පාස්කු ප්‍රහාර පිළිබඳව අනතුරු අඟවා තිබියදීත් ඒවා වළක්වා ගැනීමට අපොහොසත් වීමේ චෝදනාවට වරදකරු වූ එවක ජනපති මෛත්‍රිපාල සිරිසේනට ඒ වෙනුවෙන් විශාල වන්දි මුදලක් ගෙවීමට නියමව තිබේ.

මේ වන විට සිරිසේන එම වන්දියෙන් කොටසක් ගෙවා ඇත. නමුත් වහාම මස් රාත්තලම දෙන ලෙස ඉල්ලා දෙවියන්ගේ නියෝජිතයන් මිහිපිට උසාවියට ගොස් ඇත.

නමුත් මුළු වන්දි මුදලම ගෙවීමට තමන්ට අපහසු යැයි කියමින් සිරිසේනගේ පෙරකදෝරුවන් අධිකරණයට දන්වා තිබේ. ඒ කියන ගමන් සිරිසේන වෙනුවෙන් කතා කරන පෙරකදෝරුවන් කියා තිබෙන්නේ චැනල් හතරේ චිත්‍රපටයෙන් පාස්කු ප්‍රහාර පිළිබඳව අලුත් කරුණු ඉදිරිපත් වී ඇති බැවින් ඒවා සැලකිල්ලට ගෙන සිරිසේනගේ නඩුව නැවත සලකා බලන ලෙසය. අලුත් කරුණු කියන්නේ අර මවුලානගේ අතේ කෝට් බොරු වෙන්න ඕනා.

සිරිසේනගේ වන්දිය අඩු කිරීම කෙසේ වෙතත් පෙරකදෝරුවන් හදන්නේ සිරිසේනට හිරබත් කවන්නද? චැනල් හතර චිත්‍රපටයේ කියන්නට හදන්නේ පාස්කු ප්‍රහාර සඳහා වගකිව යුත්තේ ලංකාවේ බුද්ධි අංශ කියාය. බුද්ධි අංශවල නායකයා වන්නේත් එවක ජනපතිය. එනම් සිරිසේනය. ඒ අනුව චැනල් හතර චිත්‍රපටයේ කරුණු සැලකිල්ලට ගන්නවා නම් එයට ප්‍රධාන වශයෙන් වගකිව යුතු වන්නේ සිරිසේනමය. පෙරකදෝරුවන් හදන්නේ සිරිසේනට අලුත් නඩුවක් පටලවා වන්දි මුදල දෙගුණ තෙගුණ කරවීමටද? 

චැනල් හතර චිත්‍රපටයෙන් සිරිසේනව බේරන්නට උත්සාහ දරා තිබේ. සිරිසේනව උස්සගෙන විත් ජනාධිපති කළ සිරස මාධ්‍යකරුවන් චැනල් හතර චිත්‍රපටයට මෙරට සිට සාදර නිෂ්පාදන දායකත්වය දුන්නේ යැයි සරත් කෝන්ගහගේ සිදු කළ හෙළිදරව්වෙන් කියැවේ. සිරිසේනව බේරීම සිරසට වාසිදායකය. නොඑසේ නම් පාස්කු ප්‍රහාර සහ සිරස අතර කිසියම් සම්බන්ධයක් ගැන සිරිසේන දන්නවාද? සිරිසේනව බේරන්නට හදන්නේ ඔහුගේ තිරිංග නැති කට වහන්නද?



ඇතැම් මුස්ලිම් ජාතිකයන් හදන්නේ කෙසේ හෝ තම වර්ගයා විසින් සිදු කළ සාහසික ත්‍රස්ත ප්‍රහාරවල වගකීම බෞද්ධ සිංහලයන් පිට දමා සිය සනුහරයට වැදී තිබෙන මහා විලිලැජ්ජාවෙන් ගැලවීමටය. සිරිසේනගේ පෙරකදෝරුවන් අතර එවැනි මුස්ලිම් ජාතිකයන් සිටීද කියා සිරිසේන මිසක් අප දන්නේ නැත. පාස්කු ප්‍රහාර ගෝඨාභය පිටින් යවන්නට ගත් උත්සාහය දැන් සම්පූර්ණයෙන්ම විහිළුවක් බවට පත්ව තිබේ. කතෝලිකයෝ එම චිත්‍රපටයේ අතාර්කික පරස්පරයන් දැක මුවින් නොබැන අහක බලාගත්තෝය. කාර්දිනල් ලෝක ලැජ්ජාවට පත් විය. එහෙනම් දැන් මේ හදන්නේ එය සිරිසේනට හරවා ඔහුව හිරේ යවන්නද?

සිරිසේන යනු ලක් දේශපාලනයේ වැඩිපුරම අවභාවිතයට ලක්වූ අවාසනාවන්තම චරිතයයි. එතරම් උගත්කමක් හෝ ශිෂ්ට සම්පන්න හැදියාවක් හෝ නොමැති සිරිසේන විවිධ අය විසින් විවිධ අවස්ථාවල එහෙට මෙහෙට ඇදීමට ලක්වෙන ඉත්තෙකු පමණී. ඔහුටත් ඒ ගැන වගේ වගක් නැත. ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද අත්ව තිබෙන ඉරණම පෙන්නුම් කරන්නේ සිරිසේනගේ එම දුර්වලකමයි. අඩුම තරමින් චැනල් හතර උගුලටවත් ඔහු අසු නොවේවා කියා අපි පතමු.

ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023 සැප්තැම්බර් 18


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image