දේශපාලනය කියන්නෙ ‍මෝඩයන්ගෙ විෂයක්. අනෙකාට තමන්ගේ අදහස් පිලිගැන්වීමට හරි අනෙකා මත තමන්ගේ බලය පැතිරවීමට හරි උත්සාහ කිරීම කියන්නෙ මෝඩකමක්. 

 

වඩා වැදගත් වෙන්නෙ තමන්ගෙ ජීවිතය උපරිමයට ගත කරන්න උනන්දු වෙන එකයි. මං අර්ථවත් දේශපාලන මැදිහත්වීමක් විදිහට දකින්නෙ තමන්ගේ ජීවිතයට, නිදහසට බලපාන කාරණා වෙනුවෙන් මැදිහත් වෙන එකට. එහෙම නැති මැදිහත්වීම් අර්ථවිරහිතයි.

මගේ මැදිහත්වීම තියෙන්නෙ වෙළඳපොල වෙනුවෙන්. වඩාත් වෙළඳපොල නිදහස වෙනුවෙන්. ඒ කියන්නෙ ඒකාධිකාරීන්ගෙන් හෝ රජයේ මැදිහත්වීම්වලින් තොරව ප්‍රජාව විසින් කරගෙන යන ආර්ථික ගනුදෙනුවලට ඇති නිදහස. 

Shocked man with umbrella is swallowed up by abyss. Contemporary art collage. New ideas and creative inspiration. Concept of retro vintage style. optical illusion elements. Fantasy, psychedelic and
වැදගත්ම පෙනී සිටීම වෙන්නෙ මේ ආර්ථික නිදහස කියලයි මං විශ්වාස කරන්නෙ. 

එතනදි මත්ද්‍රව්‍ය වේවා, ලිංගික දේ වේවා කවර හෝ දෙයක් ඒ ගනුදෙනුවට මැදිහත්වන සියල්ලන්ගේ කැමැත්තෙන් සිදුවෙනවා නම් පිටතින් සංස්කෘතික වේවා, සදාචාර වේවා, ආගමික වේවා අතපෙවීම් අසාධාරණයි සහ අයුක්තිසහගතයි. 

මං හිතන්නෙ අපේ රටේ අර්ථවිරහිත දේශපාලන මැදිහත්වීම්වල කලාපය විශාල වැඩියි. දූෂණය නවත්තන්න කියලා රටේ හැමෝම කෑ ගහනවා. ඒ හැමෝමත් තම තමන්ගේ මට්ටමෙන් දූෂණය වංචාව කරගෙන යනවා. ඒත් ඒ ගැන සමාජ මාධ්‍යවල එකිනෙකාට චෝදනා කරමින්, තමන්ගේ පිරිසිදු බව විදහා පාමින් ලොකු ලොකු දේවල් කතා කරනවා. සමහරු මාක්ස්වාදය, සමාජවාදය, ධනවාදය ආදී වූ න්‍යායන් පොලොවෙ පැලකරන්න දවස තිස්සෙ වාදවිවාද කරනවා. ඒවා ගොඩක් වෙලාවට තමන්ගේ ආත්ම කාංසිය නැත්තං හිස්කම මකාගන්න කරන දේවල්. 

list of emotions 770x430

මිනිස්සු තමන්ගේ ජීවිතය ගැන කතා කරන එකයි ලස්සන. තමන් විඳින දේවල්, තමන් කනබොන දේවල්, තමන්ගේ ලිංගික අත්දැකීම්, තමන්ගේ වේදනාත්මක අත්දැකීම් බෙදාගන්න එකයි සුන්දර. එතනදි අපි මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න පුරුදු වෙනවා. 

මං ගොඩක් කැමති දෙයක් තමයි මිනිස්සුන්ගෙ ලිංගික අත්දැකීම් ගැන කතා කරන්න. විනිශ්චය කිරීමකින් තොර, ඒ වගේ නිදහස් සංවාදයකදි මිනිස්සු ලස්සනයි. ඒ ඇත්ත ඒ අයගෙ ජීවිතේ ඇත්තක්. බාහිර හෝ මතවාදිමය ඇත්තක් නෙමෙයි. ඒ වගේ සංවාද මට දැනෙන්නෙ ආධ්‍යාත්මික සංවාද විදිහට.

ඉතිං මං බලාපොරොත්තු වෙනවා නමක් ගමක් නැතුව මිනිස්සු ගොඩක් එක්ක ඒ අයගෙ ලිංගික අත්දැකීම්, සුන්දර වේවා, ප්‍රචන්ඩ වේවා, එහෙම බෙදීමක් කාණ්ඩ කිරීමක් නැතුව කතාබහ කරන්න. එහෙම සෙක්ස් ගැන කතා කරන්න කැමති අයට පුළුවන් ඉන්බොක්ස් කරන්න. බොරු කියන්න වුනත් අවසර තියෙනවා. සෙක්ස්වල ඇත්ත සහ බොරු කියල භේදයක් නෑ. හැම බොරුවක්ම ඇත්තක් වෙනවා.

ජවිපෙ ගත්තු ස්ටාන්ස් එකත් මරු - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

facultyofsex.com

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image