අව්නර්: උඹල ඔහොම යුදෙව්වෝ මරණකොට ලෝකය හිතයි උඹල සත්තු කියල.


අලි: ඔව්, එතකොට ලෝකය දකියි ඔය කියන ලෝකය අපි සත්තු බවට පත්කළේ කොහොමද කියලත්. ඔවුන් එදාට අපේ සත්ව කූඩු වල තත්වය ගැන කතා කරන්න පටන් ගනියි.

අව්නර්: අලි...උඹට පුළුවන්ද එක දෙයක් මට කියන්න?

අලි: ඔව්...අහන්න

අව්නර්: උඹට ඇත්තටම උඹේ තාත්තගේ ඔලිව් ගස මඟ ඇරුන ද? ඕක මහා ලොකු ධන නිධානයක් ද? ආපහු ගන්න තරම් ඕකේ මහා ලොකු දෙයක් තියනවද? ඔය මැටි පොළොව? ඔය හුණුගල් පොළොව? ඔය ගල් බිත්ති...උඹලගේ ළමයින්ට අයිති කරලා දෙන්න ඕනි ඔය මැට්ට ද?

අලි: අනිවාර්යයෙන් ම ඔව්. ඒ වෙනුවෙන් තව අවුරුදු සිය ගණනක් යාවි. හැබැයි අපි දිනනවා. යුදෙව්වන්ට උන්ගේ රට හදාගන්න කොච්චර කල් ගියාද? ජර්මනියට උන්ගේ රට හදාගන්න කොච්චර කල්ගියාද?

අව්නර්: ඔව්..ඉතිං ඒවා සාර්ථක උණා නේ..

අලි: රටක් නැහැ (ගෙදරක් නැහැ) කියන එක උඹට තේරෙන්නේ නැහැ අව්නර්. ඒකම තමයි යුරෝපීය නරින්ට නොතේරෙන එකම දෙය. උඹල කියන්නේ, ''ආ ඒක මොකක්ද...ඕක සුළු දෙයක් නේ". ඒත් රටක් නැතුව ඉඳල බලපල්ලා. එතකොට තේරෙයි ගෙදරක් නැතිකමේ තියන අවුල.

ඕක සුළු දෙයක්නේ කිව්වට උඹට ආපහු එන්න ගෙදරක් තියනවා. හැබැයි අපිට නැහැ. ETA, ANC, IRA වගේ උන් ඔක්කොම බොරුවට උඹලගේ මූණට කියන්නේ උන් උඹලගේ ජාත්‍යන්තර විප්ලවේට සහයෝගය දෙනවා කියල. හැබැයි අපි බොරු කියන්නේ නැහැ. අපිට උඹලගේ ජාත්‍යන්තර විප්ලවයෙන් වැඩක් නැහැ. අපිට ඕනි ජාතියක් බවට පත්වෙන්න. ගෙදරක් හදා ගන්න.

ගෙදරක් නැතුව වෙන මොනවා තිබ්බත් වැඩක් නැහැ....

Home is everything. 



Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්