන්ම කරන ලද දේශපාලන පුරෝකතනයන් ද දළ වශයෙන් 2000 වසර වනතෙක් එතරම් අභියෝගයකට ලක් නොවිනි. දේශපාලන පසුබැසීම් වලට ,පරාජයන් වලට හේතුව වාස්තවික තත්වයන්ගේ අඩුව , තත්වයන් නොමේරී තිබීම වැනි අනුභූතික කාරනා සමාජ දේශපාලන අවකාශය තුල අඩුතරමින් සෛද්ධාන්තිකව හෝ පිලිගන්නා තත්ත්වයක් පැවතිණි.

 

එහෙත් පශ්චාත් නූතන සමාජය තුල නව සමාජ ආර්ථික වෙනස්කම් සහ අර්බුද හමුවේ මාක්ස්වාදී දේශපාලනයේ පැවති යල් පැන ගිය ස්වාභාවයත්, නැවත නැවත අසාර්ථක වීමත්,සමාජ දේශපාලන දිශානතියන් පිලිබද කරනු ලැබූ කිසිදු පුරෝකතනයක් යතාර්ථවාදී නොවීමත් යනු බාහිර යථාර්ථයේ ගැටලුවක් නොව තම න්‍යායික චින්තනයේ ගැටලුවක් බව සගවා ගත නොහැකි වී ඇත. (පවතින සමාජ දේශපාලන යථාර්ථය කියවා ගැනීම සහ වෙනස් කිරිම සදහා එම දේශපාලන චින්තනය අසමත් ය.)

ජනප්‍රිය වාමවාදයේ අසාර්ථකත්වය


2005වන විට ජේවීපී ය හිතුවේ ලංකාවේ සමාජ ආර්ථික අර්බුදයට විසදුම් සෙවීමේ මූලිකම කාරනය ප්‍රභාකරන් නොහොත් දෙමළා නැති කිරීම බවය. ඒ වෙනුවෙන් ඕනෑම කණ්ඩායමක් සමග කටයුතු කර එම සතුරා පරාජය කිරීම ප්‍රගතිශීලී බවයි. ඒ වෙනුවෙන් මහින්ද සමග අත්වැල් බැදගෙන බර අවි යොදා දෙමළාට පහර දී තමාට සම්පූර්ණ වීමට ඉඩ නොදුන් බාහිර සතුරා විනාශ කර දැම්මේය. බාහිර සතුරා විනාශ වුවත් සිංහල ජාතියට කිසිදු පරිපූරණත්වයක් හෝ ආර්ථික ගැටලුවලට උත්තර නොලැඹිණි.

 

ඉන් පසු ඔවුන්ගේ ප්‍රධානම සතුරා වූයේ ඔවුන්ම බලයට ගෙනා රාජපක්ෂ වරුන්මය. ලාංකීය ජාතියට පරිපූර්ණ වීමට නොහැකි වී ඇත්තේ වෙන දෙයක් නිසා නොව රාජපක්ෂලාගේ වංචා දූශන සහ පවුල් වාදය බවත් එය විනාශ කිරීමෙන් නැවතත් ජාතියට සෞභාග්‍යය උදා කර ගත හැකි යැයි විශ්වාස කරන ලදි .

kxdvkls

මෙහිදී රනිල් වික්‍රමසිංහ ඇතුලු බලවේග යහපාලනය නැමති දෘෂ්ටිවාදය ගෙනා අතර ජේවීපී ය ඒ වෙනුවෙන් පෙනී සිටියහ. එයින්ද තමන් බලාපොරොත්තු වූ සෞභාග්‍යය ලගා නොවූයේ යැයි පවසමින් එයට හේතුව මහ බැංකුව ඇතුලු දේපල කොල්ලකන රනිල් නැමති බාහිර සතුරා බැවින් එම සතුරාත්, තමන්ද කලින් පෙනීසිටි ජනප්‍රිය ජාතිකවාදය සහ ජාතිවාදය වැළදගත් සියලු සතුරන් පරාජය කිරීම වෙනුවෙන් චන්දයට ඉදිරිපත් වී පරාජය විය.



