‘‘හරි... දැන් අපි ආපු කාරණේ කතා කරමුකො. මාත් මේ පණ්ඩිත කතාවක් කියල ඔයාගෙ මූඩ් එක නැති කරා නේද...?’’



එසේ විමසන අතර ම ප්‍රතිෂ්ඨ ඇගේ දෑත්වලින් ඔහුගේ දෑත් මුදවාලී ය. ඇය ද එය එසේම වන්නට ඉඩ හැරියා ය. දෙදෙනා ම දෙදෙනාගේ උණුසුමට මොහොතක් ආසක්ත වුව ද කුමන හෝ හේතුවක් මත දෙදෙනා ම යළි ක්ෂණයකින් ඒ ආසක්ත භාවයෙන් වියුක්ත වූහ.

යළි කතාව ඇරඹියේ සචේතනී ය.

hm048 holding hands by helga mcleod by helgamc d8uxo5v 414w

‘‘හරි... මේ අහන්නකො... මං ඊයෙ පුතත් එක්ක බයික් එකේ යනව දැක්කම මොනවද හිතුවෙ...?’’

අහිංසනා විමසුවේ කය තමා අසල රඳවා සිටිය ද මනසෙන් වෙනත් කොතැනක හෝ ලැගුම් ගෙන සිටි ප්‍රතිෂ්ඨගේ අතට සියුම් ලෙස තට්ටු කරන අතර ය.

ස‍චේතනීගේ මුවෙන් ගිලිහුණ වදන් හඬින් නොව ඇගේ සියුමැලි අත්ලෙන් කළ ක්ෂණික ස්පර්ශය හේතුවෙන් ප්‍රතිෂ්ඨ පියවි සිහියට එළඹිණ.

‘‘න්... න්... නෑ... එහෙම විශේෂ දෙයක් හිතුවෙ නෑ...’’

ප්‍රතිෂ්ඨගේ මුවෙන් එම වදන් ගිලිහුණු සැණින් දෙනෙත් විසල් කර, එහෙත් පියකරු ස්මිතයකින් උවන සරසා ගත් සචේතනී ‘‘විශේෂ දෙයක් හිතුවෙ නෑ...! එහෙනං ඇයි මේ දවසක් ම ඒක හිතේ හිර කරගෙන ඉඳල එක පාරට ම එළියට විසි කරේ... නිකං මේ... ඔළුවෙ තිබුණ බරක් එකපාට්ට ම බිම අත ඇරිය වගේ...’’ යැයි විමසුවා ය.

‘‘මෙහෙමයි... මට ඔයාව හම්බඋණේ ඊයෙ. ඒ වෙලාවෙ ඉඳං මේ වෙනකන් අපි අපි ගැන පුද්ගලික විස්තර කතා කරේ බොහොම අඩුවෙන් නෙ. ඒ නිසා ඔයාට එච්චර ලොකු පුතෙක් ඉන්නව කියල මට කිව්වෙ නැති එක ගැන එහෙම අවුලක් නෑ. ඇත්තට ම අද උනත් අපි ආපු ගමන් ම අපේ වැඩේට ගියා මිසක් පුද්ගලික තොරතුරු කතා කරේ නැහැ නෙ. ඒ නිසා ඒ ගැන එහෙම අවුලක් නෑ.’’

ප්‍රතිෂ්ඨ පැවසුවේ වෙනත් කුමන හෝ අවුලක් ඔහුගේ සිතෙහි සැඟව පවතින බවට ඉඟි සපයමිනි.

‘‘හරි... ඒ කාරණේ ගැන අවුලක් නෑ කියල හිතමුකො... එහෙනං... මොකක් ගැනද දැං මෙයාට මේ අවුල තියෙන්නෙ...?’’

සචේතනී යළි වෙනත් ආකාරයකින් විමසුවේ පෙර පැනය ම ය.

‘‘මෙහෙමයි... ඔයා කසාද නොබැඳපු කෙනෙක් කියල නං මං හිතුවෙ නෑ. ඒත්...’’

‘‘ඒත් මෙච්චර ලොකු පුතෙක්ගෙ අම්ම කෙනෙක් කියල හිතුවෙ නෑ... එහෙම නෙ...?

සචේතනී තම හීය නිවැරැදි ඉලක්කයට ම මුදා හැරියා ය.

‘‘ඔවු...’’

ප්‍රතිෂ්ඨ තනි වදනකින් පිළිතුරු සැපවූයේ හිස ද ඉහළට සහ පහළට සොලවමිනි.

‘‘මං ඔයාගෙං ප්‍රශ්නයක් අහන්න ද...?’’

ksjla
සචේතනී විමසුවේ ඇගේ ශ්වේත වර්ණ දසන් පෙළින් විහිදෙන ආලෝක කදම්භ ඍජුව ම ප්‍රතිෂ්ඨගේ උවන පුරා විහිදුවමිනි.

‘‘අහන්න... අහන ප්‍රශ්නයට උත්තරේ දන්නවනං කියන්නං.’’

ඔහු ද ඔහුට හැකි පමණින් සිය උවන ස්මිතයකින් සරසාගෙන ම පැවසී ය.

‘‘මට වයස කීයක් ඇති කියල ද ඔයා හිතන්නෙ...?’’



