ස්වීඩනයේ සිදුකළ කුරානය ගිනි තැබීම ගැන රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් නිකුත් කරමින්

කිව්වේ එය ආගමික නිදහස උල්ලංඝනය කිරීමක් බවය.

ආගමික නිදහස වෙනුවෙන් කතා කිරීමේ නිදහස සීමා කළ යුතු බවය.

ඒ වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලය ක්‍රියාත්මක විය යුතු බවය.

කතා කිරීමේ නිදහස නැති තැන ආගම ඇදහීමේ නිදහසක් නැති බව රනිල්ට අමතකය.

අපි කුරානය හෝ වෙනත් ආගමික ග්‍රන්ථයක් වේවා එසේ නොවන ග්‍රන්ථයක් වේවා ගිනි තැබීමට එකග නොවන නමුත් එය විරෝධයක් ලෙස ප්‍රකාශ කිරීමට කෙනෙකුට ඇති අයිතිය ආරක්ෂා කළ යුතුය.

යමෙක් ඔෆෙන්ස් වීම හේතු කොටගෙන තව කෙනෙකුගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පාලනය කිරීමට නොහැකිය.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පාලනය කිරීම යනු සමාජයක අන්තවාදයන්ට ඉඩදීමකි.

(Freedom TV නිෂ්පාදනයකි) 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්