ඩිව් කියන්නේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙක්. රටේ රාළ අද කතා කරන්නේ ඩිව් ගැනවත්,

කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය ගැනවත් නෙවෙයි. ඩිව් පෙරේදා කරපු කතාවක් ගැන. ඒ කතාවේ තියන දේශපාලනය ගැන. ඊට ඉස්සෙල්ලා ඩිව් ගැනත් වචනයක් කියන්න ඕනි.

 
ඩිව්ගේ දේශපාලනයේ සමහර තැන්වලට රටේ රාළ එකඟ නෑ. ඒත් ඩිව් කියන්නේ හොරෙක් නෙවෙයි. රටේ රාළ දේශපාලනඥයෙක්ගෙන් බලාපොරොත්තු වෙන අංක එකේ ගුණය තමයි හොරෙක් නොවීම. ඒක ඩිව් ළග තිබුණා.
 
මෙතනදී කියන්න ඕනි ඩිව් කෝප් කමිටුවේ සභාපති විදිහට ඉන්න කාලේ මේ රටේ දූෂණවලට,වංචාවලට එරෙහිව විශාල සටනක් කරපු කෙනෙක්. ඇත්තටම ඩිව් දෙවෙනි උනානම් දෙවෙනි වෙන්නේ ජවිපෙ හඳුන්නෙත්තිට විතරයි.
 
රටේ රාළත් ළගින්ම නැතත් දුරින් ඩිව්ලා එක්ක දේශපාලන ගනුදෙනුවක් කරලා තියනවා. ඇත්තටම ඩිව් කියන්නේ බොහොම හොඳ ගති පැවතුම් තියෙන සරළ මනුෂ්‍යයෙක්. 
 
රටේ රාළ මෙතනදී නං ඩිව් හදුනා ගන්නේ කසකාරයෙක් විදිහට. අනතුර ගැන අපට පණිවිඩයක් දෙන කසකාරයෙක් විදිහට. අපට විතරක් නෙවෙයි ළග එන අනතුර ගැන රාජපක්ෂලාටත් බරපතල අනතුරු ඇගවීමක් තමයි මේ ඩිව් කරන්නේ.
 
පෙරදා ඩිව් කරපු කතාවක් අන්තර් ජාලය තුල සංසරණය වෙනවා. ඇත්තටම ඒක වැදගත් කතාවක් ඔයාලත් බලන්න. 
 
 
 
රටේ රාළට මතක විදිහට පහුගිය දශක දෙක ඇතුළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් හදපු හැම ආණ්ඩුවකම වගේ ඩිව් හිටියා. ඒ ආණ්ඩුවල කැබිනට් ඇමතිධූර දැරුවා. ඒ වගේම ඩිව්ලාගේ දේශපාලන ඉතිහාසය දශක පහක් හයක් ඈතට දුවන එකක්.
 
අන්න ඒ ඩිව් තමයි අද කියන්නේ නිදහසින් පස්සේ බිහිවෙලා තියෙන ඔලමොට්ටලම ආණ්ඩුව මේක කියලා. ඩිව්ට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියන්නේ පඹයෙක්. අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලයම හරක් රැළක් කියලා.
 
 
සමහර මිනිස්සුන්ට ඔය කතාව එකපාරට කියාගන්න බැරුව හිටියේ. දැන් ඕනි කෙනෙකුට ගෝඨාභය පඹයෙක්, කැබිනට් එක හරක් රැළක් කියලා ඩිව් කිව්වා කියලා හරි කියන්න පුළුවන්. Thank you ඩිව්. මේ වෙලාවේ හැටියට ඒක උනත් ජනතාවට ලොකු සහනයක්.
 
  
ජනාධිපති Covid වසංගත ඉස්සරහා ගත්ත තීරණ, ඥාණසාර හාමුදුරුවෝ එක රටක් එක නීතියක් හදන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති කරන්න ගත්ත තීරණය ඇතුළු ජනාධිපති ගත්ත තීරණ ගනනාවක්ම ඩිව් පට්ට ගැහුවා.
 
