නාවිමනේ නාගයන් සහ නාඳුගල නාගයන් අතර ඇවිලී යන මතවාද මැදින් නාඳුගල තොටුපල සරුසාර තොටුපලක් ලෙසින් මතුවිය.

පූර්ව අනුරාධපුරයටත් පෙර නාඳුගල තොටුපල ලෝක භූ සිතියමේ අතුරු තොටුපලක් සේ සටහන් වේ.yolamiමෙය සනාථ වන්නේ ටොලමි ලෝක සිතියමට ලංකා සිතියම යොදන විට මාතොටට නාඳුගල තොටුපල ඈදී තිබු බැවිනි. අනුරාධපුරය රාජ්‍ය දේශපාලන බහුවර්ණ සම්මුතියෙන් බැඳෙන්නේ  ක්‍රි.පූ 5 වන සියවසේ දීය. එවිට තොටුපල නාඳුගලටත් පණ්ඩුකාභය රජුගේ පුර රාජ්‍යයේ පුර සභික ධුරයක් වූයේය. නාඳුගල ශෛලය නා නා පාශාණ්ඩයන්ගේ සහ මුල් බෞද්ධ ශ්‍රාවකයන්ගේ නිදහස් තිබූ භූමියෙකි. මේ යුගයේ අනුරාධපුර අධිනගර සභාව හෙවත් “යවන සභා වස්තු”වෙහි පුරපති හෙවත් නගරා‍ධිගුත්තික වූයේ  “යවන විනීසය”. ඒ අධිනගර සභාව සැදුම්ලන්නේ එසමයේ ලක්දිව නගර ලෙස පැවති අටවිසි නගරයන්හි නගරාධි ගුත්තිකයන්ටද අසුනක් පිරිනැමූ අමුතු ක්‍රමයකිනි.

 
යවන නාවිකයන් මාතොටින් සහ අම්බලංතොටින් නාඳුගලට බැඳෙන්නේ කවදාදැයි තවමත් අපහැදිළිය. නමුත් යවනයන් වූ ග්‍රීක යවන අයිරානීය වෙළද බලවේග විත් මාතොටින් නාඳුලගට කඳවුරු බඳින්නේය. ඒ නාඳුගල තොටුපල අසල තිබූ නා නා පාශාණ්ඩයන්ගේ හා මුල් බෞද්ධ ශ්‍රාවකයන්ගෙන් සැදි අමුතු පාලනය නිසා විය යුතුය.
 
 
මේ සිදුවීම් වන විට මිහිඳු මහරහතුන් වහන්සේ ලක්දිවට වැඩමකොටද නැත. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා බිහිවීද නැත. එමෙන්ම ග්‍රීකයන් භාරතයට පා තබා තිබූ බවට සාක්ෂිද නොවේ. පණ්ඩුකාභය රජතුමා විසින් බහුවර්ණ බහුපූර්ණ, අනුරාධපුරය බිහිකරන විට එහි විසූ පුරාණ ජන වංශයක් වූයේ යවනයන්ය. යවන යනු ග්‍රීකයන් සුමේරියන්වරු සහ අයිරාණයන් එකල හැදින්වූ පොදු සම්මුති නාමයයි .එසේ නම් අනුරාධපුරය බඳින්නටත් පෙර ඔවුන් ලක්දිව සමඟ බැඳී ඇති බව පැහැදිළිය. ඒ බැඳීම බැඳෙන්නේ තොටුපල නාඳුගල දීය. මේ සමය උදාවන්නට පෙර ගෙවියමින් තිබුණේ නපුරු කාලයකි. යක්ෂ වංශිකයන් ශුද්ධොත්තම ජාන කතිකාවක්  හරහා සමාජ බෙදීමක් ඇතිකර තිබුණි. ඒ විජය රජතුමා විසින් උත්තර භාරතීය සිංහ වංශය තහවුරු කිරීමේ දේශපාලනික ශෘංගාර අරගලයට ප්‍රතිපක්ෂවය.
 
