සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා ඊයේ (22) පාර්ලිමේන්තුවේ කල් තබන විවාදයේදී හරි අපූරු කතාවක් කළා. ඒකේ කේන්තිය, හැගීම් බර ගතිය වගේම අවංකකමත් හොදට මිශ්‍ර වෙලා තිබුණා.
 ආණ්ඩුව පැත්තෙන් ඔය වගේ කතාවක් රටේ රාළ කොයි වෙලාවේ හරි බලාපොරොත්තුවෙන් හිටියේ. ඒත් ඇත්ත කියන්න ඕනි රටේ රාළ ඒ වගේ කතාවක් සුසිල්ගෙන් නං බලාපොරොත්තු උනේ නෑ.  ඇත්තටම රටේ රාළ හිතුවේ ඒ වගේ කතාවක් කොයි වෙලේ හරි විජේදාස රාජපක්ෂ වගේ කෙනෙක්ගෙන් එළියට එයි කියලා.
 
හැබැයි සුසිල්ගෙන් ඒ කතාව ආපු එකත් හොදයි. මොකද සුසිල් කියන්නේ ආණ්ඩුව ඇතුළේ තියෙන ඔය කොයි කඳවුරකටවත් කොටු වෙච්චි චරිතයක් නෙවෙයි. රටේ රාළ සුසිල් එකක් ඕනි තරම් පැටලිලා තියනවා. ඒක වෙනම ප්‍රශ්නයක්. එයාගේ දේශපාලනයටත් රටේ රාළ එකඟත් නෑ. 
 
හැබයි ඇත්තටම ඊයේ සුසිල්ගෙන් එළියට පැන්නේ අපේ රටේ මහජන නියෝජිතයෙකුගේ හෘද සාක්ෂිය. මහජන නියෝජිතයෙක් ඇතුළේ තියන ඇත්ත ශෝකාලාපය. සුසිල් කියන කතාව කෙටියෙන් ගත්තොත් එයා කියන්නේ තවදුරටත් පඹයෝ වෙන්න බෑ කියලා. පඹයා කියන වචනය එයා කියන්නේ නෑ. ඔය එයා සිග්නල් කනුව කියලා කියන්නේ පඹයට තමයි. 
 
 
 ඇත්තටම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න සම්මත වගේම ශිෂ්ඨ Procedure එකක් තියනවා. ඒක කරන්නේ නැතිව කොහේවත් තැනක හදලා ගේන එකකට අත උස්සන්න එයා එකඟ නෑ කියලා සුසිල් කෙලින්ම කිව්වා. 
 
 
සුසිල් කියන කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත. අපේ රටේ පාර්ලිමේන්තුවට, නැත්තම් ව්‍යවස්ථාදායකයට තියෙන බලතල සම්පූරණයෙන්ම රාජපක්ෂලා උදුරාගෙන තියෙන්නේ.
 
අද ආණ්ඩු පක්ෂය කියන්නේ තනිකර පඹ ගාලක්. එතන මහජන නියෝජිතයෝ ඉන්නේ පවුලට ඕනි අණ පණත් සම්මත කරලා දෙන්න විතරයි. ඒ වෙනුවෙන් විසිකරන මස් කටුවක් සූප්පු කරන්න විතරයි. හැබැයි රාජපක්ෂලා හිතනවා නම් හැමදාම එහෙම කරන්න පුළුවන් කියලා ඒක ලොකු වැරදීමක්.
 
2015 උනාට වඩා ලොකු වැරද්දා ගැනීමක් මේ පාර රාජපක්ෂ වරද්දා ගන්නවා. ඒක නිසා රටේ රාළ ඉස්සෙල්ලාම ඊයේ සුසිල් කරපු කතාව අගය කරලා සුසිල්ට පහක් දානවා. ඒ වගේම රටේ රාළ තීරණය කළා සුසිල් කියන්න හදන, ඒත් සුසිල්ට කියන්න බැරි කතාව යන වත්තක් පාරේ යන්න කියලා කියලා දාන්න.
 
 
 
ඇත්තටම අද ආණ්ඩුව ඇතුළේ ලොකු බෙදීමක් තියනවා. ඒක හතර වටේට ඉරිතලලා තියෙන්නේ.ඒක නෑ කියන්න පුළුවන් දේශපාලනය නොතේරෙන බේබි කෙනෙකුට විතරයි. ඇත්තටම ඒ බෙදීම පවුල ඇතුළ දක්වාම තියනවා. පවුලත් තුනට බෙදිලා තියෙන්නේ. එතන ගෝඨාභය එකක්, බැසිල් තව එකක්, මහින්ද ඇතුළු එයාගේ පවුල තව එකක්. මේ බෙදීම තමයි ගොඩක් අයට තේරුම් ගන්න බැරි. ඒක නිසා ගොඩක් අය ඔය එක පැත්තක් නියෝජනය කරන්න ගිහින් අමාරුවේ වැටෙනවා. විමල්ලට උනේ ඒක.
 