ඒ වගේම සීනි, පරිප්පු, පොල්තෙල්, හාල්, සුදු ළූණු ඇතුළු වංචා ගැන කැබිනට් එකම පතුරු ගැහුවා. අඩුම ගානේ මේවා ඉස්සරහා තියාගන්න ඕනි අවම සදාචාරයවත් තියාගෙන නෑ කියලා කිව්වා. 
 
මෙතනදී ඩිව් බැසිල්ව නං නැතිම කළා කිව්වොත් ඒක වැරදි නෑ. බැසිල්ගේ මොළ හතමම සුන්නද්ධූලි කළා. බැසිල් 14 වෙන වතාවටත් බදු වංචාකරුවන්ට දුන්න බදු සහන ගැන කතා කළා. ඒ තුළින් ඒ බරත් බදු විදිහට රටේ ජනතාවට පැටවෙන විදිහ ගැන කිව්වා. බැසිල්ගේ කෝකටත් තෛලය වෙච්චි සල්ලි අච්චු ගැසීම කුඩු පට්ටම් කරලා දැම්මා.
 
ඇත්තටම ලැජ්ජාවක් තියනවා නං ආය සල්ලි අච්චු ගැහුවත් බැසිල් කාගෙන් හරි හොරෙන් හරි අහයි මෙහෙම සල්ලි අච්චු ගැහීමෙන් වෙන්න පුළුවන් අවසන් ප්‍රථිපලය මොකද්ද කියලා. හැබැයි ඒක කබ්රාල්ගෙන් නං අහලා වැඩක් නෑ. ඊට වඩා හොදයි සල්ලි අච්චු ගහන මැෂින් එකට කොළ ලෝඩ් කරන කම්කරුවෙක්ගෙන් අහන එක. ඇත්තටම සාධාරණ උත්තරයක් දෙයි.
 
රටේ රාළට නං හිතෙන්නේ ඩිව් එතනදී හරක් කියන වචනයට අමතරව හොරු කියන වචනයත් පාවිච්චි කළා  නං තවත් හොදයි කියලා. කොහොම උනොත් ඩිව් කියපු කතාව රටේ රාළත් අනුමත කරනවා. ඒ ගැන ඩිව්ට රටේ රාළ ස්තුතිවන්ත වෙනවා.
 
මෙතනදී රටේ රාළ විග්‍රහ කරන්න යන්නේ ඩිව් කරපු කතාව නෙවෙයි. ඒ වගේම ඩිව් රටේ ජනතාවට කරපු අනතුරු ඇඟවීම ගැනත් නෙවෙයි. ඒක ඉතින් ඩිව් කියන්න ඕනි නෑ. මේ රටේ ජනතාවට හොදට තේරෙනවා.
 
 
ඇත්තටම ඩිව්ගේ මේ අනතුරු ඇඟවීම පැහැදිලිවම රාජපක්ෂ පවුලට කරන අනතුරු ඇඟවීමක්. රාජපක්ෂලාට ඉක්මනට යන්න වෙනවා කියන අනතුරු ඇගවීම. 
 
  
රටේ රාළ ඒක කියන්නේ ලොකු හේතුවක් ඇතිව. මෙතනදී රටේ රාළ කියන කතාවට සාක්කි ගොඩකුත් තියනවා. ඒ තමයි මහින්ද 2015 ජනාධිපතිවරණයට තුන්වෙනි පාරටත් ඉදිරිපත් වෙන බව දැනුම් දෙන්න කැදවපු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායක රැස්වීම. ර
 
ටේ රාළත් ඒ රැස්වීමේ හිටියා. රටේ රාළට මතක විදිහට මෛත්‍රීත් එතන හිටියා. පාඨළීත් හිටියා. කැබිනට් එකේ ඔක්කොම හිටියා. එදා මහින්ද එන්න ඉස්සෙල්ලා ඩිව් 2015 ජනාධිපතිවරණයට මහින්ද ඉදිරිපත් උනොත් පරදින හැටි ගැන හදපු වාර්තාවක් ඉදිරිපත් කළා. ඒක දැකලා මහින්දට මළ පැන්නා. මළ පැනලා ඩිව්ට බැන්නා.
 
