ජාතික ජන බලවේගය කියල 2020 චන්දෙ නිසා සවිඥාණික වෙච්ච සෙට් එකක් අද (18) ගාලු මුවදොරට එන්න කියල මුහුණු පොත පුරාම පෝස්ටර් පල කරල.

මේක සංවිධනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ද කට්ටිය. වමේ අය මේකට සහයෝගය පළ කරනවා මම දකිනවා. මට මේක ගැන ලොකු හැඟීමක් නැහැ. ඇත්ත කියන්න ඕනි. මොකද මේක මගේ සිහිනය නෙවෙයි.

අනික මට අනුව මේක ඇත්ත රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සහභාගී වීමක් නෙවෙයි. ජාතිකවාදී අක්ෂය ට එරෙහි අනික් දයලේක්තික අන්තය මෙහි තියන බව ඇත්තයි. ඒ නිසා කමක් නැහැ. යමක් කරන්න පුළුවන් නම් කමක් නැහැ. පලයල්ලා.

නමුත් මම X ව්‍යාපෘතිය ඇතුලට ආවේ මේ වගේ සිල්ලර දේවල් බලාගෙන නෙවෙයි. අපි X එක කියෙව්වේ මේ වගේ ගැමි සෙට් එකක් කරන තොරොම්බල් බලන්න නෙවෙයි. ඇත්තටම පරණ වමේ වේදිකාවල ට යන්න නෙවෙයි අපිට 88,89 ආතතියෙන් පස්සේ ඕනි උනේ.

text 93අපි ජේ. ආර්. ගෙන් එළියට ආපු උන්. අපි 80 දශකයේ ඇහුවේ Queen ල ගේ මියුසික්. මයිකල් ජැක්සන්. මැඩෝනා. බැලුවේ Fatal Attraction. Queen ල සිංදු කිව්වේ සමාජයේ කොන්ගත කල misfit අයට. කෙල්ල උඩට අරගෙන සෙක්ස් කරන හැටි අපි දැන ගත්තේ ඒ ෆිල්ම් වලින් (බිතු සිතුවම් වලින් නෙවෙයි). අපි වෙනස් උනේ ඒ විදියට. පිටස්තරයා කියෙව්වේ. වෙනස් වෙන්න උත්සාහ කලේ පුළුවන් විදියට. ඒ කාලේ තමයි ප්‍රවාද එන්නේ. ඊට පස්සේ මාතොට.

අමාරුවෙන් හරි අම්ම අප්පච්චි දුන්න සල්ලි වලින් ඩෙනිම් ඇන්දේ...අමාරුවෙන් Creedence Clearwater, Bruce Springsteen, බොන් ජෝවී, ලෙනන්, පෝල් මැකානි, සයිමන් ඇන්ඩ් ගාෆන්කල්, ස්ටින් ගේ සිංදු ඇහුවේ. මම බලාපොරොත්තු වුනේ 60 දශකයේ Woodstock වගේ උත්තේජනයක් මේ බුර්ෂුවා උමතුවට එරෙහිව.

දැනුවත්ව හෝ නොදැනුවත්ව X එක සෙට් වෙන්නේ මෙතනට. අපි සෙට් වෙන්නේ එතනට. අදටත් සැන්ඩර්ස් ල ඒ Woodstock ජෙනරේෂන් එකේ ව්‍යුත්පන්න වීමක්. Woodstock කෙසේ වෙතත් ජන බලවේගයේ කට්ටිය පේළියට පුටු තියල ඉඳගෙන පැය ගණන් කතා අහන්න. බලන්නත් ලැජ්ජයි.

මෝඩ ජ. වි. පෙ. ට විරුද්ධ ව, ගැමි විඥානයට විරුද්ධව අපි X එකට සෙට් උනේ. මම තාමත් එතන. අනික් අය වෙන තැන් වල.

X එක මගේ ප්‍රක්ෂේපනයක් මිසක් ඒ තුළ තිබ්බ දෙයක් (in itself) නෙවෙයි කියල මම දන්නවා. එයාලා ඒක ඔප්පු කරමින් ඉන්නවා. කමක් නැහැ.

Woodstock වලට ලක්ෂ හයක් මිනිස්සු ආව. ආදරය වෙනුවෙන්. මිනිස්කම වෙනුවෙන්. යුද්ධයට එරෙහිව. Universalism වෙනුවෙන්. සමලිංගිකයින්, ස්ත්‍රී වාදීන්, හිපියන්, සංක්‍රාන්ති අය ඔය ඔක්කොම ආව. දවස් ගණන් හිටිය කුඩාරම් නැතුව. Zizek කියන්නේ එයත් එක කාලයක හිපියෙක් කියල.

ජන බලවේගයට දැන් සෙනග ගේන්නේ කැළණි වඳින්නත් එක්ක. පුටු තියල ඉඳගන්න කකුල් කඩෙත්තු හැදුන එවුන්ට. බත් පාර්සල් දෙනවලු බඩගිනි උන්ට. හවසට ගෙදරට ගෙහිනින් අත අරිනවා සුව පහසුවට.

Woodstock කියන්නේ සහභාගී රැඩිකල් අවකාශයක්. Third-space එකක්. එහෙම එකක් ලංකාවේ එන්නේ නැහැ. ලංකාවේ තත්වය වෙනස් තමයි. එත් දිගහැරෙන සඥා ටික බලන්න. පරණ ජ. වි. පේ. ම යි. රැවුල් වවල. රතු කමිස ඇඳලා. අනුර අද දෙයි ටෝක් එකක් (පොර වෙලා) දුෂණය නැති කරන්න.

Woodstock එකේ ego පොරවල් හිටියේ නැහැ. මිනිස්සු හිටියේ.

පරණ වම ඉස්සරහා අපේ අය අපිව පවා දුන්නා. මම යටත් වෙන්න ලැහැස්ති නැහැ. ඒක කියන්න විතරමයි මේක ලිව්වේ.

අනික් අතට ජ. වි. පෙ. එයාලගේ අධිපති සඥා පාවා දීලා නැහැ. වේදිකාව එහෙමමයි. එකම දේ අපි යටත් වෙලා (දාන්න කියන්නකෝ ජැනිස් ජෝප්ලින් ගේ ෆොටෝ එකක්. සන්ටනා ගේ සිංදුවක්).

(පරස්පර බොහෝ දේ මෙතැන ලියැවී ඇති බව දනිමි. එනිසා සංවාද කිරීමට තරම් දෙයක් නැත. මම ලිව්වේ මගේ ඇත්ත හැඟීම. Woodstock මගේ සිහිනයක් විතරයි. ඒ නිසා බනින්න එපා ..ගෝඨා ඉදිරියේවත්, ජ. වි. පෙ. ඉදිරියේවත්, රනිල් ඉදිරියේවත් මම මගේ සිහිනය පාවා දෙන්නේ නැහැ).

පසුව ලියමි: කමක් නැහැ අවුල් නම් බැනපල්ලා...

මේ ලිපියට බොහෝ දෙනා දක්වා තිබූ ප්‍රතිචාර මෙසේය.

Reply

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්