කොපි කරන එක සම්මාන දෙන එකට බලපාන විදිහ වෙන කතාවක්.



ඒත් කොපි කරලා කවර නෙමෙයි වෙන ඕනම දෙයක් කරනවට මං පක්ෂයි.

කොපි කරලා හොඳ කවරයක් කරන එක ස්වතන්ත්‍ර gu කවරයක් කරනවට වඩා හොඳයි.

හැබැයි ඔය සම්මාන සිද්දියෙ මෙහෙම එකක් තියෙනවා. කොපි කරපු එකාටත් කොපි කරන්න රහක් තිබිලා තියෙනවා. සම්මාන දීපු උන්ටත් මොනා වුනත්  දැක්කම හොඳ දෙයක් තෝරන්න පුළුවන්කමක් තිබිලා තියෙනවා.

ඒ කොපි කරපු කවරය ඒ අන්තර්ගතය එක්ක හොඳට සෙට් වෙනවා නම් ඉතිං ඒක ඔරිජිනල් එකක් වෙනවා.



කොපි කළාට කොපි කළ නොහැක

ලෝකෙ කිසිම දෙයක් කාටවත් කොපි කරන්න බැරිය. කොපි කරන මොහොතේම එයින් ඔරිජිනල් එකක් බිහිවන නිසාය.

දෙයක් එහි කාල අවකාශ රාමුවෙන් ගලවා නැවත පිහිටුවන මොහොතේ එතන මුල් කෘතිය නැත.

කොපිය විසින් මුල් කෘතියට නව අර්තයක් සම්පාදනය කරයි.

කොපියෙන් පසුව පවතින්නෙ කලින් පැවති ඔරිජිනලය නෙමෙයි .

කොපිය වෙනත් කාලයක වෙනත් අවකාශයක අලුතෙන් උපදින දෙයකි.

ඔරිජිනල් ගැත්තන් විසින් නිරන්තරයෙන් කොපි අවතක්සේරු කරයි.

එසේ කරන අය ඇත්තටම කොපියේ පමණක් නොව ඔරිජිනල් එකේද වටිනාකමක් නොදනී.

-cult-


Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image