 
 
ඇත්තටම මෙතන තත්වය හරියට තේරුම් ගන්න ඕනි. මෙතනදී රාජපක්ෂලා අතර බෙදීම් තිබුණට තමන්ගේ බලය රැක ගැනීම කියන කාරණයේදී ඒගොල්ලො සමගියි. පවුලට බලය බේරගත්ත පරිසරයක් ඇතුළේ තමයි එයාලගේ බල ගැටුම තියෙන්නේ. 
 
ඒක නිසා ඒකේ පාර්ශවයක් වෙන එක මෝඩ වැඩක්. මොකද එහෙම අයට කොයි වෙලාවක හරි කොයි පැත්තෙන් හරි ෂොට් එක හම්බ වෙනවා. 
 
ඇත්තටම කොටස් කාරයෙක් වෙනවා නං වෙන්න ඕනි පවුලම ගෙදර යවන එකේ.  මොකද ගොඩක් අය හිතාගෙන ඉන්නේ රාජපක්ෂලාට කියන්නේ මාර පොරවල් කියලා. නෑ ඒක වැරදී. හොදට ලෝක ඉතිහාසය කියවන්න. එතකොට හිතෙයි මොන සූපින් කෑලිද මේවා කියලා.
 
ඇත්තටම මෙතනදී පොරවල් වෙන්නේ රාජපක්ෂ පවුලේ කවුරු හරි වෙනුවෙන් සටන් කරන අය නෙවෙයි. ඇත්තටම එයාලා මෝඩයෝ. රාජපක්ෂලා ගෙදර යවන්න සටන් කරන අය තමයි රටේ රාළ නං පොරවල් විදිහට සලකන්නේ. ඒක රටේ රාළ බය නැතිව කියනවා.
 
මේ රාජපක්ෂ කණ්ඩායම් තුන විසින් ආණ්ඩුව ඇතුළේ ඇති කරන පීඩනය බරපතල එකක්. ඒක දරාගන්න පුළුවන් Original වහලෙකුට විතරයි. සමහරවිට පොඩි හරි මොලයක් තියෙන වහලෙකුට ඒත් අමාරුයි. ඔය පිඩනය හරියට වතුර යට ගහපු බෝලයක් වගේ. ඒක හැම වෙලාවකම තමන්ට යොදලා තියෙන පීඩනයකට එරෙහිව පීඩනයක් යොදමිනුයි තියෙන්නේ.
 
එක වෙලාව මේ පීඩනයන් අතර ගැටුමෙන් බෝලය උඩට මතු වෙනවා. සුසිල්ට උනේ එහෙම එකක්. ඒක රාජපක්ෂලාට අනපේක්ෂිත මොහොතක් එල්ල වෙච්චි නොහිතපු ප්‍රහාරයක්. ඔය වගේ වෙලාවක රාජපක්ෂ රෙජිමේ කණ්ඩායම් තුනම එක එක විදිහට ක්‍රියාත්මක වෙනවා. 
 
ඔන්න සමහර විට අද ඉදන් සුසිල් පස්සේ CID ය පන්නන්න පටන් ගනී. මිනිහගේ දුරකතන සංවාද අහහිටී. අනිත් එක්කෙනා ඉතින් සුසිල්ට ආණ්ඩුව ඇතුළේ අදින්න පුළුවන් ඔක්කොම අංචි ටික අදී. එයාට මුදල් අමාත්‍යාංශයෙන් සල්ලි දෙන එකක් නෑ. මහින්ද සුසිල්ගේ ෆයිල් ටික ගෙන්න ගනී. 
 
රාජ්‍ය බලය තියනවා නං ඕවා මොනවද අනේ. අනික ඕවා වීරකම් නෙවෙයි නිවටකම්. සුසිල් ඔයාට ඔය ටික වෙනවා ඉතින් ඕකට බය උනොත් සුසිල් හෙට ඉදන් කට වහනවා.
 
 
 ඇත්තටම සුසිල්ගෙන් ඔය එළියට පැන්නේ සංවිධානාත්මක එකක් නෙවෙයි. එයාට ඒ පිඩනය දැනුන විදිහ. රටේ රාළ කියන්නේ ඒක සංවිධානාත්මක එකක් කරන්න ඕනි. ඕනි නං මෙයාලා කියයි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කියලා. කවුද අනේ අද ලෝකේ වචනවලට බය වෙන්නේ. 
 
 හැබැයි ළගදීම ආණ්ඩුවට ඇතුලේන්ම නොසිතපු පාරක් එල්ල වෙනවා. ඒ ගැන රටේ රාළට ආපු තොරතුරුත් තියනවා.  හැබැයි ඊටත් වඩා රටේ රාළ නිව්ටන්ගේ තුන්වෙනි නියමයන් විශ්වාස කරනවා. ඒක දේශපාලන ප්‍රතිවිරෝධයටත් අදාලයි. 
 
