‘ඔවු... දැන් පහුගිය දේවල් ගැන හිතල වැඩක් නෑ. ඉස්සරහ ගැන හිතන්න... මේ මොහොතේ සිට ආරම්භ වෙන්නෙ අලුත් ජීවිතයක්. ඒකට සුදානම් වෙන්න.

ඒ ගැන විතරක් ම හිතන්න.’ යැයි මගේ සිත මට බල කරන්නට වූ බැවින් මා දෑස් තදින් පියාගනිමින් ම තව තවත් අමෝද්‍ය සර්ගේ තුරුලේ සැඟවුණේ මේ මොහොතේ පිහිටට සිටින එකම ගැලවුම්කරුවා ඔහු පමණකිය යන සිතුවිල්ලෙනි.

 

ඒ සමග ම ‘‘දිවසත්.. මං ඉස්සරහට ඇවිල්ල ඩ්‍රයිව් කරන්න ද... ඔයාට මහන්සිත් ඇති නෙ...’’ යැයි අමෝද්‍ය දිවසත් අයියාගෙන් විමසූ සැණින් මා යළි අපහසුතාවට පත් වුව ද ‘‘නෑ නෑ අමෝද්‍ය... ඕනෙ නෑ... ඔයා ඔහොම ඉන්න. මං ඩ්‍රයිව් කරන්නං’’ යැයි දිවසත් අයියා පවසනු ඇසිණ. එසැණින් මා සිත තුළ
පැන නැගි ව්‍යාකුලතාව පහව ගියා සේ දැනිණ.

 

‘‘අහිංසනා... අහිංසනා... නැගිටින්න... අපි මොනව හරි කාල යං...’’

 

මගේ එක් කොපුලක් මතට සිහින් තට්ටුවක් දමන අතර අමෝද්‍ය පැවසූ වදන් මගේ මනසට දැනුණේ සිහිනයක් මෙනි. ඒ සිහිනය තව දුරටත් දකින රිසියෙන් පෙළුණු මා දෙනෙත් තව තවත් තෙරපාගත්තේ දෑස් නොඅරිමියි යන බලාපොරොත්තුවෙනි. නමුදු ඒ සමග ම ‘‘නංගි... අපි මොනව හරි කාල යමු නේද...?’’ යන හඬ රියදුරු අසුන දෙසින් ගලා ආ සැණින් මා තරමක් ලජ්ජාවට ද පත්විය. ඒ මා මෙතෙක් අමෝද්‍යගේ තුරුලේ රැඳී සිටියේ දිවසත් අයියා ඉදිරියේ නොවේදැයි හැඟණ බැවිනි. එතෙක් මට දිවසත් අයියා පිළිබඳ සිහි නොවූයේ මන්දැයි මා යළිත් මගෙන් විමසී ය. එසැණින් යළි මගේ මනසේ සිතුවම් වූයේ
මවත් පියාත් මට අතවනා සමු දුන් ආකාරය යි.

 

19 17 9 2 14 50 35m

 

තිගැස්සුණු මා එක පැහැර ම අමෝද්‍යගේ තුරුලෙන් ඉවත්ව ‘‘අනේ දිවසත් අයියෙ... දැං අපි මොකද කරන්නෙ... අනේ අමෝද්‍ය... අපි දැං මොකද කරන්නෙ...?’’ යැයි විමසුවේ මා ද නොදැනුවත්ව ම ය. අමෝද්‍ය තරමක් නොසන්සුන් වූ බව හැඟුණ ද දිවසත් අයියා පසුවූයේ ඊට හාත්පසින් ම වෙනස්
තත්ත්වයක ය.

