රටේ රාළ දිගටම අපේ රට ඇතුළේ සිද්ධ වෙන ඉන්දියානු, ඇමරිකානු, චීන මැදිහත්වීම ගැන කතා කළා. අපි එයාලගේ ග්‍රහණයට අහුවෙලා ඉන්න හැටි කිව්වා
. මේ තත්ත්වය තුන් වෙනි ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් කියන අනතුරු ඇගවීමත් දිගටම කළා.
 
රටේ රාළ කිව්ව ඒ කතාව ඊයේ යථාර්ථයක් බව ඔප්පු වුණා. දැන් හරියටම කියන්න බැරි යුද්ධය පටන් ගන්න දවස විතරයි. ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකාව පාදක කරගෙන තුන්වන ලෝක යුද්ධය පටන් ගන්නවා.
 
ඒක Port City එකට එල්ලවෙන ප්‍රහාරයකින්, කොළඹ වරායෙන් චීනයට, ඉන්දියාවට දීලා තියෙන දකුණු හෝ බටහිර ජැටියකට එල්ලවන ප්‍රහාරයකින් හරි ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණට එල්ල වෙන ප්‍රහාරයකින් වෙන්න පුළුවන්.
 
කොහොම උනත් මේ තත්වය මෙතනට වර්ධන වෙච්චි විදිහ ගැන ආයෙත් පුංචි හරි මතක් කිරීමක් කරගත්තොත් හොදයි. 
 
රටක් විදිහට අපට දිගටම බටහිර අධිරාජ්‍යවාදයේ හා ඉන්දියානු ව්‍යාප්තවාදයේ බලපෑම එල්ල වුණා. 70 - 77 කාලයේදී අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක අනුගමන කරපු නොබැදි ප්‍රතිපත්තිය ඉදිරියේ ඒ මැදිහත්වීම සෘජුව සිද්ධ උනේ නෑ.
 
ඒත් 77 ජේ.ආර් බලයට පත්වීමත් එක්ක අපි අනුමනය කළේ ඇමරිකානු ගැති ප්‍රතිපත්තියක්. එදා ලෝක බලතුලනය ඉස්සරහා ඇමරිකාවයි ඉන්දියාවයි කියන්නේ එකිනෙකට ප්‍රතිවිරෝධී රටවල් දෙකක්. ඉන්දියාව හිටියේ සෝවියට් කදවුරේ. ඇමරිකාව ආසියාවට එනවාට එදා ඉන්දියාව ලොකු විරෝධයක් දැක්වුවා. ඒක නිසාම ඇමරිකන් ගැති ජේ.ආර් මට්ටු කරන්න ඉන්දියාව මැදිහත් වුණා.
 
WpZv8zHOJIr14H3C 1 
 
ජේ.ආර් යටත් කරලා ගහපු ඉන්දු ලංකා ගිවිසුම තමයි ඒකට හොඳම උදාහරණය. ඇත්තටම ජේ.ආර් ඉන්දියාවට යටත් වුණා. ඊට පස්සේ අපේ රටේ එකිනෙකට පරස්පර ඇමරිකානු ඉන්දියානු මැදිහත් වීම දිගටම සිද්ධ වුණා. Raw වගේම CIA ඔත්තු සේවා සක්‍රීය වුණා.
 
2005 මහින්ද බලයට එනවිට ලෝක බලතුලනයේ ලොකු වෙනසක් වෙලා. සොවියට් කදවුර බිද වැටිලා. චීනය ලෝක බලවතෙක් විදිහට නැගිටිමින් හිටියා. ලෝකය තුල දැවැන්තයන් කිපදෙනෙකු බිහිවෙලා වගේම බිහිවෙමින් තිබුණා.
 
ඇමරිකාව හා සෝවියට් කදවුර අතර නිර්මාණය වෙලා තිබුණා ද්වි ධ්‍රැවීය ලෝකය බහු ධ්‍රැවීය ලෝකයක් වෙමින් තිබුණා. නැගි එන චීන යෝධයා ගෝලීය වශයෙන් ඇමරිකාවේත්, ආසියාවේදී ඉන්දියාවේත් අභිප්‍රායයන් සුණුවිසුණු කරමින් වැඩෙමින් හිටියා.
 
