රටේ රාළ කියන්නේ ඊයෙට යෙදිලා තිබුණ සිංහල, දෙමළ අලුත් අවුරුද්ද දවසේ අප්‍රියෙල් තුන අරගලය තමන්ගේ අරගලයේ පළවෙනි අදියර ජයග්‍රාභීව

අවසන් කළා කියලා.

ජන අරගලයට මේ දක්වා සහභාගී උන වැඩිම ජන සන්නිපාතය ඊයේ රෑ වාර්තා උනා. ඔය තත්වය තවදුරටත් පවත්වාගෙන යන්න ඕනි. ඒක වෙනුවෙන් උපක්‍රම තේරීම දෙවෙනි අදියරේ වැඩක්.

ඒත් ඊට ඉස්සෙල්ලා ඔයාලා දැන ගන්න ඕනි මොකද්ද පළවෙනි අදියරේ ඔයාලා ලබපු ජයග්‍රහණය කියලා. මෙතනදී ඒ ගැන ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඒත් මෙතන තියන ලොකුම ජයග්‍රහණය මොකද්ද?

රටේ රාළ කියන්නේ ඔයාලා ලබපු ලොකුම ජයග්‍රහණය තමයි රටේ ජනතාව අවධි කිරීම. ඇත්තටම කිසිම පෞද්ගලික වාසියක් නැතිව ජනතාව අරගලයට ඇවිල්ලා. මේ රටේ ඉන්න, පිටරටවල ඉන්න සියලු ශ්‍රී ලාංකිකයෝ අවධි වෙලා. බාල, මහළු, උගත්, නුගත්, ගෑණු, පිරිමි භේදයකින් තොරව මිනිස්සු නැගිටලා.

 

තරුණ තරුණියෝ එයාලට අනාගතයක් ඉල්ලනවා. වැඩිහිටියෝ තමන් අතින් උන වැරද්ද නිවැරදි කරන්න පාරට ඇවිත්. ඇත්තටම මිනිසුන්ගේ ඇතුළේ ඉන්න හොඳ මිනිහා එලියට ඇවිත්. රාජපක්ෂලා කියන චෞර්ය රැළට එරෙහිව බයෙන් නිහඩ කරලා තිබුණ මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය අවධි වෙලා.

 

දැන් ඊලගට මොකද කරන්නේ ?


මෑතකාලීන ඉතිහාසයේ සිද්ධ උන දැවැන්තම ජනතා නැගිටීම මේක. ඒ වගේම  නිර්මාණශීලීත්වයෙන් උසස්ම ජනතා නැගිටීම මේක. ඒ දුෂ්කරම වැඩේ දැන් ඔයාලා කරලා ඉවරයි. දැන් ඔයාලා වෙනුවෙන් ජනතාව සීරුවෙන් ඉන්නවා.

දැන් ඊලගට මොකද කරන්නේ. ඕක තමයි ඊලග ප්‍රශ්නය.

මේ සීරුවෙන් ඉන්න ජනතාවට ඔයාලා මොකද්ද දෙන උත්තරය. ඔයාලා කිව්වා විදිහට ගෝඨාභය ගෙදර ගියේ නෑ. මහින්ද ගෙදර ගියෙත් නෑ. කිසිම රාජපක්ෂ කෙනෙක් ගෙදර ගිහින් නෑ.

 

එහෙනං දැන් ඔයාලා තේරුම් ගන්න ඕනි ඇත්ත තමයි රාජපක්ෂලා ඔයාලගේ අභියෝගයට අභියෝග කරන්න ලෑස්ති වෙනවා කියලා. ඕනි නං තව දවස් තුන හතරක් රාජපක්ෂලා නිහඩව හිටීයි. සදුදායින් පටන් ගන්න සතිය තීරණාත්මකයි. ඇත්තටම එතන ඉදන් සති දෙක තුනක් ඇතුළත මේ අරගලය ඔයාලට වගේම රාජපක්ෂලාටත් විවෘත එකක් වෙනවා. ඒ කියන්නේ මහජන බලය හා රාජ්‍ය බලය අතර ගැටුමක් එනවා.