මේ ආකාරයට ලංකාවේ ජනප්‍රිය වාමාංශික බලවේග සමාජ දේශපාලන තත්වය කියවා ගත් ආකාරය සහ ඔවුන්ගේ දේශපාලන පුරෝකතනයන් සියල්ල කිසිදු න්‍යායික ගැඹුරක් නැති හුදු දෘෂ්ටිවාදාත්මක ප්‍රතිචාර දැක්වීම් පමනක් බව ඉතා පැහැදිලි ය. මෙම ප්‍රතිචාර දැක්වීම් කිසිවකින් වාමාංශික චින්තනට හෝ ලාංකීය දේශපාලනයට කිසිදු නව සංකල්පයක් හෝ නවමු අත්දැකීමක් ලබා නොදෙන ලදි. මේ සියලු අසාර්තක වීම් වලට හේතුව ලෙස ඔවුන් විශ්වාස කරන්නේ විෂය මූල සාධක නොහොත් අර්බුදය මෝරා නොමැති වීම බවයි.



ඔවුන්ගේ (විශේෂයෙන් ජේවීපී සහ පෙරටුගාමීන්) ගේ බලය ලබා ගැනීමේ යල් පැන ගිය දේශපාලන උපාය මාර්ගය වනුයේ අර්බුදය දැඩිව උත්සන්න වූ විට ඒ හරහා ඇති කරන දෘෂ්ටිවාදයන් තුලින් ජනතාව මෙහෙයවා බලය ලබා ගැනීමේ ක්‍රමෝපායයි. ඒ සදහා තව තවත් අර්බුදය උත්සන්න කල යුතුය. ආර්ථික අර්බුදය තව තවත් වැඩි විය යුතුය, විරැකියාව, කුසගින්න, විදුලි කප්පාදුව,ඉන්දන පෝලිම් ආදී සියල්ල වැඩි විය යුතුය. එවිට ජනතාව මත ඇති වන පීඩාව නිසා තමන් වෙත රොද බැද ක්‍රම වෙනස සිදුවන බව ඔවුන්ගේ න්‍යායික තර්කනයයි.

 

ආර්ථික අර්බුදය සහ ජනතා අරගලය

vgjffr

ලංකාවේ සහ ලෝකයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයන් ගේ සහ ආයතන වල අදහස් සංක්ශිප්තව සැලකූවිට ලංකාව මුහුන දුන් ආර්ථික අර්බුදයට ප්‍රධානම හේතු වනුයේ,

  1. නිදහසින් පසු රට පාලනය කල සියලු පාලකයින් අඩු වැඩි වශයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ වලට අඩු වටිනාකමක් දී සංස්කෘතිය කාරනා ප්‍රමුකත්වයේලා සලකමින් මාරුවෙන් මාරුවට බලය ලබාගැනීමේ සූදුව නිසා ඇතිවූ ඉතා කුඩා ආර්ථිකයක් පැවතීම යි. 2022 වන විටත් ලාංකාවේ සමස්ත ආර්ථිකය ඩොලර් බිලියන 80ක් පමන වූ අතර බොහෝ අවුරුදු වල ප්‍රාථමික අයවැය පැවතියේ ඍන අගයකි. එවිට මෙම ඩොලර් හිගය පියවා ගැනීමට සිදුවූයේ නිරතුරුවම ණය ගැනීමෙනි.
  2. සෑම රජයක්ම සැලසුමකින් තොරව ණය ලබා ගැනීමත් ඒවා තුලින් අපේක්ෂිත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීමත් සංවර්ධන ව්‍යාපෘති තුල විශාල වංචා දූශන සිදුවී ඇති බව .
  3. මෙවැනි තත්ත්වයක් තුල අනපේක්ෂිතව පැමිනි කොවිඩ් අර්බුදය විසින් ලෝක ආර්ථිකයට සිදුවූ බලපෑමත් එමෙන්ම රට වැසීම නිසා ලංකාවේ සියලු ප්‍රධානම ආර්ථික මාර්ග වැසීයාම.
  4. රාජපක්ෂ පාලනයේ වැරදි ආර්ථික කලමනාකරනය සහ වැරදි උපාය මාර්ග අනුගමනය කිරීම හේතුවෙන් දේශීය ආදායම් මාර්ග වසා ගැනීම.
  5. ගෙවුම් ශේෂ අර්බුදය විසදාගැනීම වෙනුවෙන් IMF වැනි ආයතන වෙත නොගොස් චීනය පිලිබද වැඩි බලාපොරොත්තු තබාගෙන කටයුතු කිරීමේ උපාය මාර්ගය අසාර්තක වීම.
  6. රසායනික පොහොර තහනම් හරහා දේශීය කෘෂිකර්මය කඩා වැටීම වැනි මූලික කරුනු ආර්ථික විද්‍යාත්මකව පිලිගත් කාරනා වේ.

