ආණ්ඩුවේ හවුලකාර පක්ෂ විසින් යුගදනවි ගිවිසුමට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කිරීමත් සමග කලබලයට පත්ව සිටින
ආණ්ඩුවේ ප්‍රබලයෙක්, හවුල්කාර පක්ෂවල නායකයින් බිලිබා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භකර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
 
මෙහිදී ඇතැම් පක්ෂ නායක මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ උත්සහයක් ද ක්‍රියාත්මක වෙමින් තිබෙන බව එම ආරංචිමාර්ග සඳහන් කරයි. 
 
එම ආරංචිමාර්ග වලට අනුව පක්ෂ නායක ධුරයක් දරන එක් මන්ත්‍රීවරයකුට රුපියල් මිලියන 50ක අල්ලසක් ලබාදීමට දරා ඇති උත්සාහය අසාර්ථක වී ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. 
 
 මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු පැවසුයේ, තම පක්ෂයේ නායක අසංග නවරත්න මන්ත්‍රීවරයා කිසිඳු විටෙක පෞද්ගලික අපේක්ෂා වෙනුවෙන් ප්‍රතිපත්ති පවා නොදෙන බව ඉර -හද මෙන් සහතික බවයි. අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙතින් එවැනි බලපෑමක් එල්ලවී ඇතැයි පලවන වාර්තාවල කිසිඳු සත්‍යයක් නැතැයි ද ඔහු අවදාරණය කර සිටියේය. 
 
 
හෙට සම්මන්ත්‍රණය නවත්වන්නැයි බලපෑම් !
 
 
මේ අතර ජනාධිපතිවරයාගේ නියෝජිතයකු යයි කියාගත් ව්‍යාපාරිකයකු, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සන්ධානයේ ප්‍රබල අමාත්‍යවරයකු හමුවී යුගදනවි ගිවිසුමට එරෙහිව හෙට පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණය අවලංගු කරන්නැයි ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ. එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ එම තීන්දුව පක්ෂ 11ක නායකයින් විසින් ඒකමතිකව ගත් තීන්දුවක් බැවින් තමන්ට තනිවම ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. 
 
ඇමරිකාව සමග අත්සන් කළ යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා අද පස්වරු 5.30ට අරලියගහ මන්දිරයට පැමිණෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට අද (28) ආරාධනය කර තිබුනේ ඒ අනුව බව පැවසේ. 
 
යුගදනවි ගිවිසුම පිළිබදව සාකච්ජා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙසට අමාත්‍ය විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් 11 දෙනෙකු ජනාධිපතිවරයා ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුනද ජනාධිපතිවරයා එම ඉල්ලීම කිසිඳු ලෙසකින් මායිම් කර නොතිබිණ.
 
පක්ෂ නායකයින්ගේ ලිපියට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයාලිඛිතව දැනුම් දී තිබුනේ, ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා හා මුදල් ඇමැතිවරයා සමග සාකච්ජා කරන ලෙසයි. 
 
 
ජනාධිපතිවරයා තම අදහස්වලට ඇහුම්කන් නොදීම සම්බන්ධයෙන් දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින්, පසුගිය 23දා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ කාර්යාලයේ රැස්වී, තවදුරටත් ජනාධිපතිවරයා පසුපස යාමෙන් පලක් නැති බවටත්, අභ්‍යන්තර සාකච්ඡාවකට අවස්ථාවක් නොදෙන්නේ නම් ජනතාව අතරට ගොස් කරුණු පැහැදිලි කිරීමටත් ඒකමතික තීන්දුවකට එළඹ තිබිණ.
 
 
අනතුරුව ආණ්ඩුවට පක්ෂපාති වෘත්තීය සමිති නායකයින් කැඳවා යුගදනවි ගිවිසුමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට තීන්දු කර තිබිණ. 
 
එහිදී ගත් තීන්දුවකට අනුව, LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම මාතෘකාව යටතේ ගොඩනැගෙන මහජන මන්ත්‍රණ සභාව හෙට (29) සවස 3.00ට ඇතුල් කෝට්ටේ සෝලිස් ශාලාවේදී ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත. 
 
ජනාධිපතිවරයා අද දිනයේම ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් හමුවීමට තීරණය කර ඇත්තේ මෙවන් පසුබිමකය.  
 
 
අලුත් සුළඟක් හෙට සිට හමයි… සෙසු පක්‍ෂ හෙට එලියට බහී…           250538311 4303383486446105 5287301002575648993 n
 
 
 
LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම මාතෘකාව යටතේ ගොඩනැගෙන මහජන මන්ත්‍රණ සභාව හෙට පැවැත්වෙන බව එම සංවිධායක මණ්ඩලය දන්වයි.
 
ඒ සම්බන්ධව දැනුවත් කරමින් මහජන මන්ත්‍රණ සභාව විසින් නිකුත්කර ඇති නිවේදනයක මෙසේ සඳහන් වේ.
 
''රට තුළ වර්තමානයේ මතුවී ඇති සමාජ දේශපාලන අර්බුදය තුළ LNG බලශක්තිය ඇමරිකානු සමාගමකට පැවරීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාව, රටට ආදරය කරන කිසිම පාර්ශ්වයකට මගහැර යා නොහැකි, මාතෘකාවක් බව පැහැදිලිය.
 
එබැවින් ඒ පිළිබඳ විද්වත් අදහස් මත ගොඩනැගෙන නිශ්චිත යෝජනා සාකච්ඡා කිරීමේ “මහජන මන්ත්‍රණ සභා සැසියක්” 2021.10.29 (හෙට) දින සවස 3:00ට පිටකෝට්ටේ පිහිටි සෝලිස් උත්සව ශාලාවේදී පැවැත්වීමට අපි තීරණය කළෙමු.
 
මෙම මහජන මන්ත්‍රණ සභාවේ මූලාසන මණ්ඩලය, පහත දේශපාලන පක්‍ෂ නායකයින් නියෝජනය කරනු ඇත.
 
මූලාසන මණ්ඩලය
 
1. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි,
2 .අමාත්‍ය වාසුදේව නානායක්කාර 
3. අමාත්‍ය විමල් වීරවංශ 
4. අමාත්‍ය උදය ගම්මන්පිල 
5. මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස 
6.  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ 
7.  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. වීරසිංහ
8.  පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස් 
9.  පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එල්.එම්. අතවුල්ලා 
10. පාර්ලිමේන්තු මන්ත්‍රී අසංග නවරත්න 
11. පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග 
 
 
 
 
 
සබැඳි පුවත් 
 
 
 
 
 

THE LEADER TV 
 
ඥාණසාරගේ එක රටක් එක නීතියක්.! | මොණරවිලගේ ලියමන
 
 
 
හාමුදුරුවෝ කරන්නේ කාගේ කොන්ත්‍රාත් එකක්ද ? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්