ශ්‍රී ලංකා ඉතිහාසයේ ඔබ මෙතෙක් දැක නැති ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් ක්‍රීඩා තරගාවලියක් වන Karma Fight League එසේත් නැත්නම් (KFL)  ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒමට මේවන විට සියලු කටයුතු සුදානම්.



ශ්‍රී ලාංකියනගේ ක්‍රීඩා විනෝදාස්වාදය වෙනුවෙන් විප්ලවීය වෙනසක් සිදු කිරීමට සූදානම් වන KFL හි පළමු සටන් රාත්‍රිය එළඹෙන අගෝස්තු 26 වන දා කොළඹ The Taprobane හිදී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා ඉදිරිපත් වීමට තරඟකරුවන් හා තරඟකාරියන් 14 දෙනා අතරින් කිහිප දෙනෙකුගේ විස්තර පහත පළවේ. 

ක්‍රීඩාවට  අතිශය  ඇලුම්කම් දක්වන KFL  තරගාවලිය සිටින සුරූපි තරගකාරියක් වන හංසනා බාලසූරිය තවමත් 23 න් හැවිරිදි වියේ පසුවන සටන්කරියක් 

පාසල් අවදියේ කරාටේ  ක්‍රීඩාවට යොමු වන හංසනා දෙවතාවක්  කරාටේ කළුපටි ධාරිනියක් ද වනවා 

පසුකාලීනව  muay thai සටන් කලාවට යොමු වන ඇය KFL තරගාවලිය ගැන අදහස් දක්වමින් පැවසුවේ ක්‍රීඩකයන් ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තර මට්ටමේ හැඩයක් සටන් කලාවට ලබාදීමට මෙම තරග තරගාවලිය ගනු ලබන උත්සාහය අගය කළ යුතු බවයි 

එමෙන්ම තරුණියත් වශයෙන් ඔබ එක් වතාවක් හෝ සටන් කලාව යොමුවීම තුළින් ඔබේ ආත්ම විශ්වා විශ්වාසය ගොඩ නගා ගැනීමට මෙම  ක්‍රීඩාව අතිශය ඉවහල් වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් හංසනා  පැවසුවා.

Screenshot 2023 08 20 at 13.18.29
knockout artist කෙනෙකු ලෙස සිය ප්‍රෙක්ෂකයන් පිනවීමට අතිශය ප්‍රිය කරන KFL තරඟාවලියේ  සිටින තාක්ෂණයෙන් අනූන ප්‍රබල සටන් කරුවෙකු ලෙස බ්‍රයන් චෝල්ටන් හඳුන්වා දිය හැකියි

වයස 22 දී MMA  සටන් කලාව පුහුනු වීම අරඹන බ්‍රයන් පසුකාලීනව තායිලන්තයට ගොස් Muay Thai  සටන් කලාව පුහුනු වීම ආරම්භ කරනවා

2022 දී තායිලන්තයේ පැවැති PRO Muay Thai සටන් තරගාවලියට එක්වන  බ්‍රයන් එහිදී ජර්මන් ජාතික සිය ප්‍රතිවාදියාට අමතක නොවන සටනක් ලබාදෙමින් තායිලන්ත  ප්‍රේක්ෂකයන්ගේ පවා ආකර්ෂණය දිනා ගැනීමට සමත් වනවා 

අගෝස්තු 26 ව දා පැවැත්වෙන KFL තරගාවලියේ සිය සටන නැරඹීම්ට සිය ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරමින් බ්‍රයන් පැවසුවේ  එදිනට අමතක නොවන සටනක අත්දැකීමක් ඔවුන්ට ලබා දීමට තමන් බලා බලාපොරොත්තුවෙන් පසුවන බවයි


ගම්පහ ප්‍රදේශයේ සිට KFL තරගාවලියට එක්වන වයස අවුරුදු 22 ක් වන ක්‍රිස්ටීන් ජයසත් පෙරේරා  වෘත්තියෙන් බැංකු නිලධාරියෙක්.

විනෝදාංශයක් ලෙස මීට  වසර දෙකකට පෙර සටන් කලාව ප්‍රගුණ කිරීම් ආරම්භ කළ ජයසත් සිය මංගල තරගය KFL  තරගාවලිය ඔස්සේ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා

බුවෝකෝ  නම් තායිලන්ත පුරාවෘත්ත සටන් කරු ඔස්සේ යමින් සටන් කලාව  ප්‍රගුණ කිරීම ආරම්භ කළ jayasath KFL තරගාවලියේ සිය ප්‍රතිවාදියා වනගයාන් ප්‍රසන්න  පිළිබඳ පළකළේ මෙවන් අදහසක් 

