එක්සත් ජනපදයේ 46 වෙනි ජනාධිපති හැටියට දිවුරුම් දීල මොහොතකින් ජෝ බයිඩන්
(ජෝසප් ආර් බයිඩන් ජූනියර්) පොරොන්දුවක් දුන්න.
 
ඒ ජනවාරි 06 වෙනිදා ආයුධ ගත්ත කලහකාරීන් කඩා වැදුන කැපිටල් මන්දිරය ඉස්සරහ ඉඳගෙන.
 
“මම ඔබට මේ ප්‍රතිඥාව දෙමි. මම සියලු ඇමෙරිකානුවන් සඳහා ජනාධිපති වෙමි. සියලු ඇමෙරිකානුවන් (සඳහා). එමතු නොව, මට සහය දුන් අය වෙනුවෙන් මෙන්ම සහය නොදුන් අය වෙනුවෙනුත් සටන් කරන බවට මම ඔබට පොරොන්දු වෙමි.”
 
මට ඡන්දෙ දුන්නේ එක ජාතියක් විතරයි කියල සුළු ජාතීන්ට දෝෂාරෝපණය කරපු නායකයෝ මට මතක් වුනා.
 
ජාතීන් අතර සමගිය ප්‍රවර්ධනය කරන, රටක ජාතියක උන්නතිය වෙනුවෙන් කටයුතු කරන නායකයනුත්, මිනිස්සු බෙදා වෙන්කරන නායකයනුත් අතර කොයිතරම් වෙනසක් තියෙනවද කියල මට හිතුන.
 
දිවුරුම් දීල ජාතිය අමතන ගමන් බයිඩන් මෙහෙමත් කීව.
 
140584608 10157555660562155 6790449188274000828 n
“සමගියෙන් තොරව සාමයක් නැත, එවිට පවතින්නේ උදහසක් පමණි; සමගියෙන් තොරව ප්‍රගතියක් නැත. සමගියෙන් තොරව ජාතියක් නැත, තිබෙන්නේ අවුල් ජාලයක් පමණි. මේ අභියෝගය සහ අර්බුදය පිළිබඳ අපේ ඓතිහාසික මොහොතයි. (අපේ) එකම ඉදිරි මග සමගිය පමණයි.”
 
නායකයෝ සහ කාඩ්බෝඩ් වීරයෝ අතර වෙනස කොයිතරම් ද කියල මට හිතුන.
 
ඒ නායකයාගේ නියෝජ්‍ය නායිකාව කළු ජාතික කාන්තාවක්; ඉන්දීය සම්භවයක් සහිත කාන්තාවක්. ලෝකේ බලවත්ම රටේ පළමුවැනි සුළු ජාතික උප ජනාධිපති. ඒ පදවියට පත්වුණ පළමු කාන්තාවත් ඇයයි.
 
 
කමලා දේවී හැරිස්.
 140770920 10157555653592155 7118514937014526306 n
 
 ජෝ බයිඩන් දිවුරුම් දීමේ උත්සවයෙ හිටියෙත් සුදු ජාතිකයෝ විතරක් නෙවෙයි.
 
තමන්ගේ කවි පන්තියකින් උත්සවය වර්ණවත් කළේ තරුණ කළු ජාතික කිවිඳියක්.
 
අමන්ඩා මෝගන්.
 
ලේඩි ගාගා ජාතික ගීය ගයද්දී උත්සවය රසවත් කළ ජනප්‍රිය ගායිකා ජෙනිෆර් ලෝපෙස් පෝටෝ රිකෝ (පුවෙර්තෝ රිකෝ) දෙමාපියන්ගේ දියණියක්.
 
 

106827181 1611164750059 gettyimages 1297455338 058a7737 20210120121938670

57684017 0e00 4b1f a022 5ab1f579ef8d XXX RD1 5051

67d218d3 945c 4afc a502 0bdea192dc67 XXX RD1 5167.1

 ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වෙනි ජනාධිපතිවරයාගේ පළමු දේශනය පුරාම විහිදුනේ සමගිය, එකමුතුව, බලාපොරොත්තුව සහ අධිෂ්ඨානය.
 
 
ඔහු දිගින් දිගටම එක වචනයක් අවධාරණය කළා.
 
 
සමගිය.
 
ඔහුගේ දේශනය පුරාම විහිදුනු තවත් වචනයක් තිබුන.
 
ප්‍රජාතන්ත්‍රවාදය.
 
කොයිතරම් මැතිරුවත් අපේ බොහෝ නායකයෝ ක්‍රියාවට නගන්න අකමැතිම වචනයක්.
 
බයිබලයේ අත තියල බයිඩන් දිවුරුම් දුන්නේ රටේ ව්‍යවස්ථාව දිවි හිමියෙන් රකිනවා කියල.
 
ඒත් රටේ නායකයා ව්‍යවස්ථාව අනුගමනය කරලා ආරක්ෂා කළ යුතුයි කියන වාක්‍යය අපේ රටේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මුල් කෙටුම්පතෙන් හැලිලා තිබුන.
 
දේශපාලන අන්තවාදය, සුදු ස්වෝත්තමවාදය, දේශීය ත්‍රස්තවාදය පරාජය කළ යුතු බව බයිඩන් කීව.
 
කැලෑ කපල පරිසරය විනාශ කරනවා වෙනුවට පරිසරය රැකගැනීමේ අවශ්‍යතාව ඔහු පෙන්නල දුන්න.
 
ඒ සියල්ල සඳහා වචන පමණක් ප්‍රමාණවත් නැති බව ජෝ බයිඩන් කීව.
 
ප්‍රජාතන්ත්‍රවාදී රටක වැදගත්ම දේ කියල ඔහු කීවේ සමගිය.
ජාතීන් අතර සමගිය. ජනකොටස් අතර සමගිය. ආගමික ජන කණ්ඩායම් අතර සමගිය. සුළුතර සහ බහුතර ජාතීන් අතර සමගිය.
රටේ සියලුම ජන කණ්ඩායම් එකමුතු කිරීම තමන්ගේ එකම අරමුණ බව ජනාධිපති ජෝ බයිඩන් දිගින් දිගටම අවධාරණය කළා.
ලෝකේ බොහෝ නායකයෝ වමට සිග්නල් දාල දකුණට කැරකෙන බව දිගින් දිගටම ඉතිහාසය පෙන්නලා දීල තියෙනව.
 
බයිඩන් කියන්නෙත් එහෙම නායකයෙක් ද, සැබෑ ජනතා නායකයෙක් ද කියන එක අනාගතය තීරණය කරාවි.
 
(සරෝජ් පතිරණ)
 
 
(Saroj Pathirana ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
 
 
 
(ඡායාරූප: අන්තර්ජාලයෙන්)
 
 
 

නීති සංගම් නිලවරණයේ මඩ කබායක්!
 
 
 
ඇත්තටම මේ පාස්කු ප්‍රහාරය පිටුපස හිටියේ කව්ද ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්