මෙම ආර්ථික අර්බුදය තුල තවදුරටත් විදෙස් ණය වාරික ගෙවා ගැනීමේ හැකියාවක් නොවූ අතර ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් රාජ්‍යයක් බව තවදුරටත් වසන් කිරීමට නොහැකි විය. මෙය ආර්ථික අර්බුදයේ කූඨ ප්‍රාප්තියයි. මෙම තත්වය මත ඇතිවූ විදුලි කප්පාදුව, දිගු තෙල් පෝලිම්, ගෑස් හිගය, විරැකියාව සීග්‍ර වශයෙන් ඉහල යන ලදි.


සමාජ ආර්ථික අර්බුදයේ සංකේත යථාර්ථය මෙය වුවත් අර්බුදයේ දෘෂ්ටිවාදය මෙහෙයවමින් සිටි ජේවීපී යත් පෙරටුගාමීන් ඇතුලු සියලු දෙනා විසිනුත් මෙම අර්බුදයේ ප්‍රධාන සතුරෙක් නම් කලේය. එහි ප්‍රධානම සතුරා රාජපක්ශලා බවට පත් කල අතර මේ දක්වා බලයේ සිටි සියලු දේශපාලකයන් එම සතුරාගේ කොටස් කරුවන් කරන ලද අතර අනිකුත් සියලු දෙනා ආර්ථික අර්බුදයේ කිසිවකට වග නොකියන අහිංසක වින්දිතයන් බවට බවුතීස්ම කරන ලදි. මෙම දෘෂ්ටිවාදය පෝශනය කිරීම හැර කිසිදු යථාර්ථවාදී නූතන සමාජ දේශපාලන වැඩපිලිවෙලක් සාකච්ඡාවට ගන්නා බවක් නොපෙනිණ.

 

අරගලය නැමති සමාජ ක්‍රියාකාරීත්වය මෙවන් පසු බිමක කරලියට පැමිනි අතර විවිධ අරමුණ වලින් විවිද කොටස් සම්බන්ධය වී සිටි බව පැහැදිලි විය, මෙහි ප්‍රධාන බලවේග කිහිපයෙන් ප්‍රධාන බලවේගයක් වූ ජේවීපීය (රාජ්‍යයට එරෙහිවීම නිසා අවස්ථා දෙකකදී රාජ්‍යයෙන් හොදට බැටකා සිටි) මුලින් විශ්වාස කලේ ජනතා බලවේග මෙහෙයවා බලහත්කාරයෙන් බලය ලබා ගැනීම නොව ජනතා බලකිරීම තුලින් මැතිවරණයක් ලබාගෙන බලය ලබා ගැනීමයි. එහෙත් අරගලයේ උරුම කරුවන් වූ පෙරටුගාමීන් ඇතුලු එහි අතකොලුවක් වූ ශිෂ්‍ය ව්‍යාපාරය ජනතා අරගලය තුලින් බලය ලබා ගැනීමේ ක්‍රමවේදය තුල දැඩිව ගිලී සිටි බැවින් දේශපාලන සෞන්දර්ය වාදයක ගිලී සිටින ජවිපෙටද එම ආකර්ශනීය කෙටි මගෙන් මිදිය නොහැකි විය.එහි අවසාන ප්‍රතිපලය වූයේ ගෝඨාභය රාජපක්ෂ විසින් බලය රනිල් වික්‍රමසිංහ සමග හුවමාරු කරගැනීමයි. (අරගල කරුවන් තවමත් හිතා සිටිනුයේ ගෝඨාභය පන්නා දමන ලද බවයි). ඒත් සමගම ගෝලීය දේශපාලනය තුල අවසානයේ සිදුවූ සැගවුනු බල අරගලයෙන් චීනය පසුබැස ඉන්දු -ඇමෙරිකානු පිල ජය තහවුරු කරගත්තේය. එබැවින් මේ වන විට ලංකාවේ දේශපාලන ආර්ථිකය දිශානත වනු ඇත්තේ මෙම අන්තර් ජාතික බල කේන්ද්‍රය වටාය.