''ඔහු හොඳ සටන් කරුවෙක් මීට පෙර ඔහු සටන් කිහිපයකට  සහභාගි වෙලා තියෙනවා, එනිසා මගේ සියට සීයක් මදිවෙයි මම මගේ  දෙසීයක් මේ තරගය වෙනුවෙන් දෙන්න අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා

Screenshot 2023 08 20 at 13.27.10
2016 වර්ෂයේ සිට සටන් කලාව පුහුණු වෙන කවිදු  රසාංජන සිය වසර හතක සටන් අත්දැකීම් සමගින් මෙවර KFL  තරගාවලියට එක් වන්නේ සිය  ප්‍රතිවාදීයා ට ප්‍රබල අභියෝගයක් එක්කිරීමේ අරමුණින්

වෘත්තියෙන් කාර්මික ශිල්පියෙකු වන රසාංජන මේ වන විට සටන් කරුවෙකු ලෙස දේශීය තලයේ ජයග්‍රහණ රැසකට  උරුමකම් කියනවා 

2018 national muay thai තරගාවලිය රිදී පදක්කම් දිනා ගැනීමට සමත්වුණු කවිඳු මේ වන විට ප්‍රධාන ගණයේ සටන් 9ක් සඳහා සිය සහභාගීත්වය දක්වා තිබෙනවා

ඒ අතරින් WMO world championships තරගාවලියේ ලෝකඩ පදක්කම සහ  WMC  තරඟාවලියේ lightweight අංශයේ ශූරතාවය දිනා ගැනීමට ඔහු සමත්කම්  දක්වා තිබෙනවා

ශ්‍රී ලංකාවේ සටන් කලාවට එක් වන් නවතම නව්‍යකරණ සටන්  අත්දැකීම වන KFL  තරගාවලිය ගැන අදහස් දක්වමින් කවිදු  රසාංජන පැවසුවේ මෙම තරගාවලිය දේශීය සටන් කරුවන්ට ජාත්‍යන්තරය ජය ගැනීම සඳහා වූ ගමනට හොඳ අඩිතාලමක් බවයි

Screenshot 2023 08 20 at 13.28.31
හඟුරන්කෙත ප්‍රදේශ්යේ සිට KFL  තරගාවලියට එක්වන නිමේෂ ලසන්ති යනු වර්තමාන සටන් ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රබල වෘත්තිමය තරඟකාරියක්
 2015 දී බොක්සිං ක්‍රීඩාව ඔස්සේ  සටන් කලාව ප්‍රගුණ කිරීම ආරම්භ කරන නිමේශා ලසන්ති 2019 දී muay thai සටන් කලාව ද  ප්‍රගුණ කිරීමට යොමු වනවා  

ඇය එම වසරේම  ජාතික muay thai ශූරතාවය දිනා ගැනීමට සමත් වන්නේ තම දක්ෂතාවය මනාවට පෙන්නුම් කරමින් 

ඉන් නොනැවතුන ඇය 2020 සහ 2021 වසර වලදී අපරාජිතව  තම  ශුරතාවය රැකගැනීමට සමත්වනවා 

 2019 දී තුර්කියේ පැවති muay thai  තරගාවලියට පවා එක් වෙමින් ජාත්‍යන්තර අත්දැකීම් ලබා ඇති නිමේශා ලසන්ති  2022 WBC   2023 Fight Like A Girl  තරගාවලි ද්ත්වයේම ජයග්‍රාහිකාවයි 

KFL  තරගාවලිය ගැන නිමේශා ලසන්ති අදහස්  දක්වමින් කියා සිටියේ මෙවැනි තරගාවලි සංවිධානය කරමින් කාන්තා සටන් ශිල්පීන්ට වැඩි අවස්ථා ලබා දීම අගය කළ යුතු කාරණාවක් බවයි

Screenshot 2023 08 20 at 13.30.09
2002 වර්ෂයේදී හොරණ  විද්‍යාරතන විද්‍යාලයෙන් බොක්සිං ක්‍රීඩාව ඔස්සේ සටන් කලාව ආරම්භ කරන කුමුදු ප්‍රසන්න සටන් වළල්ල තුළ සිය ප්‍රතිවදියව මායිම් නොකරන දරුණු ගණයේ ප්‍රහාරකයකු ලෙස ප්‍රසිද්ධයි 

වර්තමානයේ muay thai ජාතික ශුරයා වන කුමුදු WBC ශුරතාවය සහ WMC ශුරතාවයද දිනා ගැනීමට සමත්වුණු අති දක්ෂ සටන් කරුවෙක් 

ජයග්‍රහණයම පමණක් සිය අරමුණ කරගත් අතිශය කැපවීම් සහගත ක්‍රීඩකයකු වන කුමුදු 2017වසරේදී තායිලන්තයේදී ලෝක ශුරතාවය ද දිනා ගැනීමට සමත් වුණා 