රටේ රාළ මේ කියන්නේ විමල් ඇතුළු දුගී මගී යාචකයෝ ටික ගැන නං නෙවෙයි. එයාලාගේ නං මහින්ද පිටට තට්ටුවක් දැම්මත් ඇති. නැත්තං ගෝඨාභය රැව්වත් ඇති. වැඩේ අකුළනවා. 
 
ඊට අමතර පිපිරීමක් ඕක ඇතුළේ වෙනවා. ඒක වෙන්න එලියේ හා ඇතුළේ තියන සාධකත් බලපානවා. ඒ කියන්නේ අභයන්තර හා භාහිර ප්‍රතිවිරෝධතා. අභයන්තර ප්‍රතිවිරෝධයේ සෑහෙන පංගුවක් නියෝජනය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන්. හැබැයි තවමත් ඒක කරන්න එයාලා ලෑස්ති නෑ.  ශ්‍රීලනිපය හෙමින් අඩි තියන බව පේනවා.
 
බාහිර ප්‍රතිවිරෝධයේ බලය නියෝජය කරන්නේ සජබේ, එජාප, ජවිපෙ, 43 , කරූ වගේ අය. හැබැයි ඒ බලය බරපතල ලෙස දුර්වලයි. ඒ එයාලගේ බරපතල බෙදීම් නිසයි. විපක්ෂයේ හයිය ආයෙත් ආණ්ඩුව ඇතුළේ වෙන පිපිරීමවලට බලපානවා. ඒකට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරම වැදගත් නෑ. ඒකට වැදගත් වෙන්නේ එයාලා සමාජය ඇතුළේ නියෝජනය කරන මහජන බලයේ පංගුව විතරයි. 
 
 
 
හරි විපක්ෂක් තිබුණානම් ඇත්තටම මේ ආණ්ඩුව මෙලහටත් ගෙදර ගිහිල්ලා. හැබැයි රටේ රාළ නං මේ තියන තත්වය යටතේ පුද්ගලයෙකුගේ තනි නායකත්වයක් විශ්වාස කරන්නේ නෑ. ඇත්තටම එහෙම නායකත්වයක් දෙන්න නායකයෙක් පේන තෙක්මානයක ඇත්තේත් නෑ. දක්ෂයෝ ඇති. හැබැයි එයාලා තවමත් නායකයෝ නෙවෙයි. ඒක නිසා මේකට උත්තරය සාමූහිකව වැඩපිළිවෙලක් විතරයි. 
 
හැබැයි තවමත් බොහෝ දෙනෙක් ඒක පිලිගන්න කැමති නෑ. ඔක්කොම හිතාගෙන ඉන්නේ 2024 ජනාධිපති වෙන්න. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති උනාට පස්සේ කඩේ පිලේ රස්තියාදු ගහන ඕනි අප්පුහාමි කෙනෙකුට හිතෙනවා තමන්ටත් ජනාධිපති උනොත් වැඩේ කරන්න පුළුවන් කියලා. ඒ තරම් ජනාධිපතිකම හෑල්ලු වෙලා.
 
කොහොම උනත් සුසිල් කියන ඔය ව්‍යවස්ථාව ගැනත් වචනයක් කියන්න ඕනි. ඇත්තටම මේ රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕනි. ඒක ජේ.ආර් ගෙනාපු මේ බහුබුත ව්‍යවස්ථාව ආපු දවසේ ඉදන් තියන ඉල්ලීමක්. ඒකට මේ රටේ මිනිස්සු ජනවරම් කීයක් නං දුන්නද? 
 
හැබැයි රටේ රාළ අද කිව්වා කියලා මතක තියාගන්න, ඕන්න ලියලත් තියා ගන්න.මෙයාලා මේ දෙන්න හදන්නේ එහෙම ව්‍යවස්ථාවක් නෙවෙයි. තව තවත් බලය ජනාධිපති වටේට මධ්‍යගත කරන ව්‍යවස්ථාවක්. ඒක ඇත්තටම හොරකම නීතිගත කෙරෙන ව්‍යවස්ථාවක්. මොකද හොරෙකුට රජ වෙන්න ඕනි උනාම හොරකම නීතිගත කරලා තියෙන එක තමයි හොදම දේ.
 
මේ ටික කියන්න අවස්ථාව සලසා දුන්නාට ඔයාට ගොඩක් ස්තූතියි සුසිල්.
 
 
එහෙනම් ගිහින් එන්නම්.
 
සුදු වෑන් නාවොත් හම්බ වෙමු.
 
බුදු සරණයි. ජයවේවා.
 
Priynatha witharana
 
 
මීට
රටේ රාළ
 
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
2021 - ඔක්තෝම්බර් 23
 
 
 
 
THE LEADER TV 
 
 
සාටකේට සොහොන් ලකුණු ගොට්ටෝ හාන්සි | මොණරවිල ලියමන 

  

ජනාධිපති ආර්යාව බයෙන් ! 

 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්