මෙම සමාජ දේශපාලන අර්බුදය නිවැරැදි ව විග්‍රහ කරගනිමින් සිදුවිය හැකි අනාගත වෙනස් කම් පිලිබද පුරෝකතනය කලේ දීප්ති සහෝදරයා නායකත්වය දෙන සමබිම පක්ශය පමණි. පවතින දෘෂ්ටිවාදී යථාර්ථයන් සැබෑ අනන්‍යතාවයන් ලෙස ගනිමින් සමාජ දේශපාලනය කියවාගත් සියලු දෙනා මේ වන විට දේශපාලනිකව වල් මත් වී ඇත.


සමබිම පක්ශය සිටි දේශපාලන ස්ථාවරයන්

xdgsgd

1. ආර්ථික අර්බුදයත් සමග ඇතිවූ සමාජ ආතතිය විවිධ දෘෂ්ටිවාදයන් සමග ගැට ගැසී සියලු විපක්ශ කණ්ඩායම් එම දෘෂ්ටිවාදන් මගින් ගිල ගත්තද දීප්ති ඇතුලු සමබිම පක්ශය එම දෘෂ්ටිවාදයන් තුල සිර නොවිණ.

 

ආර්ථික අර්බුදය මතුවන විටම සමබිම පක්ශය අවධාරනය කරේ සමාජ අර්බුදය ඔස්සේ ගොඩ නැගුනු සියලු දෘෂ්ටිවාදයන් වල මූලය ආර්ථික අර්බුදය බවත් එයට ගැට ගැසුනු ඩොලර් අර්බුදය වහා විසදාගත යුතු බවයි, එය චීනය හරහා හෝ IMF සංවිධානය හෝ ඕනෑම පාර්ශ්වයක් සමග සම්බන්ධවි ඉතා ඉක්මනින් විසදාගැනීම මූලිකම දේශපාලන ආර්ථික කාරනය බවයි. ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කර ගැනීමේ මූලික අවශ්‍යතාවයක් වූ එම ආර්ථික අභියෝගය බාරගන්නා සහ ඒ වෙනුවෙන් වගකීම ඇති ඕනෑම කණ්ඩායමකට සහයෝගය දීම ජනතාවාදී වන බවයි.



අනෙකුත් සියලු විපක්ශ බලවේග මෙම අර්බුදය තුල බලය ලබා ගැනීම සම්බන්දයෙන් පමනක් ක්‍රියා කිරීම දෘෂ්ටිවාදී වීමක් බව අපගේ කියවීම විය.

 

2. අර්බුදය සහ අරගලය කියවා ගැනීම.  

 

අරගලය යනු සමාජ ආර්ථික අර්බුදය තුල දෘෂ්ටිවාදී ප්‍රතිචාර දැක්වීමක් පමනක් බවත් එය මෙහෙයවනු ලැබුවේ දේශපාලනය සංස්කෘතික කරනය කරන ලද ළදරු මාක්ස්වාදී කණ්ඩායමක් වූ පෙරටුගාමීන් සහ ශිෂ්‍ය ව්‍යාපාරයත්, විජේවීර වාදය කරගසා ගත් ජේවීපී යත් ,මෙම ධනවාදී පරිභෝජන රටාව තුල හොදින්ම ගිලී සිට ආතල් කැඩුනු පහල මධ්‍යම පාන්තික තරුන කොටසුත්ය. මීට අමතරව විවිධ අනන්‍යතා අර්බුද‍යන් තුල ගිලුනු නලු නිලියන්, මාධ්‍යවේදීන්, සරසවි ඇදුරන්,සමාජ ක්‍රියාකාරීන් ද අරගලයේ මූලිකයන් විය.