 

‘‘නංගි... ඔයා කලබල වෙන්න එපා. කලබල උනොත් මේ කරපු ඔක්කොම වතුරෙ නෙ... මේ මනුස්සයත් අමාරුවෙ වැටෙනව නෙ... ඔයා මොනවත් නොඋණ විදියට පාඩුවෙ ඉන්න. පුළුවන් තරං ඉවසීමෙන් වැඩ කරන්න. ගෙවල් පැත්තෙ මොනවද වෙන්නෙ කියල මං හොයල බලන්නං. කොහොමටත්
ඔයා ෆ්ලයි කරේ නෑ කියල දැනගත්ත ගමං අනිවාර්යෙන් මාමල මොනව හරි ඇක්ෂන් එකක් ගන්නව නෙ... ඒ වගේ ම අනිවාර්යයෙන් ඉස්සෙල්ල ම කතා කරන්නෙ මට. ඒ වෙලාවට කරන්න ඕන මොනවද කියල මං කියන්නං. එතකං කල්පනාවෙන් වැඩ කරන්න.’’

 

දිවසත් අයියා ඉතා මෘදු ස්වරයෙන් පැවසුවේ රියදුරු අසුන ඉදිරිපිට මඳක් වම්පසට වන්නට ඉහළින් සවි කර තිබෙන කණ්නාඩියෙන් මගේ උවන දෙස දෙනෙත් එල්ල කරගෙන සිටින අතර ය. මගේ ජීවිතයට ආරක්ෂාව ද, ආදරය ද, රැකවරණය ද සැපයිය හැකි යැයි විශ්වාසවන්ත ම පුද්ගලයන් දෙදෙනක්
මධ්‍යයේ විසුව ද මට ඉමහත් බියක් සහ කාංසාවක් මුසු කනගාටුවක් ද දැනිණ. තව පැය කිහිපයකින් මගේ මව, පියා සහ මා බලාපොරොත්තුවෙන් ඕස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොළෙහි රැඳී සිටින අම්මාගේ පැරණි ශිෂ්‍යාවක වන චමෝදි මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වය කෙලෙස ඇරඹී කෙලෙස අවසන් වේද යන්න සිතාගැනීමට පවා අපහසු ය.

 

Damx s4WAAYfWHlජීවිතය යනු මහා පුදුමාකාර දෙයකි. මවු පියන් දරුවන් හදා වඩයි. දරුවන්ගේ යහපත වෙනුවෙන් යැයි කියා දෙමවුපියන් කැමති සියල්ල කරන්නැයි බල කරයි. එය ඔවුන්ගේ අයිතියක් යැයි පවසයි; වගකීමක් යැයි පවසයි; ඔවුන්ගේ සතුට යැයි පවසයි. සැබැවින් ම එය එසේ විය යුතු ද... ළදරුවකු, ළමයෙකු ලෙස සිටින අප වැඩිවියට පත්ව තරුණ වියට පත්වු පසුව ද අපි තව දුරටත් ළමයින් නොවන බව දෙමවුපියන් වටහා නොගන්නේ ඇයි... සැබැවින් ම ඒ දරුවාට හෝ දරුවන්ට ඇති ආදරය නිසාම ද... එසේත් නොමැති නම් අපි ජීවත් විය යුත්තේ දෙමාපියන්ගේ සිහින සැබෑ කිරීම සඳහා යැයි ඔවුන් සිතන නිසා ද... එය එක් පසෙකින් සාධාරණ විය හැකි ය. එහෙත් එවිට තරණියක සේ තරුණයෙකු සේ ඔවුන්ගේ ස්වාධිනත්වය රැකගන්නේ කෙසේ ද... ඔවුන් තව දුරටත් දෙමාපියන්ගේ අණට කීකරු තරුණ තරුණියන් විය යුතු ද... ඔවුන්ට යැයි අනන්‍යතාවක් ගොඩනගාගත නොහැකි ද... ඔවුන් තව දුරටත් දෙමාපියන් අත රැඳි රැහැනකින් ගැටගැසූ පිරිසක් විය යුතු ද... ඔවුන් කැමති ආකාරයකට ජීවිතය විඳීමට අවස්ථාවක් නැතිද... මේ ප්‍රශ්න නොව ගැටලු සඳහා නිසි පිළිතුරක් නැති ද... ජීවිතයේ කෙතෙක් කාලයක් දරුවන් දෙමාපියන්ගේ අණට යටහත් පහත්ව, කීකරුව විසිය යුතු ද... එමෙන් ම තරුණයකු සහ තරුණියක සිය ජීවිතයේ වැදගත්ම කරුණක් පිළිබඳව තීරණයක් ගැනීමේ දී පවා ඒ සඳහා දෙමවුපියන්ගේ බලහත්කාරය යෙදවීම කෙතරම් පහත් ක්‍රියාවක් ද...?