27752x
 
ප්‍රසන්න වීරක්කොඩි සිතුවම් 
 
නාගයන්ගෙත් යක්ෂයන්ගෙත් ජාන වංශ අතර ඒ නිසාම දේශපාලන බල කියවීමක් මතුවේ. නාඳුගල තොටුපලද මේ සෙලවීමේ තෝතැන්නක් බවට පත්විය.
සිරිපාද වනවාසයේ එනසාල්ද මැණික්ද, මුලයටියන වනවාසයේ කුරුඳුද පුවක්ද කරාබු නැටිද නැතිව ලෝකයට එදත් පැවතීම අසීරුය. ක්‍රි.පූ.5වන සියවසේ මෙන්ම එය අදත් එහෙමය. මාතොටින් නාඳුගලට තොටුපලක් බැඳෙන්නේ එබැවින්ය. එතැනින් ගොඩපිටියට ඈඳුනු නාවික වෙළදාගමනය කොටපල හරහා දෙනියායෙන් සිරිපාද වන සම්පතට පිවිසෙන මඟ වැටී තිබුණි. නාඳුගලින් සිරිපාදේ නැග වලවේ ගඟින් නැව්නැග ගොඩවාය(අම්බලංතොට) වරායෙන් යලි ග්‍රීකය චීනය බලා එදත් මූදු නාවික ගමන බැදී තිබුණි.
 
 
7212xප්‍රසන්න වීරක්කොඩි සිතුවම්යකුන් මේ නාවික මාවත තහනම් කිරීමත් සමග ලංකාවේ නාග යක්ෂ යුද්ධයක් ඇතිවන තැනට උණුම උණු උණුසුමක් ඇතිවිය. සිංහයන්ට එරෙහිව යක්කු ඇවිලූ සටන නාගයන්ගේ ඔළුව උඩට කඩා වැටුනේය. රටේම යක්කු එක්ව සිංහයන්ට එරෙහි වන විට නාඳුගල නාගයන් සිංහයන් සමඟ එකතුව තොටුපල තහංචිය කැඩුවේය. ඒ නිසා ඉන්දියන් සාගරය මැදින් නාවික වෙළදුන්ට මාතොට සිට සිරිපාදයට යන්නට ඉඩ ලැබිණි. නාඳුගල ලංකාවේ ඉතිහාසයේ හැරවීමක් වූයේ  එබැවිනි.
 
 
මේ සටන අමුතු වූයේ දෙවිනුවර හෙවත් දෙවුන්දර වැල්ලේ කිඳූරන් හා නාඔටුන්නේ නාග කන්‍යාවියන් අතර නැගිටීමකිනි. විදෙස් වැසියන් පිටුදැකීමේ ව්‍යාපාරය හෙවත් යකුන්ගේ ශුද්ධෝත්මවාදය අභියෝගාත්මක කඩඉමක් වූයේ මේ විධියටය. යකුන් අතර යකුන් ප්‍රශ්ණ කල චිත්‍රරාජ මතුවන්නේ ඒ විලසින්ය. චිත්‍රරාජ නාඳුගල තොටමුනින් නැවත මතු වන්නේ එහි බැඳී තිබුණ නා නා පාශාණ්ඩයන් හා මුල් බෞද්ධ ශ්‍රාවකයන්ගේ නිදහස් භූමියේදීය. ආන්තිකවාදය විසිරී ගියේය.ඒ සමඟ පණ්ඩුකාභය රජුගේ බහු අරගලයට පාර ඇරෙන්නේ මේ ආකාරයටය. ග්‍රීකයන් අනුරාධපුරයට අලුත් අදහස් සමඟ පැමිණි බව මහාවංශ දීපවංශ මූලාශ්‍ර තහවුරු කරයි. සයුරෙන් මාතොටට ඇවිත් ඔවුන් නැවතුනේ නාඳුගලය. ඒ යවන වස්තුපුර පුරපති ශිල්ප ලැබූ බිම එය නිසා විය හැකිය.
 