 

අනිවාර්යයෙන්ම ජනාධිපති ජනාධිපති ලේකම් කාර්යාලයට එන්න ඕනි. කැබිනට් එකක් දිවුරුම් දෙන්න ඕනි. මොකද තවත් මෙහෙම අරාජික රටක් එයාලට ලෝකෙට පෙන්නන්න බෑ. එතකොට තමයි ගැටුම එන්නේ.

මෙතනදී ඔයාලා උපක්‍රම තෝරන්න ඕනි කොහොමද ඒ කඩයිම පනින්නේ කියලා. ඇත්තනම ඔයාලට උපක්‍රම කීපයක් තියනවා. ඒ උපක්‍රම අතර ඔයාලා විසින් සම්පුර්ණ කරන්න ඕනි කොටසක් තියනවා.

අනික එලියේ ඉන්න බලවේග විසින් සම්පූර්ණ කරගන්න ඕනි කොටස. මොකද රාජපක්ෂලා එලවන්න දැන් පාරේ ඉදන් කරන අරගලය විතරක් ප්‍රමාණවත් නෑ. පාරේ සටනට සමාන්තරව රාජපක්ෂලා එලවන්න තියෙන ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගත් ගන්න ඕනි.

ඒ කියන්නේ දැන් ඕනි මේ ක්‍රියාමාර්ග දෙක ඒකාබද්ධ කරන්න. ඒක වෙනුවෙන් මෙහේවා ගන්න පුළුවන් ආයතනය තමයි පාර්ලිමේන්තුව. මේ වෙලාවේ ඒ උපකරණයත් පාවිච්චිය කරන්න ඕනි. ඔයාලගේ අරගලය පටන් ගත්තට පස්සේ පාර්ලිමේන්තුව එක පාරක් රැස් උනා. එතනදී පාර්ලිමේන්තුවේ විපක්ෂය අරගලය පාවලා දුන්නා.

h p s m

හරීන්, පාඨලි, ෆොන්සේකා, මනුෂ වගේ අය අරගලයට පක්ෂව හඩක් නැගුවා

 

ඒත් සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු අරගලයට පක්ෂව කටයුතු කළා. විශේෂයෙන් හරීන්, පාඨිළි, ෆොන්සේකා, මනුෂ, වගේ අය අරගලයට පක්ෂව හඩක් නැගුවා.

කොහොම හරි පාර්ලිමේන්තුවට අරගලය මගභැරලා යන්න බැරි තැනට ඔයාලා දැන් සටන ගෙනත් තියනවා. ඒත් මූලිකයෝ වැඩෙන් කර ඇරියා. ඒක නිසා මේ අරගලයේ පාර්ලිමේන්තුවේ කොටස ඉෂ්ඨ කරන්න දැන් ඔයාලා පාර්ලිමේන්තුවට බල කරන්න ඕනි.

දැන් පාර්ලිමේන්තුවට ආණ්ඩුවට එරෙහි විස්වාසභංගයකුයි, ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයටයි ගේන්න විපක්ෂය ලෑස්තියි වෙනවා. මේ දෙකෙන් විස්වාසභංගය තමයි ඉක්මනට ගන්න පුළුවන්. දෝෂාභියෝගය තව ටිකක් එහාට යනවා.

සජබෙ විස්වාසභංගය අත්සන් කලාට දැන් වැනෙමින් ඉන්නේ. ඔන්න විස්වාසභංගය බාරදීම තව සතියකින් කල් යනවලු. සජිත් ඒ දෙන්නේ දියාරු කමේ සිග්නල් එක. ඒක දෙන්නේ ඔයාලට නෙවෙයි. රාජපක්ෂලාට. ඒ සිග්නල් එක හරියටම ගන්න මහින්ද දන්නවා.ඒ කේ Operational පැත්ත බැසිල් දන්නවා.

බලය රැකගන්න බැසිල්ට මේ වෙලාවේ කොරෝ වැලදීමත් ආශිර්වාදයක් වෙන්න පුළුවන්. රාජපක්ෂලා දැනටත් සජබේ කීපදෙනෙකුට දැල දාලා ඉවරයි. එයාලා තාවකාලික විරාමයක් අරන් ඉන්නේ. රටේ විරෝධය සමනය වෙනකං.

