පසුගිය ජනාධිපති වරනයේදී
"ගොඨාභය රාජපක්ෂ"දිනවීම උදෙසා 
සහය දිනිමි.
එයට හේතු ගණානාවක් ම විය.
 
පළමුවැන්න,
 
 පැවති, පවතින ධනපති ක්‍රමය තුළ එකී තනතුරට ඉදිරිපත්වූ අපේක්ෂකවරැක් අතරින් (දිනිය හැකි)
වඩා සුදුස්සා ඔහු වීමයි.
 
ප්‍රතිවාදී අපේක්ෂක සජිත් ප්‍රේමදාසට වඩා
ඔහු ඉදිරියෙන් සිටියේය.
 
 
දෙවැන්න,
 
 මා පුද්ගලිකව විස්වාස කරන දේශපාලන දහම කොමියුනිස්ට් වාදය වුවත්
එම ව්‍යාපාරයන් හී නිරතවුන් පිළිබඳව ලබා ඇති ප්‍රායෝගික අත්දැකීම මත
ඔවුන් හරහා ලබන සමාජවාදයක් පිළිබඳ
විස්වාසයක් නොමැති වීමයි.
 
පවත්නේ ධනපති ක්‍රමය වූ අතර, ප්‍රායෝගික යථාර්තයද එයම වූ තත්වයන් තුළ
එම ක්‍රමයේ වඩා හොඳ නියෝජිතයා තෝරා ගැනීම කළ යුතුව තිබින.
 
 
තෙවැන්න,
 
පසුගිය සමයේ ලෝක විශේෂයෙන් ආසියාකරයේ දේශපාලන අත්දැකීම වූ
"රටට ආදරය කරන ඒකාධිපති පාළන තන්ත්‍ර හරහා සිංගප්පූරුව වැනි රටවල් කිහිපයක්
සංවර්ධිත.තත්වයට පත් වූ අතර,
එම පූර්වාදර්ශය තුළ
මෙරටද එවන් අවස්ථාවක් උරගා බැලීමයි.
 
 
සිවුවැනුව 
 
දිවයිනේ ඉහත එම අපේක්ෂාව පෙරදැරි කරගත් පුද්ගලයන් සහ බලවේග
ඉහත එම තත්වයන් තුළ ඔහු වටා රාශිභූතව හිදීමයි.
 
 
 
නමුත් වර්තමාන රජයේ ක්‍රියාකාරීත්වයන් තුළඑම අපේක්ෂා බිඳ වැටෙන තත්වයක් පවතින බව කිව යුතුව ඇත.
මෙතැනදී එදා මා හා ගැටුන පාර්ශවයෝ
 
"ඕක අපි කිවුවා!"ආදී වශයෙන්
"උඩදාන බත්"වන් කොමෙන්ටු පල කරනු ඇත.
 
 
ඒ අයට නම් කිව යුත්තේ,
ඒ අය "බිහිකරන්නට ගිය රජයට වඩා" නම්
පවතින රජය "තවමත් හොඳ"බවය.
 
 
ඔහු විසින් එදා
"රට හැදීමට වුවමනා බලය"
ඉල්වා සිටින ලද අතර
එම බලය ජනතාව විසින් ලබා දෙන ලදී.
 
 
නමුත් එමඟින් 
"ජනතාව අපේක්ෂා කල
පියවරයන් නිසි ලෙස ගනු නොලබන" බවක් සේම  'අව්‍යක්ත දේශපාලන තීන්දු ගන්නා" බවක්ද පෙනී යයි.
 
මෙහිදී අප විසින් ඉහත දේශපාලන තීරණ
 ගනු ලැබූයේ  "පුද්ගලික න්‍යාය පතුයක"ට නොවන අතර,
ඉන් ලබා ගත් කිසිවක් ද නැති
බවද මෙහිලා සඳහන් කළ යුතුමය..
 
 
අවසාන වශයෙන් පැවසිය යුත්තේ
"රජයට නිවැරදි වීමට"
 තවමත් අවස්ථාව ඇති බවත් 
එය එසේ නුවූවහොත්
ඉතිහාසය විසින් ඔවුන්වද
"කුණු කූඩයකට දමනු ලබනු ඇත "යන්නයි.
 
 
( කමල් පී අලහකෝන්ගේ ෆේස්බුක් පිටුවෙන් ...)
 
 
කියවන්න 
 
 
###################
 
The Leader TV පුවත් විකාශය  
 
රට විරුවන් ජනපතිට ශාප කරයි ශාපෙන් බේරෙන්න නාමල්ගෙන් ප්‍රකාශයක්! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්