අපගේ ගැටවර කාලයේ මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ තරුණ බෑන්ඩ් කණ්ඩායමක් විය. ඒ බෑන්ඩ් එකේ නම තේරුම් ගැනීම හා උච්චාරණය බොහෝ අයට අපහසු විය. 

මා එකල විසූ මොරටුව නගරයෙහි එක්ස්පෝ නමින් කානිවල් එකක් තිබූ අතර, එහි ප්‍රචාරක රථයක් ලැයිස්පීකරයක් පරණ හිල්මන් කාරෙකක බැඳගෙන නගරය පුරා ගියේ, කානිවල් එකේ සෙල්ලම් කරන සංගීත කණ්ඩායම් ලැයිස්තුව මහ හඬින් නිවේදනය කරමිණි.



ඉහත සඳහන් කළ බෑන්ඩ් කණ්ඩායමේ නම ලෙස නිවේදකයා කීවේ 'කාඩිනල් අවුට්බර්ඩ්ස්' කියා  ය. (ඊට අමතරව එන ගායන කණ්ඩායම, සොහාන් ඇන් ද එක්ස්පෙන්සස් ලෙස නිවේදනය විය).

Cardinal's Outburst, ඕල්ඩ්‍රින් ගමගේ නමැති කඩවසම් තරුණයා ගේ නායකත්වයෙන් එකල පැවති තරුණයන් අතර ජනප්‍රිය ම බෑන්ඩ් කණ්ඩායම විය. කාලයාගේ ඇවෑමෙන් ඒ ගැන අපට අසන්නට නො ලැබිණ. ඒ බෑන්ඩ් කණ්ඩායමේ රසිකයන් වන අපට දැන් සතුටු විය හැකි ආරංචියක් ලැබී තිබේ. එනම් එම  සංගීත කණ්ඩායම නැවත ප්‍රතිසංවිධානය වී ඊයේ සවස සිට රීලෝන්ච් වූ බවත් සන්දර්ශන ගණනාවක් පවත්වන්නට කටයුතු දියත් කර ඇති බව ය.

ඕල්ඩ්‍රින් දැන් හඳුනාගන්නට බැරි තරමට වෙනස් වී ඇත. එහෙත් ඔහුගේ ගායන ශෛලිය නම් එදා වගේ ම සුපිරි ය. අවුට්බර්ඩ් සංගීත කණ්ඩායම කළේ කවර් ගීත ගායනා කිරීම ය. එනම් ඔවුන්ගේ කියා ගීත කියා දෙයක් නොතිබුණ අතර, කාගේ හෝ  ගීතයක්, මුල් ගීතයටත් වඩා ලස්සනට ගැයීමට ඔවුන් දැක්වූ කුසලතාවය නිසා ඕනෑම වේදිකාවක ඔවුන් කැපී පෙනිණ. 

කාඩිනල් අවුට්බර්ඩ් කණ්ඩායම 2019 නොවැම්බරයේදී දී ගැයූ කවර් ගීයක වූයේ  "වේක් අප් අර්ලි - වෝට් ෆො ද කන්ට්‍රි" ගීතය යි. එදා ගැයූ "අරුණ-ගී" ශානරයෙන් මේ වන විට අවුට්බර්ඩ් මාරුවී දැන් ගයන්නෙ විරෝධාකල්ප ශානරයේ හෙවත් "පොටෙස්-ගී" බව ඊයේ නිකුත් වූ ඇල්බමයෙන් පැහැදිලි වේ. එම ඇල්බමයේ එන "ලොවේ සැමා මෙහෙට වරෙවු... සාක්කු පරීක්ෂණ අරඹවු"  ගීතය මේ වන විටත් වයිරලස් වී ඇත.



බාබර බැරෝමීටර - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උදන් ප්‍රනාන්දු ගේ ෆේස්බුක් පිටුවෙන්. )



Anida


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්