ජනාධිපතිවරයාත් ඉල්ලා අස්වුවහොත් කාට හෝ වගකීම බාරගත හැකි බව

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා පවසයි. හෙට දවස ගැන වැඩි බලාපොරොත්තුවක් තවදුරටත් නැතැයි ද ඔහු පවසයි.

ගිනි ගන්නා රටක සිට...යන ශීර්ෂයෙන් යුතුව ඔහු එබව සඳහන් කර ඇත්තේ, සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.


එම සටහනේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

ආන්ඩුව ඉල්ලා අස්විය යුතු බව කියා මා කැබිනට් ඇමති තනතූරෙන් ඉල්ලා අස්විමේ ලිපිය දුන්නේ අප්‍රේල් 20 දාය.  අන්තර් කාලීන ආන්ඩුවක් සාදන තුරු ඉන්නැයි ජනාධිපතිතුමාගේ ඉල්ලිමට තාවකාලිකව එකඟ වුවද මා දිගින් දිගටම කීවේ ආන්ඩුව ඉල්ලා අස්වී ජාතික එකඟතා රජයකට ඉඩ දිය යුතු බවය.

අවසානයට පැවති කැබිනට් රැස්වීමේදී මමත් අලි සබ්‍රී , ප්‍රසන්න රණතුංග හා රොමේශ් පතිරණ ඇමතිවරු දිගින් දිගටම තර්ක කලේ සමස්ඨ කැබිනට් මණ්ඩලය ම විසිරවීම සඳහා අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවය. එයට එදා එකඟ වූ ඔහු කල යුතුව තිබුනේ පසුදිනම ඉල්ලා අස්වීමේ ලිපිය එවීමය.

නමුත් එයට ඉඩ නොදී දේශපාලනඥයින් කිහිප දෙනෙකු කොළඹට තම සහචරයන් ගෙන්වා බලය පෙන්වන්නට යෑමෙන් සමස්ත රටම ගිනිගෙන ඇත.

 

මේ විනාශය මා දකින්නේ ජිවිතයේ දෙවන වරටය. 83 කලු ජූලිය රට දශක තුනකට ආපස්සට ගෙන ගියේය. අද සිදුවන විනාශය රට තවත් දශක ගනනාවකට ආපස්සට ගෙන යනු ඇත. මෙවර තත්වය 83 ට වඩා බෙහෙවින් දරුණු වනු ඇත.

විදුලිය නැති තෙල් නැති බෙහෙත් නැති බොහෝ දෙනෙකුට වැටුප් හෝ ආදායම් නැති යුගයක් ඉදිරියට ඇතිවනු ඇත.

මුදල් තිබෙන සියලු දෙනාම මංකොල්ලයට ලක්වන විට අද දේශපාලනඟයින්ගේ ගෙවල් ගිනි තියනා අයුරු රූපවාහිනිය බලමින් සතුටු වූ අය ප්‍රමාද වැඩි වනු ඇත.

පවුලේ කිසිකෙනෙකුට තනතුරු වරප්‍රසාද නොදුන්, නිල නිවාස නිල ආරක්ෂකයන් ප්‍රතික්ශේප කල මටද කලහකාරීන් සැලකූවේ එකම හැන්දෙන් වුවත් මම මේ යථාර්ථය පිලිගනිමි. මා ඉපදුන හැදුන වැඩුන ඕනෑ තරම් අවස්ථාව තිබියදීත් හැර නොගිය රට ගැන මම හදවතින්ම කම්පා වෙමි.




දැන් අගමැතිවරයා හා කැබිනට් මන්ඩලය ඉල්ලා අස්වී ඇත.

ජනාධිපතිවරයාත් ඉල්ලා අස්වුවහොත් කාට හෝ වගකීම බාරගත හැක.

හෙට දවස ගැන වැඩි බලාපොරොත්තුවක් තවදුරටත් නැත.


(ආචාර්ය නාලක ගොඩහේවා)
හිටපු ජනමාධ්‍ය අමාත්‍ය.

fdsgr


Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්