ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දෙවන වරටත් සංවිධානය කරන ටෙස්ට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දිනය සහ ක්‍රීඩාංගණය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.



ඒ අනුව අවසන් තරගය ජුනි 07 සිට 11 දක්වා දිනවල ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 කෙසේවෙතත් අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක කවුරුන්දැයි මෙතෙක් ස්ථිරවී නොමැත.

ඒ සඳහා කණ්ඩායම් 4 ක් අතර මේ වන විට තියුණු සටනක් පවති. එම කණ්ඩායම් අතරට ශ්‍රී ලංකාව ද අයත් වේ. ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සෙසු කණ්ඩායම් වේ.

ටෙස්ට් ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ඕස්ට්‍රේලියාව පළමු ස්ථානයේත්, ඉන්දියාව දෙවන ස්ථානයේත් පසුවන අතර ශ්‍රී ලංකාව පසුවන්නේ තුන්වන ස්ථානයේය. දකුණු අප්‍රිකාව සිව්වන ස්ථානයේ පසුවේ.

ශ්‍රී ලංකාව ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නම් නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක ජය ගැනීම අතිශය වැදගත් ය.

එමෙන්ම ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අද සිට තරග හතරකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට එක්වේ. එහි ප්‍රතිඵල ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම තෝරා ගැනීමට වැදගත් වනු ඇත.

මීට අමතරව දකුණු අප්‍රිකාව සහ කොදෙව්වන් අතර ටෙස්ට් තරග දෙකක් ද පැවැත්වීමට නියමිතය.


(nethnews.lk)


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්