''මෙහි මම පලකරන්නේ 2019 ජනාධිපතිවරණය අතර තුර (2019 නොවැම්බර් 18 ) මා විසින් Gotabaya Rajapaksa  ජනාධිපතිවරයා එදා අපේක්ෂකයකු වශයෙන් ඔහුගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමින් ඔහුගේ
පුතුන්  වන මනෝජ් රාජපක්ෂ හරහා යොමු කල ප්‍රශ්නයක් සහ ඒ වෙනුවෙන් ගෝඨාබය රාජපක්ෂ අපේක්ෂකයා වෙනුවෙන් ඔහුගේ පුත් දමින්ද මනෝජ් රාජපක්ෂ මාහට ඒවා තිබුන පිළිතුරයි. 
 
ඒ අනුව ඔහු සදහන් කරන්නේ ඔහුගේ පියා භාෂණයේ නිදහස ඉතාමත් ඉහළින්ම අගය කරන අතර ජනතාවගේ එම අයිතිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි. 
 
පහුගිය වකවානුව පුරාවට සමාජ මාධ්‍ය තුල අදහස් ප්‍රකාශ කිරීම මත පුද්ගලයන් බොහොමයක් ප්‍රශ්න කිරීම සදහා CID වෙත කැදවා තිබුණත් අද දකින්ට ලැබුණු පුවත මාධ්‍යවේදීන් CIDය වෙත නොකැදවන ලෙස රජය විසින් උපදෙස් ලබා දුන් බවකි. 
 
කොහොම නමුත් එම ආරක්ෂාව පුවත් පත් මාධ්‍යවේදීන් හට මෙන්ම සමාජ මාධ්‍ය පරිශිලකයන් වෙතද ලබා දී ඔවූන්ගේද භාෂණයට ඇති නිදහස වගේම රජය ප්‍රශ්න කිරීමට ඇති නිදහස ආරක්ෂා කරනු ඇතැයි මම අපේක්ෂා කරනවා. 
 
මෙතෙක් කලකට පසු මෙය මම පලකරුනුයේ දමින්ද රාජපක්ෂ සිය පියා වෙනුවෙන් පලකල විශ්වාසය කාලින අවශ්‍යතාවක් ලෙස මා දකින බැවිනි. 
 
 
මොකද ඉස්සරහට අපි කගේත් නිදහසට මේ සටහන වැදගත් වේවි. අඩුම ගානේ තමගේ වචනය කෙසේවෙතත් ජනාධිපතිවරයා තමන්ගේ පුතාගෙ වචනයේ වත් ගරුත්වය රකින්න උත්සහ කලොත් ....
 
 242831208 4337160973058354 1709637660681929149 n
 
 
73458945 2519106564863813 4960409479934902272 n
 
(ඕෂල හේරත්)
දේශපාලන විශ්ලේෂක හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරික 
 
 (ඕෂල හේරත් ගේ ෆේස්බුක් පිටුවෙන්..)
 
 
 
මාධ්‍යවේදීන් CIDයට කැඳවීම ගැන කණගාටුව පල කරයි
 
 
 
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) කළ පැමිණිල්ලක් මත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් ප්‍රකාශ ලබා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවට කැඳවීමේ සිදුවීම ගැන පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.
 
එහි දැක්වෙන්නේ මෙම තත්ත්වය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය කාර්ය පටිපාටිය නොවන බවය.
 
විමර්ශන සඳහා මධ්‍යයක සහය ඉල්ලා සිටි අවස්ථාවලදී එම මාධ්‍ය ආයතන විසින් සහාය ලබාදෙන බැවින් මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සාමාන්‍යයෙන් සිදු නොකරන බව ද , මෙම නිවේදනයේ සඳහන් ය.
 
 
WhatsApp Image 2021 09 30 at 7.41.35 PM
 
 
 
පොලිස් මූලස්ථානය සිය නිවේදනයෙන් අපහසුතාවට පත්වූ මාධ්‍යවේදීන්ට කණගාටුව පලකර තිබේ.
 
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෘත්තීමය භාවයට කැළලක් වන අන්දමින් වගකීම් විරහිව, නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද මෙම නිවේදනයේ සඳහන් ය.
 
 
 
 
THE LEADER TV 
 
 
ස' ආපු ගමන් පී.බී. දොට්ට ! 
ගුවන් ‌තොටුපොළෙ හොස්පිටල් මාෆියාවක්! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්