තේරීම් කාරක සභාවලට පුලුවන් ද පාස්කු අපරාදකරුවන් කවුද කියලා හොයන්න..!



චැනල් හතර බෝම්බෙන් කිසි සෙලවීමක් නෑ කියලා ආණ්ඩුවට බඩයන්නන් පුන පුනා හෑලි ලිව්වත් රනිලුත් පාස්කු හොයන්න තේරීම් කාරකසභාවක් දානවාලු නෙහ්..

කාරක සභාවලින් පුලුවන් ද බන් අපරාධ ගැන හොයන්න. කාරකසභා වලට පුලුවන් පොඩි නාට්‍යක් පෙන්නලා ජනතාව අන්දන්න. එච්චරයි.

පුලුවන් නම් පිස්සු ගෝඨා ආපු ගමන් අයින් කරපු රවී සෙනෙවිරත්නලා, ශානී අබේසේකරලා ඇතුලු සීඅයිඩී සෙට් එක ආයෙත් ගෙනල්ලා පරීක්ෂණ පටන් ගන්න.

ශානිලා කරපු විමර්ෂන දිහා බැලුවාම පේනවා මේකට වඟකියන්න ඕනී කවුද කියලා.

ඒනිසා ශානිලාට නවත්තන්න උන තැනින් පටන් ගන්නයි තියෙන්නේ.

ඒනිසා රනිල් ඔයා බොරු ජිමික් නොදා හරියට වැඩේ කරන්න.


K Sanjeewa(කේ සංජීව)
දේශපාලන හා සමාජ විශ්ලේෂක


(උපුටා ගැනීම කේ සංජීව ෆේස්බුක් පිටුවෙන් ..).


සබැඳි පුවත :
චැනල් ෆෝ වීඩියෝවට පසු ආණ්ඩුව කරන්න යන වැඩේ





Chinthana Dharmadasa

'' මං නං කිසිම සැකක් බයක් නැතුව ඉන්නෙ රාජපක්ෂවරු අනිවාර්යයෙන් එංගලන්තෙට ගිහින් ඔය චැනල් 4 එකට නඩු දාලා තමන් නිවැරදියි කියලා ලෝකෙටම ඔප්පු කරන වග දන්න නිසා. මේක සුලුපටු අපහාසයක් නෙමෙයිනෙ. ඔය චැනල් එක පාඩමක් ඉගෙන ගන්නෙ රාජපක්ෂවරුන්ගෙන් තමයි ඕං..''


Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)






Uvindu Kurukulasuriya

මෙහෙමයි චැනල් 4 එකේ වැඩසටහනට හුකු හුකු ගගා ඉන්න එපා. විරුද්ධ අය පැමිණිලි කරන්න. හොඳම පැමිණිල්ල දාල ප්‍රතිඵල ගන්න කෙනාට මාත් දුර්ලභ පොතක් වගේ දෙයක් තෑග්ගක් විදියට දෙන්නම්. මෙහෙමයි පැමිණිලි කරන්නේ.


Through Ofcom's website. by telephoning Ofcom on 0300 123 3333 or 020 7981 3040. using Textphone number 18001 01925 650744. 


Uvindu Kuru(උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්