එහෙත් අරගලය තුල කිසිදු බරපතල දේශපාලන ආර්ථික කියවීමක් හෝ අර්බුදය විසදීම මූලික කරගත් දේශපාලන වැඩ පිලිවෙලක් හෝ සැබෑ ක්‍රම වෙනසක් ඇති කිරීම වෙනුවෙන් කිසිදු යථාර්ථවාදී වැඩ පිලිවෙලක් නොවිය.එහෙත් අප අත්දුටු බුද්දිමය ඛේදවාචකය වූයේ සියලු දේශපාලන බුද්දිමතුන්,උගතුන්, සරසවි මහ ඇදුරන් සමාජ ක්‍රියාකාරීන් ඇතුලු සමස්ත ඊනියා බුද්දිමය ප්‍රජාවම කරන ලද්දේ මෙම අරගලය උත්කර්ෂනයට නැංවීමත් ඒ හරහා ක්‍රම වෙනසක් අපේක්ෂා කිරීමත්ය. එහෙත් එවැනි ප්‍රචාරක වාදී, දේශපාලනය සංස්කෘතික කරනය කරන ලද මධ්‍යම පාන්තික අරගලයකට මේ පවත්නා පශ්චාත් නූතන ධනවාදය තුල කිසිවක් වෙනස් කල නොහැකි බව න්‍යායාත්මකව පෙන්වා දුන් එකම කණ්ඩායම දීප්ති ඇතුලු සමබිම පක්ශය පමණි.

 

3. අර්බුදය ඩොලර් අර්බුදයක් වීම

බොහෝ ළදරු වාමාංශිකයන් අර්බුදය ක්‍රමයේ අර්බුදයක් බවත් අරගල ඇතුලු විරෝධයන් හරහා ප්‍රකාශ වන්නේ ක්‍රම විරෝධයක් බවටත් විග්‍රහ කර ගන්නා ලදි. මෙයට වෙනත් අතර මැදි විසදුම් නොමැති බවත් සමාජ විප්ලවක් තුලින් ධනවාදය පෙරලා දැමිය හැකි බවත් පුරෝකතනය කරන ලදි.

රටේ ප්‍රධානම රාජ්‍ය ආයතන අත්පත් කර ගැනීමත්, ජනාධිපති වරයා බලෙන් එලවා දැමීමට කටයුතු කිරීමත් ඉන් නොනැවතී පාර්ලිමේන්තුව වැටලීම සදහාත් ඔවුන් යොමුවන ලද්දේ මෙම උපාය මාර්ගයට අනුවය. එහෙත් මෙම සියල්ලම අසාර්තක වූ අතර සිදුවූයේ එහි දයලෙක්තික විලෝමයයි.
නමුත් දීප්ති ඇතුලු සමබිම පක්ශය මේ සියල්ල කලින්ම අර්ථකථනය කලේය.

අපට අනුව පැවතියේ ක්‍රම විරෝධයක් නොව ආර්ථික අර්බුදයකි,විශේෂයෙන්ම ඩොලර් පිලිබද ගැටලුවකි,එම නිසා ඩොලර් බිලියන දහයකට අඩු ප්‍රමානයකින් මූලික ආර්ථික අර්බුදය කළමනාකරණය කරගත හැකි බව අපගේ ආර්ථික විද්‍යා දැනුමින් පුරෝකතනය කලේය.

එමෙන්ම ගෑස් ප්‍රශ්නය, තෙල් පෝලිම්, සහ විදුලි අර්බුදය ඩොලර් අර්බුදය කළමනාකරණය කර ගැනීමෙන් විසදාගත හැකි බවත් ඒ හරහා අරගලයට එකතු වූ මධ්‍යම පාන්තික කොටස් වල පරිභෝජනවාදයට එල්ලවූ තර්ජනය සමහන් වන බවත් ඒ හරහා අරගලය අතාර්කික වන බවත් අපගේ පුරෝකතනය විය. එය මේ වනවිට අප හිතුවාටත් කලින් ඔප්පු වී ඇත. මෙම පුරෝකතනයන් කිසිවක් කිසිදු විපක්ශ කණ්ඩායමක් හෝ වෙන කිසිදු දේශපාලන විද්වතෙකු කරනු ලැබූ බවක් අප දුටුවේ නැත.