හැබැයි ඩිව් කිව්වා ඉදිරිපත් වෙන නොවෙන එක ඔබතුමාගේ වැඩක්. හැබැයි ඉදිරිපත් වෙනවා නං මෙහෙම තත්වයක් තියනවා කියලා දැනගෙන ඉදිරිපත් වෙන්න කියලා. ඇත්තටම ඩිව් කිව්ව දේ ඒ විදිහටම උනා. මහින්ද පරාද උනා.
 
රාජපක්ෂලා ගැන එදා සමාජ විඥාණය තුළ තිබුණ ඇත්ත කළකිරීම හදුනා ගන්න ඩිව්ට පුළුවන් උනා. එදා පැය 24 න් විසිහතර බුද්ධි අංශ වාර්තා ගත්ත රාජපක්ෂලාට ඒක තේරුම් ගන්න බැරි උනා. එදා ඒ ගැන තේරුම් ගත්ත තවත් අය ඉන්න ඇති ඒත් එයාලා ඒ ගැන රාජපක්ෂලා ඉස්සරහා කියන්න බය උනා. හැබැයි ඒ ගැන මහින්දගේ මුණට කියන්න ඩිව්ට ධෛර්යය තිබිබා විතරයක් නෙවෙයි ඩිව් ඒක සංඛාත්මකව ඔප්පු කරලා පෙන්නුවා.
 
 රටේ රාළ කියන්නේ අදත් මේ රටේ තියෙන්නේ ඊට නොදෙවෙනි තත්වයක්. ඊට වඩා වැඩිනම් මිසක් අඩුවක් නෑ.
 
 
අද තියෙන්නේ ඉතා භයානක තත්වයක්. එදා පැවති තත්වය රාජපක්ෂලාගේ පාලනයට යටත්ව තිබුණේ. ඒත් අද සියල්ල රාජපක්ෂවරුන්ගෙන් ගිලිහිලා තියෙන්නේ. රටේ පාලනය රාජපක්ෂලා අතේ නෑ. ඒක අයාලේ යනවා. දැන් රාජපක්ෂලාට ඉතිරිවෙලා තියෙන්නේ බොරු පම්පෝරියයි බෙල්ලේ දාගෙන ඉන්න සාටකයයි විතරයි.
 
  
ඒ වගේම ඩිව් කරන මේ අනතුරු ඇගවීම තේරුම් ගන්න තරම් මොලයක් රාජපක්ෂලාට ඇති කියලා රටේ රාළ නං හිතන්නේ නෑ .මොකද බොරු උද්දච්චකමින් රාජපක්ෂලා මං මුලා වෙලා ඉවරයි. යල් පැනපු වැඩවසම් මනස රාජපක්ෂලාගේ ලෝකය හරිම පූංචි එකක් කරලා ඉවරයි.
 
කොහොම උනත් ඩිවිගේ අනතුරු ඇඟවීම මේ රටට නං ආශීර්වාදයක්. නැවතත් ඔබට ස්තුතියි ඩිව් සහෝදරයා.
එහෙනම් ගිහින් එන්නම්.
 
බූදු සරණයි. ජයවේවා.
 
Priynatha witharanaමීට
රටේ රාළ
 
(ප්‍රියන්ජීත් විතාරණ ගේ FB පිටුවෙන්)
 
 
 

 

 


 

THE LEADER TV 
 
සාටකේ නාටකේ ! | මොණරවිලගේ ලියමන
 

 
 
රාජපක්ෂ කොන්ඩම් තියරියේ අලුත්ම ගොදුර ! | Gossip
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්