 

‘‘අහිංසනා... බහිමු ද...? මට ඊයෙ රෑත් හරියට කෑමක් නෑ.’’

 

එතෙක් කල්පනා දැහැනක වෙළී සිටි මගේ මනස තුළට විදුලි සරයක් ඇතුළු වූයේ අමෝද්‍ය ගේ අවසන් වදන් කිහිපය හේතුවෙනි. ‘දෙයියනේ...! ඒ කියන්නෙ මගේ අමෝද්‍ය ඊයෙ රැට කාල නැතුව වද්ද...?

 

කහ මිහ්‍ර රතු පහැති ඇපල් ගෙඩික් මෙන් දිදුලමින් තිබූ ඔහුගේ උවන පුරා කාළ වර්ණයෙන් යුක්ත රැවුල වැවුණු පසු එහි හැඩය බෙහෙවින් ම වෙනස් වී තිබේ. කිසියම් ආකාරයකින් දුලීකාට වුව ද ඔහු මග තොටකදී හමුවූයේ නම් හඳුනාගන්නට අපහසු වනවා නොඅනුමාන ය. ඔහුගේ උවනෙහි හැඩය ඒ තරමට ම වෙනස් වී තිබේ. එහෙත් ඔහුගේ දෙකොපුල්වලට මඳක් ඉහළින් පිහිටි පෙසේ වර්ණය බිඳකදු හෝ වෙනස් වි නොමැත.

 

ඇතැම් විට මෙසේ රැවුල වවන්නට ඇත්තේ සිතාමතා ම විය හැකි ය. ඔහු මෙතරම් කැපවීමක් කළේ මා වෙනුවෙනි.

 

‘‘අනේ මට සමාවෙන්න අමෝද්‍ය... මට... මේ... මම වෙන කල්පනාවක හිටියෙ... යං යං...’’

 

මා එසේ පවසන විටත් දිවසත් අයියා සිටියේ වාහනයෙන් පිටත ය. අමෝද්‍ය වාහනයේ දකුණු පස දොර විවෘත කළ පසු මා ද එපසින් ම වාහනයෙන් බැසගත්තේ අමෝද්‍යගේ වමත මගේ දකුණතෙහි පටලාගනිමිනි.

 

Porsche 356 H48 x L72 inches

 

‘‘තවම වෙලාව පහයි දහයයි. කොහොමටත් අපිට හතහමාර අට වෙද්දි යන්න පුළුවන් වෙයි.’’ හෝටලය දෙසට ගමන් කරන අතර ම ආපසු හැරුණු දිවසත් අයියා පැවසුවේ ඔරලෝසුව දෙස බලමිනි. දැන් අපි යන්නේ කොහේදැයි කියා හෝ මේ වන විට මම දැන නොසිටියෙමි. මා රැගෙන යන්නට නිශ්චිත තැනක් සුදානම් කර ඇති බව දිවසත් අයියාගේ කතාවෙන් මට වැටහිණ.

 

‘‘අයියෙ... අපි දැන් කොහෙද අයියෙ යන්නෙ...?’’

 

අමෝද්‍ය ගේ අතේ එල්ලීගෙන සිටි මා ඔහුගෙන් කිසිත් නොවිමසා දිවසත් අයියාගෙන් විමසුවේ මන්දැයි මට නොවැටහිණ.