 

4. රාජ්‍ය බලය අභියෝගයට ලක් කිරීම

අර්බුදය හේතුවෙන් ඇතිවූ සමාජ ආතතියට ප්‍රතිචාර ලෙස අරගලය ඇතුලු විවිද ආකාරයන්ගෙන් රාජ්‍යයට එරෙහිව විරෝධතා දිගින් දිගටම එල්ල වු අතර ඒවා නිදහසේ ප්‍රකාශ වන්නටද ඉඩ ලබා දෙන ලදි. අරගලය සහ එහි නායකත්වය විශ්වාස කලේ ඒ හරහා රාජ්‍ය මර්ධන යාන්ත්‍රනය අක්‍රිය වී ඇති බවත් ඔවුන් රාජ්‍යයේ මර්ධන නියෝග තවදුරටත් ක්‍රියාත්මක නොකර අරගලය සමග අනන්‍යවී ඇති බවත් ය. නමුත් එම උපකල්පනයන් ඉතා ළදරු, මාක්ස් විරෝධී, සාහිත්‍යමය හිතලු බව අද වන විට ඉතා පැහැදිලි ය.

නමුත් දීප්ති ඇතුලු සමබිම පක්ශය ධනවාදී රාජ්‍ය යනු කුමක්ද සහ රාජ්‍ය මර්ධන යාන්ත්‍රනයේ ස්වභාවය කලින්ම ප්‍රකාශ කරන ලදි.

මෙම අවුරුදු තුනකට අඩු කෙටි කාලයක් තුල සිදුවූ විශාල සමාජ දේශපාලනික සහ ආර්ථික විපර්යාසය සැබෑ යථාර්ථවාදීව විග්‍රහ කරගත් කිසිදු විපක්ශ දේශපාලන කණ්ඩායමක් හෝ විකල්ප දේශපාලන බුද්දිමතෙකු අප දුටුවේ නැත. එයට හේතුව ලෙස අපි විශ්වාස කරන්නේ සාම්ප්‍රදායික විපක්ශ කණ්ඩායම් මෙන්ම බුද්දිමතුන් ද සමාජය විග්‍රහ කරගන්නා න්‍යායික සම්ප්‍රදායන් පශ්චාත් නූතන සමාජය තුල සිදුවී ඇති වෙනස් කම් සහ අර්බුද තේරුම් ගැනීමට තවදුරටත් වලංගු නොවන බවයි.සාම්ප්‍රදායික රැඩිකල් වම යල් පැනගොස් ඇති බවත් විකල්ප නව වමක් අවශ්‍ය බව දැඩිව අවදාරණය කරන්නේ එබැවිනි.

දීප්ති සහෝදරයා නායකත්වය දෙන සමබිම පක්ශයට මෙය කල හැකිවී ඇත්තේ අප අලුත් දැනුමක් ලාංකීය සමාජයට ලබා දී ඇති නිසාය.



එනම් අප සමාජය තේරුම් ගැනීමට පදනම් කරගන්නේ ‘පශ්චාත්- මාක්ස්වාදී’ චින්තනයයි. මෙම චින්තනයේ අති මූලික න්‍යායික පදනම වන්නේ පශ්චාත් ව්‍යුහවාදය සහ ලැකානියානු මනෝවිශ්ලේශනයයි. ලංකාවේ කිසිවෙකුත් මෙවැනි දැනුමක් සමාජය සැබෑ ලෙස වෙනස් කිරීමේ අරමුනින් නිවැරැදිව කියවා ගන්නා බවක් හෝ යොදා ගන්නා බවක් නොපෙනීම අවාසනාවකි.



- CHANDANA RANASINGHE
http://3mana.com

 

 JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්