ඊයේ සිදුවූ තුර්කි භූමිකම්පාව අතරතුර ඉන්ස්ටග්රෑමයේ සහ මුහුණුපොතේ වයිරල් වූ සුන්බුන් අතරින් තම ආදරණීයයා සොයන බලු සුරතලාගේ චායාරූප දෙක චෙච් ජාතික චායාරූප ශිල්පියෙක් වන ජරෝස්ල්වෝ නොස්කා (Jaroslav Noska) විසින් 2018 වසරේ ගනු ලැබූ චායාරූපයක් බව ඇසෝසියේට් ප්‍රෙස් (AP) ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර තිබෙනවා.  



මේ අති බිහිසුණු තුර්කි භූමිකම්පාව අතරතුර ඊයේ දිනයේ යම් පුද්ගලයෙකු විසින් ඉන්ස්ටග්‍රෑම් මාධ්‍ය තුළට මේ චායාරූපය එකතු කර තිබුණේ ''තුර්කිය වෙනුවෙන් යාඥාකරන්න'' (Pray for Turkey) යන වැකියද ඇතුළත්වයි. ඒ බෙදාගැනීම් 9000 සමඟ.

එම චායාරූපයම ට්විටර් සහ ෆේස්බුක් අඩවිවලටත් එකතු වී තිබුණා. ඒ 'බලු සුරතලෙක් භූමිකම්පාවෙන් අනතුරට ලක්වූවෙකුට උදව් කිරීමට හදමින්' යන වැකිය සමඟ.

ඇතැම් අය මේ චායාරූපය බෙදාගෙන තිබුණේ සදාතනික ආදරය (eternal love) යන වැකිය සමඟ.

2018 ඔක්තෝබර් 17 දාතම යටතේ නොස්කාගේ මෙම චායාරූපය ෂටර්ස්ටොක් වෙබ් අඩවියේ දැකගන්න පුළුවන්.

සංස්කරණමය පෙරහනක් නොමැති සමාජ මාධ්‍ය යනු පශ්චාත් සත්‍යයේ යුගයක් බව සැබෑවක් වුව ද කුමන හෝ අනුවේදනීය ආකාරයකින් මිනිසුන් මේ මහා ව්‍යසනය සමඟ සම්බන්ද වෙමින් පැවතීම වැදගත් කරුණක්.

තුර්කිය..අප ඔබ සමඟයි.


Dog looking for injured people in ruins after earthquake.


Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


 



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්