 
ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද වේගයෙන් චීනය පැත්තට නැඹුරු වෙමින් හිටියා. ඇත්තටම මහින්ද අන්තිමට ශ්‍රී ලංකාව චීන කොළනියක් කලා. මහින්දගේ අදූරදර්ශී විදේශ ප්‍රතිපත්ති ඉස්සර අපේ රටේ ආර්ථිකය හා උපායමාර්ගික මර්මස්ථාන ගණනාවක්ම චීනයට අයිති වුණා. ඇත්තටම ඒක පාවාදීමක්.
 
 
මහින්දගෙන් පස්සේ බලය ගත්ත යහපාලනය ආණ්ඩුවත් තවත් මර්මස්ථාන චීනයට ප්‍රධානය කරමින් ලංකාව ඇතුළේ චීන බලය ශක්තිමත් කළා.
 
මෙතනදී  මහින්දටයි, රනිල්ටයි ඉන්දියානු, ඇමරිකානු වගේම චීන බලපෑමට යටත් වෙන්න සිද්ධ වුණා. විටින් විට චීනයට දුන්න දේවල්වලට හිලව් වෙන්න තවත් දේවල් ඉන්දියාවට හා ඇමරිකාවට දෙන්න සිද්ධ උනා.
 
ඇත්තටම මේ චීන ප්‍රතිවිරෝධයට එක්ව මුහුණ දෙන්න ඇමරිකාවට හා ඉන්දියාවට බල කෙරෙමින් තිබුණා. 
විශේෂයෙන් ආසියාවේදී. ඒක නිසා තමන් අතර තියෙන ප්‍රතිවිරෝධතා අවම කර ගෙන ඇමරිකාවයි, ඉන්දියාවයි චීනයට මුහුණ දෙන්න එකතු උනා. 
 
අද ලංකාව තුළ ක්‍රියාත්මක වෙන්නේ ඉන්දු - ඇමරිකා ඒකාබද්ධ මෙහෙයුමක්. නැගෙනහිර ආසියාව ඇතුලේ චින විරෝඩි යුද බලයක් දැන් එයාලා ගොඩනගලා ඉවරයි. ඉන්දු පැසිපික් කලාපයේ ඇමරිකාව, ඉන්දියාව, ජපානය හා ඕස්ට්‍රේලියාව ඒකාබද්ධ වෙලා මේ මොහොතෙත් ඉන්දු පැසිපික් කලාපයේ චීන නාවුක බලයට අභියෝග කරමින් ඉන්නවා.
 
Gotabaya 2021.0716 
මේ තත්වය යටතේ ඉන්දියාවට වගේම ඇමරිකාවට උපායමාර්ගිකව ඉතාම වැදගත් ශ්‍රී ලංකාව තමන් සතු කරන්න එයාලා උපක්‍රමයක් තේරුවා. ඒක ඉතාමත් දියුණු උපක්‍රමයක්. චීනය මට්ටු කරන්න තියෙන හොදම උපක්‍රමයත් ඒක. ඒ තමයි ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂට දේශප්‍රේමී සළපිලි අන්දවලා ජනාධිපති කළා.
 
 
අපේ රටේ මෝඩ තකතීරු දේශප්‍රේමීන් කියා කියාගන්න ගොන් රැලත් මේ උගුලට අහු උනා. දැන් ඇමරිකාව හා ඉන්දියාව තමන්ට රිසි විදිහට ගෝඨාභය පාවිච්චි කර ගනිමින් එයාලගේ මෙහෙයුම ක්‍රියාත්මක කරනවා. ගෝඨාභය ඊට අවශ්‍ය සියලු යටිතල පහසුකම් හැදුවා.
 
මේකේ ප්‍රධානම දේ තමයි බැසිල් රාජපක්ෂ මුදල් ඇමති බවට පත් කිරීම. අද ශ්‍රී ලංකා රාජ්‍යය සම්පූර්ණයෙන් හසුරුවන්නේ ඇමරිකන්කාරයෝ දෙන්නෙක්. එයින් වඩා බලවත් බැසිල්. 
 
බැසිල්ගේ පැමිණීමත් සමඟ අද සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවන්නේ එයා. ප්‍රතිපත්ති සැලසුම් හදන්නේ එයා. ඒවා සියල්ල ඉන්දු ඇමරිකානු උපාය මාර්ගයට ගැලපෙනවා ඒවා. 
 