 

‘‘මං දන්නෙ කොහොම ද... ඔය ඉන්නෙ ඔයාගෙ පෙම්බරා... එයාගෙන් ම අහගන්න...’’

 

Touch 36 x 48 Oil on Canvas Anna Kincaide 756x1024දිවසත් අයියා පැවසුවේ ආදරණීය සිතුවමක් උවනේ සිතුවම් කරගනිමිනි. එහි ඇඳි තිබුණේ ‘‘කොතනක උනත් ඒ ඔයාට ආරක්ෂාව තියෙන තැනක් නංගියෝ,’’ යන වදන් පෙළ ය.

 

‘‘අනේ අමෝද්‍ය... කියන්නකො... අපි කොහෙද යන්නෙ...’’

යන ගමන නතර කළ මා, මගේ දෑතින් ම අමෝද්‍යගේ අත මඳක් පහළට අදින අතර හිස ඔසවා ඍජුවම ඔහුගේ දෙනෙත් වෙත මගේ දෙනෙත් එල්ල කරමින් විමසී ය.

 

‘‘ම්ම්ම්... ගිහිල්ල ම බලාගන්නකො ආ...’’ යැයි පැවසූ අමෝද්‍ය ඔහුගේ දකුණතින් මගේ දෑත් අල්ලා පැවසී ය.

 

ඉක්බිති තවත් කිසිවක් ම විමසන්නට මට සිත් නොදුණි. මන්ද ඔහු මා සුරක්ෂිත කරන බව මට විශ්වාස ය. ඔහු මා වෙනුවෙන් බොහෝ වෙහෙස වී ඇති බවක් ද මට හැඟිණ. ඒ අන් කිසිවක් නිසා නොව ඔහු මට ආදරය කළ බැවිනි. මා ද ඔහුට ආදරය කළේ ය. ඉදින් දැන් එළඹ ඇත්තේ ඒ ආදරයේ මිහිර අත්විඳින සමය නොවේ ද? එසේ නම් දැන් කළ යුත්තේ එය අත්විඳීම මිස අනවශ්‍ය ප්‍රශ්න ඇසීමෙන් වැළකී සිටීම නොවේ ද...?

 

අප පසු කර ගිය කාලය කොපමණදැයි නොදැනිණ; අප පසු කර ගිය මං මාවත්, වෙල් ඉපනැලි, ගංගා, ඇළ, දොළ කඳු වැටි කොපමණදැයි නොදනිමු. නමුදු දිවසත් අයියා වාහනය නතර කරන විට මා නින්දෙන් පිබිදුණි. වාහනයේ සිට ම වට පිට බලන විට දක්නට ලැබුණේ අඩ මිහිදුම් සහිත වටපිටාවකි. පෙනෙන තෙක් මානයේ කඳුවැටි දක්නට ලැබුණේ ද මිහිදුම් පටල අතරිනි. මා අවට දෙනෙත් යොමු කරන විට අමෝද්‍යගේ දෙනෙත් යොමුව තිබුණේ මගේ දෙනෙත් වෙත ය. ඔහුගේ දෙනෙත් ද මගේ දෙනෙත් සමග ම ඔබ මොබ සක්මන් කරන බව දුටුවේ මොහොතකට ඔහුගේ දෙනෙත් මගේ දෙනෙත් සමග සම්මුඛ වූ නිමේෂයේ ය.

 

‘‘අමෝද්‍ය... අපි මේ කොහෙද ඉන්නෙ...? තේ බීල පිටත් උනාට පස්සෙ මට එක සැරයක් නිට්ඹුවෙදි ද කොහෙද ඇහැරුණා... ඊට පස්සෙ හොඳට ම නින්ද ගියා නෙ...’’

dc52952d1d940b83293f7094949f79a0 digital paintings forests

වාහනයෙන් බසින්නටත් පෙර මා අමෝද්‍යගෙන් විමසුවේ මේ අසවල් පෙදෙස වන්නට ඇතැයි අනුමාණයක් ද සහිතව ය.

