ඕස්ට්‍රේලියාවේ හැම විශ්ව විද්‍යාලයකම වගේ ජූලි සහ අගෝස්තු මාස වල Open Days පැවැත්වෙනවා.



වසර අවසානයේ පාසල් අධ්‍යාපනය හමාර කරන 12 වන වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ විවෘත දිනවල සිය දෙමව්පියන් සමග පැමිනෙනවා. එදිනට විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ට සිසුන් සහ විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු විශ්ව විද්‍යාලයේ පහසුකම්, පාඨමාලාවල ස්වභාවය, අනාගත රැකියා අවස්ථා පිළිබද මේ සිසුන් දැනුවත් කරනවා. ඊට අමතරව නොයෙක් රැකියා සහ සේවා සපයන ආයතනත් ස්වෙච්ඡාවෙන් මේ කටයුතු වලට සහභාගි වෙනවා.

මෙවැනි විශ්ව විද්‍යාල කිහිපයකම විවෘත දිනවලට සහභාගි වීමෙන් පසු වසර අවසානයේ පැවැත්වෙන විභාගයෙන් පසු ඔවුන් තමන් කැමති විශ්ව විද්‍යාලය හා පාඨමාලාව තෝරා ගන්නවා.

මේ විස්තර ලිව්වේ ලංකාවේ විශ්ව විද්‍යාල තවමත් මෙවැනි නවීකරණයකට ලක් වී නොමැති නිසා හුගක් ගම්බද, දුප්පත් පවුල් වලින් එන දූ දරුවන් පාඨමාලා තෝරා ගන්නේ අනාගත රැකියා අවස්ථා පිළිබදව වත්, ජාත්‍යන්තර උසස් අධ්‍යාපන අවස්ථා පිලීබදව වත් අවබෝධයෙන් තොරව නිසාය. මේ නිසාම හුගක් උපාධිධාරීන් අධ්‍යාපනය හමාර කරන්නේ අනාගතය පිළිබද කිසිදු දැක්මක් නැතිවයි.

මගේ අදහස නම්, ලංකාවේ විශ්ව විද්‍යාල වලටත් Open Day සංකල්පය හදුන්වා දෙන්නට මේ කාලයයි. ලංකාවේ උසස් පෙළ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ හරහා තමන්ට ගැලපෙන, අනාගත රැකියා අවස්ථා සහිත පාඨමාලා පිළිබද දැනුවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.

ඒ වගේම රාජ්‍ය විශ්ව විද්‍යාලවල යම් ඉඩ කඩක් අන්තර්ජාතික පාසල්වල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් විවෘත කිරීම හරහා ( ඕනේම නම් යම් සහනදායි මුදලකට) අපේ විශ්ව විද්‍යාල නවීකරණය වේගවත් කරන්නටත්, ඒවා ජාත්‍යන්තර විශ්ව විද්‍යාල හා තරගකාරි මට්ටමටත් උසස් කිරීමත් කල හැකියි.

තවද මේ හරහා අනාගත රැකියා වෙළදපොල ඉලක්ක කරගත් උපාධිධාරීන් බිහිකිරීමටත්. විදෙස් අධ්‍යාපනය සදහා රටින් බැහැරට යන විදෙස් සංචිත ඉතුරු කර ගැනීමටත් පුළුවන්.?


kolitha(කෝලිත ප්‍රනාන්දු)
කළමනාකාර අධ්‍යක්ෂ
Jeewa Education

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(Kolitha Fernando ගේ ෆේස්බුක් පිටුවෙන්)



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්