අපේ රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපති වටා ගොඩනැගෙන ආණ්ඩු තමයි තියෙන්නේ.


ජනවරමකින් පත්වෙන ජනාධිපති තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ වාර්ෂිකව ඉදිරිපත් කරන අයවැය ලේඛණය කියලා කියන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පදනම් කරගෙන හදන රටේ මුදල් වාර්තාව.

මේ ආණ්ඩුවේ දෙවෙනි මුදල් වාර්තාව දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියනවා. පාර්ලිමේන්තුව ඇතුළේ වගේම අයවැය ගැන බරපතල සංවාදයක් සමාජයේත් ඇති වෙලා. බහුතරයකගේ මතය වෙලා තියෙන්නේ මේදාපාර අයවැය කියන්නේ වැඩකට නැති පූස් වෙඩිල්ලක් කියලා.

මේ දවස්වල මගතොට ඇහෙන කතාවලින් වගේම පාර්ලිමේන්තුවේ කෙරෙන විවාද වලින් ඒ බව හොදටම පැහැදිලියි.

විපක්ෂය ගේන විවේචනවලට වඩා ආණ්ඩු පක්ෂය ඇතුළෙත්ම එන විවේචන ගොඩක් ප්‍රභලයි. ඒ විවේචන ඉස්සරහා ආණ්ඩුව බරපතලය අපහසුතාවයකට පත්වෙලා ඉන්න බව පේනවා. විශේෂයෙන්ම රාජපක්ෂවරු මේ දවස්වල ඉන්නේ බරපතල අපහසුතාවයක වගේ තමයි අපට පේන්නේ. හැබැයි ඉතින් අපට එහෙම හිතුනට ඒකේ වගේ වගක් රාජපක්ෂ අයියා මලෝ සෙට් එකට නං නෑ.

 

මේ දවස්වල රාජපක්ෂ පවුල ඉන්නේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩිලා. අනුරාධපුරේ සඳ හිරු සෑය සග සතු කිරීම, ජයශ්‍රීමා බෝධිය ළග, අටමස්ථානවලම තමයි දවස ගත උනේ. කොච්චර බෞද්ධ මනසට සමවැදිලද හිටියද කියනවා නං ජනාධිපතිතුමාට මාස් එක දාගන්නත් මතක නැතිවෙලා තිබුණා. කියන්න කෙනෙකුත් හිටලා නෑ.

 

මහින්ද මහත්තයගේ Birthday පාටියයි, ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණ Party යයි දෙකම එකට අරන් තිබුණේ. අම්මෝ එහෙම පින් අතේ වැඩ ටිකක්. උපාසක අම්මලා හෙම දොහොත් මුදුන් දීලා සාදුකාර දෙන්නේ.

සමහරවිට සඳ හිරු සෑය සඟ සතු කළාට පස්සේ රටට හොද කලක් යනවා කියන පනිවිඩය අරන් තිසා වැව පතුලෙන් සධාතුක කරඩුවක් එක්ක නා ලොවින් බට නාග රාජයෙක් මතු වෙන්න උනත් බැරිකමක් නෑ. රාජපක්ෂලා මේ සතියේ උපරිම විදිහට බෞද්ධ මානසිකත්වයට කතා කළා. හැබැයි එයාලා එහේ ඉන්න අතරවාරේ මෙහේ පාර්ලිමේන්තුව ගිනියම් වෙලා.

විපක්ෂයේ වගේම ආණ්ඩුවේ ජේෂ්ඨයින් රාජපක්ෂලා ඉළක්ක කරලා ගහන්න පටන් අරන්. මේපාර එල්ල වෙන්නේ සුළුපටු චෝදනාත් නෙවෙයි. දැක්කනේ වෙල්ගම ගහපු ගැහිල්ල. සුසිලුත්, විජේදාසත් ඊට දෙවෙනි නෑ. විජේදාස පාර්ලිමේන්තුවේදී ගැහුවට වඩා දරුණු ප්‍රහාරයක් බැසිල් ඉළක්ක කරලා එලියෙදී එල්ල කලා. හැබයි ඉතින් රාජපක්ෂලාට ගානක්වත් නෑ. පොඩ්ඩක්වත් සැලිලා නැති බව පේනවා. බලන්නකෝ මූණුවල ලස්සන. එයාලා එයාලගේ පාඩුවේ වැඩ.