 

‘‘ම්ම්ම්... බැහැල ම බලන්නකො,’’ යැයි පැවසූ අමෝද්‍ය වාහනයෙන් බැස්සේ ඔහුගේ වමත මගේ දකුණතෙහි පටලාගන්නා අතර ය. දිවසත් අයියා ඒ වන විට ද වාහනයෙන් බැස බොනට්ටුවට හේත්තුවී වට සිරි නරඹමින් සිටියේ අප දෙදෙනා පිළිබඳ කිසිදු නිනව්වක් නැති සේ ය.

 

‘‘අම්මෝ... ඇත්තට ම අමෝද්‍ය මේ කොහේද... නුවරඑළිය ද...?’’

 

මා විමසුවේ අමෝද්‍ය ගේ සිරුලේ වෙළෙමිනි.

 

‘‘ඒයි... දිවසත්... මෙන්න මෙයාට කියල දෙනවද මේ කොහේද කියල,’යැයි හඬනගා පැවසූ අමෝද්‍ය ‘‘අපේ ගමන තවම ඉවර නෑ. මේ නැවැත්තුවෙ ඔයාට ඉන්න සූදානම් කරපු තැනට ටිකක් මෙහායින්. මෙතනට තමයි මේ පැත්ත ම ලස්සනට පේන්නෙ. තවම මීදුම නිසා පැහැදිලි නෑ. මේ පැත්තෙ තමයි වික්ටෝරියා ඩෑම් එක තියෙන්නෙ. මේ පැත්තෙ අර පල්ලෙහා තමයි ටර්බයින් එක තියෙන්නෙ.’’

 

අමෝද්‍ය වම්පසටත් දකුණු පසටත් අත යොමු කරමින් පැවසුවේ ඔහු මේ ප්‍ර දේශය පිළිබඳ මැනවින් දන්නා පුද්ගලයෙකු ලෙසිනි. මගේ අනුමානය වැරැදි ය. එහෙත් පරිසරය ඒ හා සමපාත ය.

 

‘‘ඒ කියන්නෙ මේ නුවර...,’’

 

huge.24.123457‘‘ඔවු... නුවර... නුවර කිව්වට නුවර ඉඳලත් කිලෝමිටර් තිහකට වැඩියි. මේ හරියට කියන්නෙ අධිකාරිගම කියල. ඔය ටර්බයින් එක හදන්න යන සුද්දො මේ හරියෙන් තමයි පාරවල් කපාගෙන ගිහින් තියෙන්නෙ. හැබැයි උං කැපුවෙ පාරට අවශ්‍ය කොටස විතරයි. ඒ හිංද තමයි අදටත් මේ පැත්ත මේ වගේ
ලස්සනට තියෙන්නෙ. අපේ එවුං කැපුවනං මේ වටින කියන ගස් එකක්කත් ඉතුරු කරන්නෙ නෑ.’’

 

මගේ පැනය විමසා අවසන් වන්නටත් පෙර ම අමෝද්‍ය පිළිවදන් සැපවූයේ ඔහු ද අමන්දානන්දයට පත්වූ ඉරියව් විදහාලමිනි. ඇතැම් අවස්ථාවල දී දිවසත් අයියා සමග මා අමෝද්‍ය පිළිබඳ අඩු තක්සේරුවෙන් කතා-බහ කිරීම පිළිබඳ මට ම ලජ්ජා සිතිණ; කනගාටු සිතිණ. හැකි ඉක්මනින් මාව රැගෙන යන්නැයි අමෝද්‍ය වෙත දැන්වූ ඇතැම් අවස්ථාවල දී ඔහු දැක්වූ ප්‍රතිචාරවලට අනුව ඔහු මා වෙනුවෙන් මෙතරම් සැලකිලිමත් වෙතැයි මම කිසි දිනක නොසිතුවෙමි. ඔහු මේ සියල්ල සිදු කරන්නේ මා සතුටින් තියන්නට බව මට දැන් පැහැදිලි ය. සැබැවි... මේ මොහොතේ මා මෙතරම් සතුටින් සිටිය ද තවත් පැය කිහිපයකින් ගිනි ඇවිළීමට නියමිත ය. ඒ මොහොතේ සිට එහි සියලු බර දරන්නට සිදුවන්නේ දිවසත් අයියාට ය. ඇත්තෙන් ම ඔහු මට සොහොයුරෙකටත් වඩා ළෙන්ගතු ය. ඔහු මට එතරම් ළෙන්ගතු නොවන්නට මේ වන විට මා සිටින්නේ ගුවනේ ය.