දැක්කනේ ඊයේ සුභ අලුත් අවුරුද්දක් වේවා කියන්න ශාන්ත බණ්ඩාරගේ ගෙදරට ආපු කට්ටිය.

 

කොහොම හරි විස්වාසභංගය අත්සන් කළේ සජබේ. ඒක රට ඉස්සරහා කරපු වැඩක්. සඡිත් පාර්ලිමේන්තුවේදී කිව්වා විස්වාසභංගයක් ගේනවා කියලා. දැන් සජිත් විස්වාසභංගය ගේන්නම ඕනි, ඒ වගේම ඒක ජයග්‍රහණය කරවන්නත් ඕනි. ඒ බලපෑම සජබඡට, ජවිපෙට, දෙමළ සන්ධානයට, එජාපයට කරන්න ඕනි.

 

ඊළගට ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව කරන ස්වාධීන කණ්ඩායමට ඒ බලකිරීම කරන්න ඕනි. ඒ වගේම ආණ්ඩුව ඇතුළේ ඉන්න මන්ත්‍රීවරුන්ටත් ඒ පීඩනය දෙන්න ඕනි. විශේෂයෙන් ශ්‍රීලනිපයට.

විපක්ෂ නායක සජිත්ගේ වගකීම තමයි ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සහය විස්වාසභංගයට ගැනීම. ඒකට එයාලත් එක්ක සඡිත් සාකච්ඡාවක් පටන් ගන්න ඕනි. සජිත්ට ලොකු පීඩනයක් දෙන්න ඕනි විස්වාසභංගය රාජපක්ෂලාට පාවාලා දෙන්න එපා කියලා. මොකද රට බාරගන්න සජිත්ගේ තියන බය වගේම විපක්ෂයේ කෙනෙක් ඒක කරයි කියන බය විසින් සජිත් විස්වාසභංගය පාවලා දෙන්න පුළුවන්.

ඇත්තටම ජූනි මාසේ රට පත්වෙන තත්වය දැක්කම මේක බාරගන්න ඔය පාර්ලිමේන්තුවේ එකෙක්වත් ඉදිරිපත් වෙන්නේ නෑ. ඒ බය විසින් මේක ආයෙත් රාජපක්ෂලා අතට තල්ලු කරන්න පුළුවන්. කොහොම උනත් ඔයාලා විපක්ෂයට දැන් ආණ්ඩුවට වැඩි පිඩනයක් දෙන්න ඕනි.

මෙතන තියන එකම උපක්‍රම ජනතා විරෝධය ඉස්සරහා පාර්ලිමේන්තුව දණ ගස්සවා ගැනීම විතරයි. ඒකට විස්වාසභංගය පාර්ලිමේන්තුවට ගේන්නම ඕනි. රාජපක්ෂලා පාර්ලිමේන්තුවෙන් ගෙදර යවන්න බැරි  නං මේ 225 ම ගෙදර යවන්න ඕනි. ඊට ඉස්සෙල්ලා මෙයාලගෙන් ගන්න ඕනි වැඩේ තමයි විස්වාසභංගය.ර

ටේ රාළ කියන දෙවෙනි පරිච්ඡේදයේ කාලය කියන්නේ විස්වාසභංගය විවාද කරලා අවසන් වෙන කාලය. එතකොට අරගලයට ටාගට් එකක් තියනවා.

ඒ අතර තුන්වෙනි පියවර හදනගෙන ඒකට ලෑස්ති වෙන්නත් ඕනි. ඒ අතර කාලයේ ක්‍රියාමාර්ග පෙල ගස්ස ගන්න ලේසියි. ඇත්තටම ඒක සදහා අරගලකරුවා දැන් විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡාවකට යන්න ඕනි. රටේ රාළ නං කියන්නේ ඒ සාකච්ඡාව ජනතාව ඉස්සරහා කරන්න ඕනි එකක්. නැත්තං එයාලා වංගු ගහන්න හදනවා.

