ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7,000ක් ලබාගත් තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.



නවසීලන්ත සමග ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 47ක් ලබාගැනීමත් සමගම ඔහු එම වාර්තාව තමා සතුකර ගත්තේය.

මේ වනවිට ටෙස්ට් තරග 101කදී මැතිව්ස් ලකුණු 7000ක් ලබාගෙන ඇති අතර ඊට ශතක 13ක් සහ අර්ධ ශතක තිස් අටක් අයත්වෙයි.

නමුත් ඔහුව ලකුණු 47දීම දවා ගැනීමට නවසීලන්ත වේග පන්දු යවන මැට් හෙන්රි සමත්විය.

FqwMc4iaUAAluBO

වාර්තා පොතට ගිය චන්දිමාල් ගේ විකට්ටුව

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත අතර ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ශ්‍රී ලංකා ඉනිමේ සිව්වන කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල්  දවාගැනීමට නවසීලන්ත නායක ටීම් සවුදි සමත් විය.

චන්දිමාල් ලකුණු 39ක් රැස්කළ අතර එම කඩුල්ලත් සමග නවසීලන්තය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර කඩුලු ගණනක් ලබාගත් පන්දු යවන්නා බවට සවුදි සමත් විය. එහිදී ඔහු තරග 354කදී ලබාගෙන ඇති කඩුලු ගණන 706කි.

එම වාර්තාව හිමිකරගෙන සිටියේ ඩනියෙල් විටෝරි ය. ඔහු තරග 442කදී කඩුලු 705ක් ලබාගෙන තිබුණි.


jhagsja

ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ප්‍රබල ආරම්භයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මේ වනවිට නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙයි.

වර්ෂාව හේතුවෙන් තරගය සුළු මොහොතකට නවතා තිබිණ.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක ටීම් සවුදි, පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

නායක දිමුත් කරුණාරත්න සහ ඕෂද ප්‍රනාන්දු පළමු කඩුල්ල රැස්කළේ ලකුණු 14ක් පමණි.

ප්‍රනාන්දු නායක සවුදි ගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක ටොම් බ්ලුන්ඩල් ට උඩපන්දුවක් ලබාදී දැවී ගියේය.

අනතුරුව පිටියේ එක්වූ කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 137ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ.

දෙවැනි කඩුල්ල ලෙස මෙන්ඩිස් ලකුණු 87කට දැවී ගියේය. ඔහු පන්දු 83කට මුහුණදුන් අතර හතරේ පහර 16ක් එල්ල කළේය.




 


 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්