 

එයාලා යන පාරෙන් දශමයක්වත් හැරෙන්න ලෑස්ති නෑ. කිසිම දේකින් අඩියක් පස්සට ගන්න සූදානමක් නෑ. කිසිම සහනයක් ජනතාව පැත්තට දෙන්න ලෑස්ති නෑ. අර පරණ දේශපාලන උද්දච්චකම ඒ විදිහටමයි. පරණ පම්පෝරිත් ඒ විධිහටමයි. ඇත්තටම රට මේ තරම් අර්බුදයක් ඉස්සරහා තියෙද්දිත් මහ ජනතාව ගැන නොහිතා පාලකයන්ට මෙහෙම යන්න පුළුවන්ද?එ හෙම යනවා නම් යන්නේ කොහොමද?

 

එතනදී තමයි රාජපක්ෂලාගේ සියුම් දේශපාලන කළමණාකරණය ගැන හිතන්න වෙන්නේ. රාජපක්ෂලා මෙතනදී ඉතා හොදින් දන්න දෙයක් තියනවා. ඒ තමයි ආණ්ඩු පක්ෂයේ අය අයවැයට මොනතරම් විවේචන කලත් ඔය කාටත් අවසානයේ අයවැයට පක්ෂ ඡන්ද දෙන්න වෙනවා. අන්තිමට වෙන්නේ අයවැය පතුරු ගහපු අය අයවැයට අත උස්සලා රට ඉස්සරහා හෑල්ලු වීම විතරයි.

 ඇත්තටම සාධාරණ විදිහට හිතුවොත් ඒ අයට අයවැයට පක්ෂවීම හැර වෙන උත්තරයකුත් නෑ. වෙන විකල්පයක් මේ පාර්ලිමේන්තුව ඇතුළේ හදන්න බෑ. අයවැය පරද්දනවා නම් විකල්ප ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙන්න ඕනි. එහෙම දෙයක් පේන තෙක්මානයක නෑ. ඒක නිසාම එයාලට සිද්ධ වෙනවා මේ පුස් අයවැයට අත උස්සන්න.

අනික තමයි අයවැය පරාද කළොත් ලබන අවුරුද්ද ආරමිභ කරන්න වෙන්නේ රාජ්‍ය සේවය කඩා වට්ටගෙන. මේ විපත්තිය මැද්දට එහෙම දේකුත් උනොත් ඒ වගකීම ගන්න වෙන්නේ අයවැය පරද්දපු අයට. ඒ වගකීම ගන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ. ඒක නිසා ආණ්ඩුවේ කාටත් වෙන්නේ තමන් පතුරු ගහපු අයවැයට අත උස්සලා නිකං ඉන්න. ඒක රාජපක්ෂලා දන්නවා.

අන්න ඒ විකල්ප නැති වතුරේ තමයි රාජපක්ෂලා මේ පීනන්නේ.

ඇත්තටම අර තිස්ස අත්තනායක තමන් අතේ විකල්ප ආණ්ඩුවක වැඩපිලිවෙල තියනවා කිව්වට ඒක පිලිගන්න මේ රට තවම සූදානම් නෑ. අඩුම ගානේ විපක්ෂවත් සුදානම් නෑ. ඒ පරිනතකම තමන් සතු බව ඔප්පු කරන්න විපක්ෂ නායක සජිත්ට තවම නං බැරිවෙලා තියෙන්නේ. නිකං පාරේ යන දහ දෙනෙක් එක්ක කතා කරන්න. දහයම ආණ්ඩුවට බනිනවා. හැබැයි ඒ ඔක්කොම අන්තිමට අහන ප්‍රශ්නයක් තියනවා. හරි කාටද දෙන්නේ කියලා.

අර්බුදය විවේචනය කරන්න ඕනි කෙනෙකුට පුළුවන්. අද විපක්ෂට වැඩිය හොදට ආණ්ඩු පක්ෂයේ අය අර්බුදය විවේචනය කරනවා. සමහරු IMF වගේ උත්තරයත් කියනවා. හැබැයි විපක්ෂ නායකතුමා උත්තරයක් කියන්නේ නෑ. ඒයා ආවම සහන දෙනවලු.  ඇත්තටම ඒක හරියටම විපක්ෂේ ඉන්නකොට රාජපක්ෂලා ගහපු පම්පෝරිය වගේම තමයි.  එකම අඩුව දැන් සැපද කියලා සජිත් අහන්නේ නැති එක විතරයි. ඇත්තටම සජිත් ආවා කියලා මේක ඇතුලේ ලොකු වෙනසක් නං වෙන්නේ නෑ. සජිත් හොඳම උනත් සජිත්ට ඒක කරන්න බෑ.