දරුණු ප්‍රහාරකයෙකු වන කුමුදු ප්‍රසන්න KFL තරඟාවලියේ ක්‍රීඩා කරන තරඟය ප්‍රේක්ෂක ඔබට නවමු අත්දැකීමක් වනු නොවනුමානයි 

Screenshot 2023 08 20 at 13.31.35
රත්නපුර ප්‍රදේශ්යේ සිට  KFL තරගඟාවලියට එක්වන  ගයාන් ප්‍රදීප් තවමත්  21 ක්  හැවිරිදි වියේ පසු වනවා 

කුඩා කල සිටම සටන් කලාවට තිබූ අතිශය ආදරයක් සමඟ කරාටේ සටන් කලාව වසර 10 ක් ප්‍රගුණ කරන ගයාන් පසුව muay thai සටන් කලාවට යොමුවනවා 

නිරන්තරවම දැඩි පුහුණුවීම් වල යෙදෙන්නෙකු වන ගයාන් සිය ප්‍රතිවාදියාට තදින් පහර දීමට කැමැත්තක් දක්වන සටන්කරුවෙක්

සටන් වළල්ල තුළ සිහින හඹායන්නා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ගයාන් ප්‍රදීප්  WBC  ශූරතාව දිනා ගැනීමටද සමත් තරගකරුවෙක්

KFL තරඟාවලිය ගැන අදහස් දක්වමින් ගයාන් පැවසුවේ තමා මෙන් කොළඹ  ප්‍රදේශයෙන් බැහැරව සිට අනාගතයේදී සටන් කලාවට ප්‍රවේශ  වීමට බලාපොරොත්තුවෙන් සිටින

 තරුණයන්ට මෙම තරගාවලිය අනාගතයේදී අතිශය වැදගත් තරගාවලියක් වනු ඇති බවයි 

Screenshot 2023 08 20 at 13.33.02
කුඩා කල සිටම සටන් කලාවට යොමු  වීම අරමුණු කරගත් ගෙවින් වෙජිලෙන්ඩන් KFL තරගාවලියේ සිටින තවත් දක්ෂ සටන්කරුවෙක් 

2022 WBC මුව-තායි තරගාවලියේ හෙවිවේට් අංශයේ ජයග්‍රාහකයෙක් වන ගෙවින් තවමත් 23 න් හැවිරිදි වියේ පසුවනවා 

ඉන්දුනීසියාවේ පැවති මුව-තායි තරගවලියක ද ජයග්‍රහණක් සමඟින් ජාත්‍යන්තර අත්දැකීම් සමඟින්  KFL තරඟාවලියට එක්  වන ඔහුගෙන්  ප්‍රේක්ෂකයන්ට  ආශ්වාදජනක තරගයක් දැක් ගැනීමට හැකි වන බව නොඅනුමානයි 

සිය ප්‍රතිවාදියා සටන අත්හරිනතුරුම ඉතා ඉවසීමෙන් සටන් කරමින් ප්‍රේක්ෂකයන් පිනවීමට කැමැත්තක් දක්වන ගෙවින් KFL තරඟාවලිය ගැන අදහස් දක්වමින් පැවසුවේ සටන් කරුවන්ට වෘත්තීය මට්ටමේ වටිනාකමක් එක් කිරීමට මෙම තරඟාවලියේ ගන්නා උත්සාහය මින් පෙර පැවති කිසිදු දේශීය තරඟයක දැක නැති බවයි 

Screenshot 2023 08 20 at 13.34.01

ජා ඇල ප්‍රදේශයේ සිට KFL තරගාවලියට එක්වන තවමත් 20 හැවිරිදි හසිත මදුශංක මෙම තරගාවලියේ සිටින ලාබාලතම ක්‍රීඩකයායි
ශ්‍රී ලාංකික සටන්කරුවකු ලෙස ජාත්‍යන්තරය නියෝජනය කිරමින් ජයග්‍රහණ අත්කරදීමේ අරමුණින් KFL තරගාවලියට  එක්වන හසිත වසර 4 කට ආසන්න කාලයක් විවිධ සටන් කලාවන් ප්‍රගුණ කර තිබෙනවා 

KFL තරගාවලියෙන් සිය මංගල ජයග්‍රහණය ලබා ගැනීමේ අරමුණින් සටන් බිමට පිවිසෙන හසිත තව දුරටත් පැවසුවේ අගෝස්තු 26 වනදාට සිය ප්‍රතිවාදියාට ප්‍රතිවාදියා ට කලකට අමතක නොවන සටනක් ලබා දීමට දැඩි අධිෂ්ටානයෙන් පසුවන බවයි 


සබැඳි පුවත:
Karma Fight League සටන් ක්‍රීඩා තරගාවලිය අගෝ. 26 රාත්‍රී






JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්