 

‘‘ඇයි ඔයා කල්පනා කරන්නෙ... ගෙදර මතක් උනාද...?’’

 

මගේ වෙනස වටහාගත් අමෝද්‍ය විමසුවේ ඔහුගේ දකුණත්ලෙන් මගේ වම් කොපුල පිරිමදින අතර ය. ඔහු හැම විටම උත්සාහ කරන්නේ මගේ සිත තුටින් තබන්නට බව මට හැඟි ගොස් තිබිණ.

 

3bf6a36349ea8ba0a94914362a758ab2

 

‘‘එහෙමමත් නෑ අමොද්‍ය... මං මේ කල්පනා කරේ මම සමහර වෙලාවට ඔයා ගැන වැරැදි විදියට හිතුව නේද කියල. මං ඔයාට ඕනවටත් වඩා ප්‍රෙසර් කරා නේද කියල. මට සමාවෙන්න අමෝද්‍ය... මං එහෙම කරා නම් ඒ කරේ අපි දෙන්නට මෙහෙම ඉන්න ඕන නිසා මිසක් ඔයා ගැන වැරදි අදහසකින් නෙවෙයි අමෝද්‍ය...’’

 

මා එසේ පැවසුවේ දිවසත් අයියා ද අසල සිටින වගක් නොහැඟී අමෝද්‍ය මගේ සිරුරට තුරුල් කරගන්නා අතර ය. ඒ මොහොතේ වුව ද අමෝද්‍ය ඊට ප්‍රතිචාර දැක්වූයේ නව යුවළක් හැසිරිය යුතු ආකාරයෙන් නොවේ. ඔහු එක් වර ම යම් තිගැස්මකට ලක් විය. එහෙත් එය දැනෙන්නට නොහැරි හෙතෙම ‘‘හම්ම්ම්... මං ඒක දන්නව අහිංසනා... අපි ඒව පස්සෙ කතා කරමු. දැන් යමුද...? දිවසත්ටත් ටයඩ් ඇති නෙ,’’ යැයි මට පවසා දිවසත් දෙසට අත යොමු කර ‘‘දිවසත් අපි යමු ද... ඔයාටත් ටයඩ් ඇතිනෙ. ගිහින් ටිකක් රෙස්ට් කරමු...’’ යැයි යෝජනා කළේ ය.

 

‘‘ ආ... හරි හරි... මම මේ පැත්තකට වෙලා හිටියෙ අලුත් ජෝඩුවට අවට සිරි නරඹන්න බාධා කරන්න හොඳ නැති නිසා. හරි... එහෙනං අපි යං...’’

ඉවර නෑ...
 

jayasiri 04 e1619629387941.jpg

(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 2022/10/14

 

වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්
 
 
 
 
 
 
 
 
 
 
වජ්ජා’වජ්ජ 31: මං දැං ඉන්නෙ පනහෙ කණුව කිට්ටුව (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 30 : නීතිය කියන්නෙ වල් වැදුණු සංකල්ප ගොන්නක් - (ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 28 : අවුරුද්දක් ඉවසන්න - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 27 : දීපු බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ම වෙනව නෙ... - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 26 : 'ඔවු... අපිට අවම විනය ක්‍රියා පටිපාටියකට යන්න වෙනව' -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...

 


 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

Theleaderx2022

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්