එයාලට කියන්න ඕනි අරගලයේ එයාලගේ කොටස සම්පූර්ණ කරන්න කියලා. ඒක කියන්න හැංගෙන්න ඕනි නෑ.


sign 1

sign 2

sign3

#අත්සන්නොකරගමටඑන්නඑපා


ඊළගට මේ කාලපරිච්ඡේදය ඇතුළේ ආණ්ඩුවට දෙන්න පුළුවන් උපරිම පීඩනය දෙන්න ඕනි.  විස්වාසභංගයට විරුද්ධව ඡන්දය දිලා ගමට එන්න එපා කියන සටන ගමේ නගරයේ හදන්න ඕනි. ඒ බය මන්ත්‍රීලට දැනෙන්න ඕනි. 

 



ඊළග දේ තමයි අරගලය රට පුරාම ව්‍යාප්ත කරන එක. ඒකත් කරන්න පුළුවන් දේශපාලන පක්ෂවලට. මොකද කවුරුත් එකඟ පොදු සටන් පාඨයක් දැන් හැදිලා තියනවා. ඒ තමයි රාජපක්ෂලා යා යුතුයි කියන එක. ඒකට බලවේග පෙලගැස්සීම එයාලගේ වැඩක්. නැත්තං ඊලග මැතිවරණයෙන් එයලත් ඉවරයි.

ඒක නිසා දේශපාලන පක්ෂ කරන්න ඕනි ඔතන වටේ කැරකෙන එක නෙවෙයි. රටේ ආණ්ඩු විරෝධය කුළු ගන්වන එක. ඊළගට අරගලයේ කේන්ද්‍රය ආරක්ෂා කරගන්න එක ඔයාලගේ වගකීමක්. ඒකට ඔයාලා දවල් කාලය පුරා විවිධ ඉවෙන්ට්ස් හදන එක කරන්න ඕනි. ඒ ඔයාලා කරන ඒවා නෙවෙති. නිර්පාක්ෂිකව එන මිනිස්සුගේ විරෝධය ප්‍රකාශ කරන්න අවස්ථාව දෙන්න ඕනි.

රටේ කිර්තිමත් මිනිස්සුන්ගේ සහය එකතු කරන විදිහ හදන්න ඕනි. අද ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ගේ ඉවෙන්ට් එක හොදයි. ඒ වගේ තවත් විවිධ ක්ෂේත්‍ර වල වැඩ හදන්න පුළුවන්. එකමදේ ඒවායේ බර ඔයාලා ගන්න එපා.

අනිත් දේ තමයි රෑට ඔතන පිරිස් බලය තියා ගැනීම ඉතාමත් වැදගත්. මොකද යක්ෂයා ගොඩක් වෙලාවේ එන්නේ කළුවරේ. මොකද ආණ්ඩුව පැත්තෙන් ඔයාලට පීඩනය නොදා තව වැඩි දවස් ඉන්නේ නෑ. එයාලා ඉන්නේ ඔතන දුර්වල වෙනකං. දැන් ඕක ඇතුළේ ආණ්ඩුවේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. ඒක දියුණු බුද්ධි අංශ මෙහෙයුමක්.
 
 
 
ආණ්ඩුව 21 ක වෙනකම් ඉවසයි. මොකද අප්‍රියෙල් 21 ආණ්ඩුවට තවත් දැවැන්ත විරෝධයකට මුහුණ දෙන්න වෙන දවසක්. ඒ පාස්කු ප්‍රහාරයට අවුරුදු තුනක් සම්පුර්ණ වෙන දවස. එදත් ආණ්ඩුවට මාරාන්තික දවසක්.
 
 
 
ඒක නිසාම ඔතනට ආණ්ඩුව දාන පීඩනය අඩු කරන්න නම් අරගලය රට පුරා ව්‍යාප්ත කරන්න ඕනි. මේ ඔක්කොටෝම ඔයාලට තියෙන්නේ තව ටික කාලයයි. යක්ෂයා අවට පස්සේ ආයුධ හොයන්න ලෑස්ති වෙන්න එපා. එන්න ඉස්සෙල්ලා ලෑස්ති වෙන්න. ආයුධ කියන්නේ සූදානම් වීම මිසක් T 56 නෙවෙයි.


හරි එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි.ජයවේවා.
මීට
අනාගතය තුළ ජීවත්වන සොඳුරු මිනිසා - විජේවීරරටේ රාළ.

(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්..)
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්