 
නූතන ලංකාව බිහිකරන ශාස්ත්‍ර දැනුමේ සිට මෙරට ඉතිහාසයේ යටිබිම් ගත භූමියක්සේ නාඳුගල මතුවේ.සිංහල බස් රටාවේ වාග් තානය සහ ස්වර මාලා රූපක අක්ෂරවල වෙනම මානයක් නාඳුගලදී හමුවිය. එමෙන්ම නාඳුගලදී බැදුණු නාග අක්ෂරයන් නාවිමන, නාඔටුන්න සහ නයිගලදීද එක සමානව හමුවී තිබේ. සිංහල භාෂාවේ නාග භාෂා ස්වරය තවමත් නිරවුල් කර ගන්නට බැරිව ඇති තානයකි.කෙසේ නමුත් අනුරාධපුර සිට මාතර යුගයේත් කොළඹ යුගයේත් මතුවන මේ අමුතු ශාස්ත්‍රාලය බැදී තිබුනේ නාඳුගලය.
38204297 1049264765229020 1381883977773613056 n
 
නයිගල රජමහා විහාර ගිරි ලිපිය
 
 
නූතන බෞද්ධ ආචාර්යපාදයන් වහන්සේලා අතර අග්‍ර භික්ෂුව වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ නව කවියේ තානය වූ ගජමන් නෝනාද නාඳුගල මහ තෙරණුන්ගෙන් ශිල්ප හදාරමින් ඉතිහාසයේ දීර්ඝ ආභාෂය චිත්‍රයට නගන්නේය. එහෙත් නාඳුගල තොටුපලේ කාන්තිය මැකී යන්නේ කවර කලක හෝ එහි තිබී නා නා පාශාණ්ඩ හා මුල් බෞද්ධ  ශ්‍රාවකයන්ගේ  නිදහස් භූමිය විසිරී යාමෙනි. ක්‍රි.පූ. පළමු සියවසේ වෙළද බලය සමඟ  නැගෙන සොලී බලය ලංකාවේ බහුවර්ණයේ පාට බොඳ කරන්නේය. යකුන්ටද නාගයන්ටද කරන්න වෙන දෙයක් නොතිබිණි සිංහවංශය සමඟ මහාවංශවතුන් සමූල ඝාතනය වී තිබුනේ එළාර රජතුමා අතිනි. යකුන්ගේ ශුද්ධෝත්මවාදයහි සරණ යමින් නාගයන්ද දේශප්‍රේමයේ අරගලයට දෝලනය විය. මේ ලංකාවේ බහුවර්ණ දැකීම මුහුණ දෙන විසංවාදය පටන් ගන්නා තැනය. එතැන් පටන් මාතොට තොටමුණ වටේ කැරකෙන ග්‍රාමවාදයේ සහ නගරවාදයේ සමාජ මතවාදී කේන්ද්‍රය දිගටම දැකිය හැකිය. ඉතිහාසය හා පුරා විද්‍යාවේ අධිනීශ්චය වි ඇති “ශුද්ධොත්තම අපේකම” තුළින්  සිදුවී ඇති යටපත් වීමක් වේ. එනම් නාවිමන නාඔටුන්න නාගඳුව හෙවත් නාඳුගල ඔස්සේ මතුවූ බහුවර්ණ නැගිටීම යටපත් වීමය. මහාචාර්ය කඹුරුපිටියේ වනරතන මහ තෙරිඳු නූතන ඉතිහාස කතිකාවට මේ පුරා විද්‍යා බිම එක්කලද එම පර්යේෂණ ශුද්ධොත්මාවාදී අන්තය වෙතින් යටපත් කර දමා තිබේ. නාඳුගල තොටුපල බහුවර්ණ ඉතිහාසය ගොඩගත යුතුය. එය ලංකාවේ අමුතුම බහු සිතුම් වල අතීත ගුරුකුලයයි.



Sujith 2021(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්