මෙතනදී බැසිල් පාවිච්චි කර ගනිමින් ඉන්දියාව හා ඇමරිකාව මෙතෙක් මහින්ද අනුගමනය කරමින් හිටිය චීන ගැති ප්‍රතිපත්තිය සම්පුර්ණයෙන්ම ඉන්දියන් ඇමරිකන් ගැති ප්‍රතිපත්තියකට මාරු කරලා ඉවරයි.
 
අද ඔයාලට තේරෙනවා ඇති අපේ රට පාලනය කරන්නේ ඉන්දියාව කියලා. ඊයේ පෙරේදා ඉන්දියාව කරපු මැදිහත්වීම් වලින් ඒක පේනවා. අපේ රටේ ජනාධිපති අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයම ඉන්දියන් රූකඩ බවට පත් කරලා.
 
ඒ විතරක් නෙවෙයි එකපාරට මේ ආණ්ඩුව පස්ස හරවපු චීනය කුපිත කරන මෙහෙයුම් ගොඩක් දියත් කරලා. ඇත්තටම චීනයේ ඉවසීමේ සීමාව පැනපු දවසට යුද්ධය හැර වෙන විකල්පයක් නෑ.
 
රටේ රාළ මේ කතාව දිගටම කිව්වා. අපේ රටේ විපක්ෂ නායකයා මේ කතාව කියන්නේ නෑ. එයා චින විරෝධියෙක් උනාට ඉන්දියන් ගැත්තෙක්. ඒක නිසා අපේ රටේ ප්‍රධාන අරගලය බවට පත්වෙන්න ඕනි මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණයට එරෙහි සටන පක්ෂ විපක්ෂ ඒකාබද්ධ මෙහෙයුමකින් යටගහලා ඉවරයි.
 
සජිත් කියන්නේ දේශපාලන කොන්දක් නැති නිවට ඉන්දියානු රූකඩයක් කියලා රටේ රාළ බය නැතිව කියනවා. කොහොම හරි රටේ රාළ තනියම දැන් කාලයක් තිස්සේ කියන මේ කතාව ඇත්ත බව ඊයේ ඉන්දියාව ඔප්පු කරලා පෙන්නුවා.
 
ඒ දැන් ශ්‍රී ලංකාවට ඇවිත් අරලිය ගහ මන්දිරයේ මහින්දත් එක්ක බාල් නටන සුබ්‍රමනියම් සාමි.
 
ඊයේ එයා අපේ ඉහළම ආරක්ෂක ප්‍රධානීන් ඇමතුවා. අමතලා කිව්වේ අපේ හමුදාවේ නවීකරණයක් ගැන. ඩිජිටල් නවීකරණයක් ගැන. එයා කියන දේ කරන්න ඉන්දියන් හමුදා ප්‍රධානියත් දැන් ලංකාවට ඇවිත් ඉන්නේ. මිනිහා ඩිජිටල් නවීකරණයක් ගැන හමුදාවට උපදෙස් දෙනවා.
 
22 
 
මේ හදන්නේ වෙන මොකවත් නෙවෙයි ඉන්දියවට ඕනි විදිහට අපේ හමුදා ප්‍රතිව්‍යුහ ගත කරන්න. ඉන්දියානු සයිබර් අවකාශය ඇතුළට අපේ හමුදාව කොටු කරන්න. 
 
සුබ්‍රමනියම් ස්වාමි තමන්ගේ දේශනයට ගත්තේ ඉතා නින්දිත උදාහරණ. ලංකාවට පුංචි හමුදාවක් හිටියත් අපි අත්පත් කරගන්න සයිබර් ජයග්‍රහණත් එක්ක ඕනිම විශාල හමුදාවක් අපට පරාජය කරන්න පුළුවන්ලු. ඒක ඇත්ත. 
 
හැබැයි එයා මෙතනදී උදාහරණ විදියට ගත්තේ චීන හමුදාව හා රුසියානු හමුදාව. ඒක එයා හිතාමතාම කරපු දෙයක්. තමන්ට විරුද්ධව අනාගතයේදී නිර්මාණය වන යුධ සන්ධානය තමයි එයා උදාහරණයට ගත්තේ.
 
