අහලා තියෙනවද සිංදුව? Boney M ලා කියන්නේ. 1978 විවෘත ආර්චිකේ සමග ලංකාවට ආව

ඩිස්කෝ ගීතයක්. නිර්මාල් දේවසිරිගේ සමකාලීනයන් බෙල් බොටම් ගහගෙන නටපු ගීතයක්.

මේ වෙලාවේ ගිනියම් වෙමින් තිබෙන ඊශ්‍රායලයට මේ ගීතය සම්බන්ධයි. ගීතයේ වචන එන්නේ බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ Pslam 137 න්.

“By the rivers of Babylon, there we sat down, yea, we wept, when we remembered Zion.

Rivers of Babylon

බයිබලයේ කියන හැටියට මේ සිදුවීම වෙන්නේ ක්‍රි.පූ. 6 වැනි සියවසේ බැබිලෝනියාවේ හෙවත් නූතන ඉරාකයේ. මේ පැත්තෙන් ශාක්‍ය ජනපදයේ සිද්ධාර්ථ ගෞතම කුමාරයා ඉපදෙන්න වසර දහයකට පහළොවකට විතර කලින්. සමහර විට ඉපදිලත් ඉන්න ඇති. දුර්වල වෙමින් තිබුණු යුදා රාජධානියට මාරක ප්‍රහාරයක් එල්ල කරන බැබිලෝනියානුවන් යුදෙව්වන්ගේ පරම පූජනීය ජෙරුසලම බිමට සමතලා කළා කියනවා. පරාජයට පත්වුණු යුදෙව්වන් ජීවග්‍රහයෙන් අල්ලගෙන වහලුන් විදිහට අරගෙන ගියාලු බැබිලෝනියාවට.

මෙතන කියන rivers අර අපි පොඩි කාලේ ඉතිහාසයට ඉගෙන ගත්ත යුෆ්රටීස් සහ ටයිග්‍රස් ගංගා දෙකලු. යුදා දේශයේ වැසියන් හෙවත් යුදෙව්වන් හෙවත් ඊශ්‍රායල් ජාතිකයන් ඔවුන්ගේ මව්බිමෙන් බොහෝ ඈත විදේශයක සිරකරුවන්ව නුහුරු නුපුරුදු ගං ඉවුරක නැවතිලා තමන්ගේ වේදනාව ගැන යාදින්නක් කීවාලු දෙවියන්ට.


Jerusalem
සහ රාන්ගේ එකෙක් පාස්කු ඉරිදා ගැහුව දේවස්ථානයක් නම් කරලා තිබුණේ සයන් නමින්. සයන් කියන්නේ ජෙරුසලමට යුදෙව්වන් කියන නමක්. යුදෙව්වන්ගේ මහා රජු ඩේවිඩ් හදපු ලස්සන නගරය. එයා තමයි ගොලායත් යෝධයව එක ගල් පහරින් නැසූ පොඩි කොල්ලා. ඒ ජේසු බිළින්දා ඉපදෙන්න වසර 1,000 කට විතර කලින්. ඊශ්‍රායල්වරුන්ට තියෙනවා ඔය භූමියට ලිඛිත ඉතිහාස ඔප්පුවක්. එතන ශිෂ්ටාචාරය හැදුවේ ඔවුන්.



ඔය බයිබල් ගීතිකාව කිහිප දෙනෙකුම සංගීතවත් කර තිබෙනවා. වඩාත්ම ජනප්‍රිය වුණේ Boney M ලාගේ වර්ෂන් එක. ඇමරිකාවට වහලුන් ලෙස කුදලාගෙන ගිය අප්‍රිකානු කළු ජාතිකයන්ට මේ ගීතිකාව අදාළයි. රස්තෆාරිලා යුදෙව් ගෝත්‍රයකින් පැවත එනවා කියා ඔවුන් විශ්වාස කරනවා. වසර දහස් ගණනකට පෙර ගං ඉවුරක මිමිණුව සෝ ගීතය අදටත් අපේ දෙසවන් පුරා රැව්දීම දේව හාස්කමක් කියා ඔවුන් හිතනවා ඇති.

යුදෙව්වන්ට පුදුම දෛවයක් ඔවුන්ගේ දෙවියන් දීලා තියෙන්නේ. ඔවුන්ට ඔවුන් හදාගත්ත ශුද්ධ වූ භූමියේ ඉන්න දෙන්නෙම නැහැ. කවුරු හරි ඇවිල්ලා ගහලා එලවනවා. මම මේ කල්පනා කළේ ඊයේ පෙරේදා අර හමාස් ත්‍රස්තයන් ඊශ්‍රායලයට පැනලා ජීවග්‍රහයෙන් අල්ලාගෙන පැහැර ගෙන ගිය ගැහැණු පිරිමි පොඩි දරුවන් සමහර විට ගායනා කරනවා ඇති නේද… “බැබිලෝනියාවේ ගං ඉවුරේ බිමට පහත් වී අපි හැඬුවා මතක් වී අපි උන්හිටි තැන්…”

ධර්මය අපට මග වේවා!


eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023 ඔක්තෝබර් 10

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්