අයිතිවාසිකම් රකින්නට දරුවන් හැදූ සුදර්ශණගේ අම්මා ගියා..
අයිතිවාසිකම් රකින්නට
දරුවන් හැදූ
සුදර්ශණගේ අම්මා
ගියා ඒ චිම්නියෙන්
ඌ දාපු පින්තූර
දැනුනා මගේ හදවතට
කඳුලු ආ දා සිහි උනා
මගේ සුදු අම්මා යත්දී
ඒ රථ පෙරහැහැරේ
නුවර හරහා
ඔව් මහනුවර හරහා
ඒ කාරයට අත තියා ඉදිරියෙන් ගාම්භීරයෙකු ලෙස
ගිය ලපටියා මම වෙමි
නිරායාසයෙන් ආ ඒ කඳුලු
සිහිවේ නැවත නැවතත්
තාත්තාගේ කිසිදා නොදුටු කඳුලු දැක්කේත්
ඒ චිම්නියෙන් ඇය නික්ම යන විටය
කනත්තක
මගේ දෑසට කඳුලු ආවේත්
සුදු අම්මා නික්ම ගිය
ඒ චිම්නියෙන්ම තාත්තා නික්ම ගිය දාය
මොන කරුමයකටවත් නොහඬන්නට
පුහුනු කල මම
එදා සිට අඬමි
අඬමි
උඹත් අඬපන් සුදර්ශන මේ චිමිනි දුම් අස්සෙන්
මගේ දුම් දකින්නට උඹටවත්
උඹේ දුම් දකින්නට මටවත්
නොහැකිවන්නේ අපට
මහජන මුදලින් සොහොන් කොත්
......
එක්කො ඕනේ නැහැ මචං
සොහොනක් තියා දුමක්වත් නැති අපේ සගයින් කොතරම්ද?
(උවිඳු කුරුකුලසූරිය- කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ)