අටසිය පහළොවේ පටන් ගත්ත අපේ රටේ නිදහස් අරගලය අඛණ්ඩව ඉස්සරහට ආවේ නෑ. ඒක තැන් තැන්වලින් කැඩුණා. 
 
ඒත් නිදහස් ඉල්ලලා සටන් ඇවිලිලුණ හැම වෙලාවකම අපේ රටේ මිනිස්සු දස දහස් ගනනින් නිදහස් අරගලය වටේට එකතු උනා. 
 
නිදහස වෙනුවෙන් සටන් කළ වීරයෝ අතර ප්‍රධාන චරිත තුනක් අපේ හිත්වල අදත් ජීවත් වෙනවා. ඒ වීර කැප්පෙටිපොල, වීර පුරන් අප්පු, අනගාරික ධර්මපාල.
 
එයාලා තමයි ඒ නිදහස් අරගලයට වකවානු තුනකදී නායකත්වය දුන්නේ. 
 
කැපෙට්ටිපොල හා පුරන් අප්පු සුද්දන්ට එරෙහි අවිගත් නැගිටීම් දෙකකට නායකත්වය දුන්නා. එයාලා සුද්දට එරෙහිව නිර්භීතව අවි ඔසවපු වීරයෝ. නිදහස වෙනුවෙන් ජීවිත දුන්න උත්තුංග මිනිස්සු. 
 
එහෙම දස දහස් ගානක් මිනිස්සුන්ගේ ලේ උඩ තමයි අද අපි හිටගෙන ඉන්නේ. 
 
අනගාරික ධර්මපාලතුමාගේ සටන ඊට වඩා වෙනස් එකක්. ඇත්තටම ඒක මතවාදී සටනක්. අවිහිංසාවාදී සංකල්ප මත කරපු දැවැන්ත මතවාදී අරගලයක්. ධර්මපාලතුමාගේ ඒ මතවාදී අරගලයේ පදනම වුනේ බෞද්ධ දර්ශනය. බුදු දහම. 
 
ඒ හරහා තමයි එතුමා අමද්‍යප ව්‍යාපාරය ගොඩනගන්නේ. හරක් මස් කෑමට එරෙහිව ප්‍රභල මතයක් රට ඇතුළේ ගොඩනගන්නේ. ගම් නිගමනය ගම් තිරසාර යමින් එතුමා නිදහසේ පණිවිඩය බෙදුවා. අධිරාජ්‍ය විරෝධය ගොඩනාගුවා. ලංකාවේ නැවතත් බෞද්ධ පුනරුදයක් ගොඩනැගුවා.
 
ඒ නිසා අනගාරික ධර්මපාලතුමා හැමදාම ලාංකීකයින්නේ හිත් තුල ජීවත් වෙන මිනිහෙක්. බෞද්ධ සමාජය ඇතුළේ මහා ගෞරවාදරයකට පාත්‍ර වෙච්චි චරිතයක්. හරියට ඉන්දියාවට මහත්මා ගාන්ධි වගේ තමයි අපට අනගාරික ධර්මපාල.
 
 
අනගාරික ධර්මපාල කියන්නේ අපට Symbol එකක්. ඒ නිසාම තමයි අපිට ධර්මපාල දිනය කියලා එකක් හම්බ වෙන්නේ. ඒක නිසා තමයි රට පුරා ධර්මපාල නමින් හතු පිපෙනවා වගේ සංවිධාන බිහිවෙන්නේ. ඒක නිසා තමයි ධර්මපාල පරපුර කියලා අලුත් තරුණයා ශ්‍රී දේවමිත්ත ධර්මපාලව සොයා යන්න පටන් අරන් තියෙන්නේ. 
 
 
ඉතිහාසයේ පටන් මේ හැම දේකටම රාජ්‍ය අනුග්‍රහය හම්බ උනා. විශේෂයෙන් බුද්ධශාසන අමාත්‍යාංශය වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් ධර්මපාලතුමා ගැන වැඩසටහන් රටපුරා ක්‍රියාත්මක වුණා. 
 
ඒක නිසා අද ජීවතුන් අතර නැතත් ධර්මපාලතුමා ඉස්කෝලේ ඉන්නවා, පන්ති කාමරයේ ඉන්නවා, දහම් පාසැලේ ඉන්නවා. මේ රටේ බෞද්ධ ප්‍රජාවගේ හිත් ඇතුළේ ඉන්නවා. ධරමපාල දිනය මහත් ගෞරවයෙන් සමරනවා.
 
ලෝකේ වැඩිම බේබද්දෝ ඉන්න රට ලංකාව වෙන්න පුළුවන්. ඒත් ධර්මපාලතුමා ආරම්භ කරපු අමද්‍යපය සංකල්පය තවම වැලලිලා නෑ. ඒක තවමත් මේ මහ පොළොව උඩ වලංගු සංකල්පයක්. ඒක පිලිපදින මිනිස්සු ලක්ෂ ගානක් තවමත් මේ රටේ ජීවත් වෙනවා. 
 
WhatsApp Image 2021 09 19 at 11.38.38 AM 
157 වෙනි ධර්මපාල දිනය සැමරුවේ වහලා තියෙන් බාර් ඔක්කොම ඇරලා..
 