  
ඇත්තටම සුබ්‍රමනියම් ස්වාමී මෙතනදී තවත් නින්දිත වැඩක් කළා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ඉදන් චීනයට යුද්ධ ප්‍රකාශ කිරීම. ඒක එයා කරගන්න ඕනි ඉන්දියාවේ ඉදන්. ඒක නිසා රටේ රාළ එයා චීනය සම්බන්ධව ලංකාවේ ඉදන් කරපු ප්‍රකාශය දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා.
 
 
ස්වාමි කියනවා ඉන්දියාව හා චීනය අතර යුද්ධය ඉතා ආසන්නයි කියලා. ඒක තායිවාන යුද්දෙට වඩා ඉක්මන් වෙයි කියලා. ඒ කියන්නේ යුද්ධය අත ලග.
 
ඔයාලා දන්නවා ඇති දැන් දවස් කීපයකට උඩදී තායිවානය උඩින් චීන ප්‍රහාරක යානා ගමන් කළා. වෙනම රටක් විදිහට වැඩ කරන්න යනවා නම් තායිවානයට පහර දෙන බවත් චීනය අනතුරු ඇඟව්වා.
 
 සුබ්‍රමනියම් ස්වාමි කියන විදිහට ගිනියම් වෙලා තියන චීන තායිවාන් යුද්ධයට වඩා ඉන්දු චීන යුද්ධය ළගයි. 
 
සුබ්‍රමනියම් ස්වාමි කියනවා මේ ආණ්ඩුව ආවට පස්සේ ඉන්දීයාව ලංකාවට ප්‍රමුඛතාව දීලා කටයුතු කරනවාලු. ඒකේ උපරිමයටම යන්න ඕනිලු. 
 
එතන ඉන්න අපේ අයියලා කට ඇරගෙන බලා ඉන්නවා. පඹයෝ වගේ. අඩුම ගානේ ඉන්දියාව වගේම චීනය අපේ මිත්‍ර රටක්. ඔබලා අතර යුද්ධයක් අපි කිසිසේත් බලාපොරොත්තු වෙන්නේ නෑ කියන්නවත් කොන්දක් තියෙන ජෙනරල් කෙනෙක් එතන හිටියේ නෑ. 
 
පාලකයන් නිවටයන් උනාට පස්සේ එයාලා යටතේ ඉන්න ජෙනරල්ලා ගැන කවර කතාද?
 
කොහොම හරි සුබ්‍රමනියම් ස්වාමී කළේ ලංකාව ඉන්දියාවේ සාක්කුවට දාගනිමින් චීනය කුපිත කිරීමක්. ඒකට එන චීන ප්‍රතිචාරය අපට හෙට දවසේ බලන්න පුළුවන්. 
 
මේ ගැටුම දැන් යුද්ධයේදී සිමාවට ඇවිත් ඉවරයි. ඒක ස්වාමි ඊයේ කිව්වා. දැන් ඉතින් යුද්ධය තමයි.  ඒක අපි කරන යුද්ධයක් නෙවෙයි. අපි මැදිවෙන යුද්ධයක්. මහ බලවතුන් තුන්දෙනෙක්ගේ ප්‍රහාරක සිමාව මැදට වෙලා කොයි පැත්තෙන් හරි මැරුම් කන යුද්ධයක්.
 
දැන් ඉතිරිව ඇත්තේ එකම එක විසදුමයි. මේ යුද්ධය පාමුල ඉදන් කරන විමුක්ති අරගලයක් විතරයි. ඒ විමුක්ති අරගලයේ පළවෙනි කාර්යය මේ පාලකයන් පන්නා දැමීම. ඒකෙන් ප්‍රශ්නය ටිකක් හරි ඈතට තල්ලු කරගෙන පොඩි විරාමයක් ගන්න පුළුවන්. ඊළඟ පියවර ගැන හිතන්න පුළුවන්. 
 
ඒත් ඒ විමුක්ති අරගලයට කවුද ඉන්නේ. දැනට එක්කෙනෙක් ඉන්නවා. රටේ රාළ විතරක්.
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි. 
ජයවේවා.
 
 
මීට
රටේ රාළ
 
Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
2021 - ඔක්තෝම්බර් 15
  
 
 
 
 

THE LEADER TV 
 
ජනපති පන්නන බැසිල්ගේ මොහෙයුම! | The Leader TV Gossip එක 
 
 
අන්තිම ජාතිය ඇමතීම | මොණරවිලගේ ලියමන
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්