 

තවදුරටත් තනි පුද්ගලයෝ විශ්වාස කරගෙන යන එක නං පිස්සුවක්. ඒ මෝඩ මානසිකත්වයෙන් ගැලවුණේ නැත්තං මේ රට ආයෙත් රෑ වැටුන වලේ දවලුත් වැටෙනවා. ඒක නිසා මේකට ඕනි සියලු බලවේග ඒකාබද්ධ කරපු වැඩපිලිවෙලක්. කාටත් එකඟ වෙන්න පුලුවන් වැඩපිළිවෙලක්. පොදු හතුරා පරද්දන්න පුළුවන් වැඩපිලිවෙලක්. ඒක කරන්න එජාපය නමින් මොන වැඩපිළිවෙල ගෙනාවත් බෑ. සජබේ, ජවිපේ නමින් මොන වැඩපිළිවෙළ ගෙනාවත් බෑ. ඒක තමයි ප්‍රායෝගික ඇත්ත.

 

අද රාජපක්ෂලා විපක්ෂය තමන්ට ඕනි විදිහට කළමනාකරණය කරනවා. ඒවා ඇතුළේ ඩීලුත් ඇති. ඒ වගේම විපක්ෂ කණ්ඩායම් අතර තියෙන ප්‍රතිවිරෝධයන්ගෙන් රාජපක්ෂලා නියමෙට වැඩ ගන්නවා. ගොඩක් අය පහුගිය දවස්වල ආණ්ඩුව විරුද්ධව ගේනවා කිව්ව මහා සටන් අද කෝ. ඒවා අකුළලා පාර්ලිමේන්තු කතාවලට විතරක් සීමා වෙලා.

පාඨළී අනුරට ලියුම් ලියනවා. මේ හැම දේකින්ම වෙන්නේ විපක්ෂය තව තවත් බෙදෙන එකම තමයි. පුදුමයි ඒ විවාදයට ආණ්ඩුවේ මාධ්‍ය අනුග්‍රහය දැක්වුයේ නැත්තං. මතක තියාගන්න එජාප, සජබ, ජවිපෙ අතර තියෙන මේ ප්‍රතිවිරෝධය ආණ්ඩුව වාසී. හැම වෙලේම ඔය කණ්ඩායම් තුනෙන් දෙකක වැඩපිළිවෙළ ආණ්ඩුවේ වැඩපිළිවෙළ එක්ක සමපාත වෙනවා. ඒක පිටට පේන්නේ නෑ. එතකොට එයාලා අතර තියෙන්නේ මිතුරු ප්‍රතිවිරෝධයක්. අද ආණ්ඩුව, එජාපය, ජවිපෙ අතර තියෙන්නේ මිතුරු ප්‍රතිවිරෝධයක්.

මේ තත්වය විසින් වෙන්නේ ආණ්ඩුව ඇතුළේ ඉන්න රාජපක්ෂ විරෝධී බලවේගය අකර්මන්‍ය වෙන එක. රාජපක්ෂලා එයාලාට ඇතුළේ තියාගෙන ගහලා වට්ටනවා. එළියට වැටුනත් වැටෙන්නේ ලොකු වටිනාකමක් නැතිවෙලා. රාජපක්ෂලා තමයි මේක පිටිපස්සේ ඉන්නේ. ඒක එහෙම නෙවෙයි නං දර්ශණවාදයත් බොරු. ඒක නිසා තමයි එජාප පෙළපාලියට වාරණ නැත්තේ. ඒක නිසා තමයි ජවිපේ සටන් අකුළලා රිවස් ගියර් එකේ තියෙන්නේ.

දැන් ඔයාලා අන්ධයෝ වගේ රටේ රාළව පතුරු ගහයි. කමක් නෑ. ඇත්ත කතා කරනකොට එහෙම වෙනවා.

 

විපක්ෂ කණ්ඩායම් අතර තියන ගැටුම තමයි රාජපක්ෂලාට අද තියෙන ලොකුම ආශීර්වාදය. අද රාජපක්ෂලා තමයි වතුර බොර කරන්නේ. පස්සේ බොර දියේ මළු අල්ලන්නේ. ඇත්තටම හෙට දවසේ අපේ රටේ වෙන මහජන නැගිටීම මේ මෝඩ විපක්ෂය තුනට බෙදාගෙන තවත් විනාශයක් කරනවා. අද කිව්වා කියලා ලියලා තියාගන්න.

 

එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්)

 




THE  LEADER  TV


පෝර හොරා ! | මොණරවිලගේ ලියමන
 


සර් තවත් හෙනහුරෙක් කඩාපාත් වෙන්න ද යන්නේ ?
 


නොපෙනෙන මාස්ක් පැළඳි ජනපති... !!

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්