 
ආණ්ඩුවක වගකීම තමයි ඒ මහා පුරුෂාර්ථ වැලලෙන්න නොදී රැක ගැනීම. හැබැයි මේ ආණ්ඩුව 157 වෙනි ධර්මපාල දිනය සැමරුවේ වහලා තියෙන් බාර් ඔක්කොම ඇරලා. ලොකු ජනතා සහභාගීත්වයකුත් එක්ක. කාටහරි කියන්න පුළුවන් ඔය දින කාටද අනේ මතක තියෙන්නේ කියලා. ඒක ධර්මපාලතුමාට අපහාස කරන්න කරපු වැඩක් නෙවෙයි කියලා.
 
රටේ රාළ ඒ අයට කියන්නේ මෙච්චරයි. හැම වෙසක් පෝයටම, පොසොන් පෝයටම සිල් ගන්න අගමැති කෙනෙක් ඉන්න රටක් මේක. හැම පුරපසළොස්වක පෝයටම ජනාධිපති මන්දිරයේ, අරලියගහ මන්දිරයේ බණක් කියන රටක් මේක. මේ රටේ ජනාධිපතිට උපදෙස් දෙන්න මාසයක් ගානේ රැස්වෙන බෞද්ධ උපදේශක සභාවක් තියන රටක් මේක. මල්වතු අස්ගිරි කියලා උභය පාර්ශවයක් වගේම නිකායගත හික්ෂු පරපුරක් ඉන්න රටක් මේක. එක කාලයක් තිබුනා අප්පච්චි පන්සලේම නැවතිලා හිටපු.
 
එහෙව් රටේ නායකයන්ට ධර්මපාල දිනය අමතක වෙන්නේ කොහොමද?
 
ධර්මපාලතුමා දුන්න අමද්‍යප සංකල්පය එතුමාගේ සමරුව දවසේම ඝාතනය කරන්නේ කොහොමද? 
 
රටේ රාළට කියන්න තියෙන්නේ මෙච්චරයි. ධර්මපාල දිනය දවසට මේ රටේ කවදාවත් බාර් වහලා තිබ්බේ නෑ. එහෙම ඕනිත් නෑ. 
 
  
හැබැයි දැන්වත් මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනි දෙයක් තියනවා. මෙයාලා ධර්මපාලව කර තියාගෙන යන්නේ මොන අර්ථයෙන්ද කියලා? බලය ගන්න සුදු රෙද්ද ඇදපු. ඒ වෙනුවෙන් සාටකය දාපු, බොරුවට සිල් ගත්තු. හොරට පන්සල් ගිය පවුලකට මේ රටේ මිනිස්සු රැවටිල්ලා. එයාලට ධර්මපාල නෙවෙයි. මිහිදු වටින්නෙත් නෑ. මිහිදු නෙවෙයි බුදුන් වටින්නෙත් නෑ. මේ හැම දේම එයාලා විකුණන්නේ බලය වෙනුවෙන්. ඒක නිසා එයාලට අපිට වගේ ශුද්ධ වූ කිසිම දෙයක් නෑ. 
 
 
දළදා මාලිගාව වටේ රේස් පැදපු, වෙසක් දවසේ කළු කොඩි දාපු අයගෙන් ධර්මපාල සංකල්පය රකින්න කියලා ඉල්ලන එක තරම් මෝඩ වැඩක් තවත් තියනවද?
 
එයාලා මේ හදන්න හදන්නේ වෙනම සංස්කෘතියක්. සංස්කෘතික උත්තරාරෝපනයක්. මේ රටේ පැලපදියන් වෙලා තියෙන සංස්කෘතිකයට ගහලා තමන්ගේ ඇමරිකන් සංස්කෘතික අපට බලහත්කාරයෙන් පටවන්න. ඒකයි මේ තරම් මුග්ධ විදිහට අපේ සංස්කෘතියට ගහන්නේ. 
 
ඒක නිසා අද ධර්මපාලලා වටින්නේ නෑ. අද වටින්නේ දුමීලා, සාරුවා සුනිල්ලා. 
 
මේයාලගේ ඔළුව උඩ මල්වටිටිය තිබුනට පිස්තෝලය ඉනේ තියනවා. බොරුවට නිළධාරින්ගේ පිට වරද පටවන්න එපා. 
 
157 වෙනි ධර්මපාල සැමරුව දවසේ බාර් ඇරීම දේශපාලන තීරණයක්. ඒක නිසා මේ ආණ්ඩුවට අමන මරි මෝඩ, ගොන්, තකතීරු, තක්කඩි. පිස්සු,මැටි, බූරු, කාලකණ්ණි..... ඔය ඕනි වචනයක් ගැලපෙනවා. කැමති කෑල්ල ඉස්සරහින් දාගෙන අමතන්නයි තියෙන්නේ. 
 
 
සර් සරම උස්සලා අනගාරික ධර්මපාලතුමාටත් පස්ස පෙන්නුවා.
 
 
එහෙනම් ගිහින් එන්නම්.
 
 
බුදු සරණයි.
ජයවේවා.
 
 
මීට
රටේ රාළ
 
 Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
 
 
 
 
 
 
 
 
 

THE LEADER TV 
 
බේබද්දෝද රාජ්‍ය ඇමතියෝය. 
 
 
සන්නා මහ රෑ ‌හෙළිකළ යු-ටියුබ් ගණිකාවෝ...!
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්