කාන්තාවන් බොහෝ දුරට ඔවුන්ගේ නියම වයස සඟවන්නට උත්සාහ කරන මිනිස් කොටසකි. එවන් තත්ත්වයක් මත සචේතනී ඇගේ වයස හෙළිදරව් කරන්නට සැරසීම පිළිබඳ ප්‍රතිෂ්ඨට ඇතිවූයේ විස්මයකි. එසේ වුව ද සචේතනී පසුවන්නේ මෙවන් වයස් මට්ටමක ය යන සිතුවිල්ලක් ප්‍රතිෂ්ඨගේ මනසෙහි තැන්පත් වී තිබිණ.



‘‘ඔයාගෙ වයස...! ඔයාට පිස්සු ද සචේති... ඔයා හිතුව ද මං මේ දේහ ලක්ෂණවේදියෙක් හරි... එහෙම නැත්තං මේ... අනාවැකිකාරයෙක් හරි කියල...’’ යැයි විමසුවේ උපහාසාත්මක සිනහවක් ද ප්‍රදර්ශනය කරමිනි.

‘‘නැහැ අනේ... මං කිව්වෙ මේ... නිකං පෙනුමෙන් කියන්න බැරිද...?’’

එවර ඇය විමසුවේ කුඩා දැරියක මෙන් හිස ද පසෙකට ඇල කරමිනි.

‘‘ම්ම්ම්... ඔවු... සමහර අයගෙ එහෙම කියන්න පුළුවං. ඒත් ඒක හරියට ම ෂුවර් නෑ...’’

ප්‍රතිෂ්ඨ එවර පිළිවදන් සැපවූයේ ඔහු මෙතෙක් සිටි ව්‍යාකුල භාවයෙන් මඳක් ඉවත්ව බව ඔහුගේ වදන්වල හැඩය සාක්ෂි සැපයී ය. සචේතනීට ද එය වටහාගන්නට එතරම් අපහසු නොවිණ.

‘‘හරි... දැනෙන විදියට කියන්නකො...’’

kslප්‍රතිෂ්ඨ, වමතේ මහපටැඟිල්ලෙන් සහ දබරැඟිල්ලෙන් සිය දෙතොල් ස්පර්ශ කරන අතර ම දෙතොල් මඳක් උල් කර ‘‘ම්ම්ම්... එච්චර ලොකු පුතෙක් ඉන්නව නං ඔයාට අවම හතළිහක්කත් ඇති... හැබැයි අවංකවම කියනව නං ඔයාට එච්චර පේන්නෙ නෑ...’’

උවන පුරා ප්‍රහර්ෂණීය ස්මිතයක් සිතුවම් කරගත් සචේතනී ‘‘වාව්... එහෙම ද... හරි... එහෙනං කියන්නකො මගේ වයස කීයක් විතර පේනවද කියල...?’’ යැයි විමසුවේ දඟකාර යෞවනියක විලසිනි.

‘‘ඔය ඉතිං... මං කිව්වෙ... වයස අඩුවෙන් කියනවනං හරි... පේනව නං හරි ගෑනු ඒකට මාර ම කැමතියි...’’
ප්‍රතිෂ්ඨ ද පැවසුවේ සචේතනීට නොදෙවෙනි හැඟීම් සමුදායකින් උවන සිතුවම් කරගනිමිනි.

‘‘හරි හරී... ඒක මේ... ඒක ගෑනු ගතිය කියමුකො... ඔයා දැං කියන්නකො මට වයස කීයක් විතර පේනව ද කියල.’’

මීට විනාඩි කිහිපයකට පෙර සචේතනීගේ උවනෙහි සිතුවම් වී තිබූ බියපත් භාවය මේ වන විට සපුරා ම වියැකී ගොසිනි. මේ මොහොතේ ඇය අවට හමුදා සෙබළුන් නොව සාමාන්‍ය මිනිසුන් හෝ ඇතැයි නොසිතන තරමට ම ඇය සැහැල්ලුවට පත්වී සිටින්නී ය.

‘‘ම්ම්ම්... ඇත්ත ම කියනව නං... ඔයා දිහා බලන ඕනම කෙනෙක් හිතනව ඇත්තෙ ඔයාට අවුරුදු තිස් පහක් තිස් හතක් විතර වෙනව ඇති කියල. සමහර විට වෙනෙ කෙනෙක්ට ඊට වැඩියෙං පේන්නත් පුළුවං. හැබැයි ඔයා දැකපු මුල්ම මොහොතෙ මට හිතුණෙ එහෙමයි.’’

ප්‍රතිෂ්ඨ සිය අදහස ඍජුවම මුදා හැරී ය.
‘‘හනේ හනේ... ඒ කියන්නේ... මං දැකපු මුල්ම මොහොතෙ එහෙම හිතුවට දැන් හිතෙනව හතළිහක් විතර ඇති කියල... එහෙම නෙ...’’

සචේතනී පෙර පැනය ම වෙනත් ලෙසකින් විමසුවා ය.

‘‘ඔවු... මොකද අවුරදු තිස් පහක් විතර වගේ කෙනෙකුට අච්චර ලොකු පුතෙක් ඉන්න බෑ. එහෙම ඉන්නවනං ඉතිං...’’

ඉන් ඔබ්බට කිසිවක් නොපැවසූ ප්‍රතිෂ්ඨ එතෙක් සචේතනීගේඋඅවන සමග සම්බන්ධ කරගෙන සිටි දෙනෙත් වෙනතක යොමු කරමින් පැවසී ය.

‘‘ඇයි ‘ඉතිං’ කියල නැවැත්තුවෙ...?’’

සචේතනී පෙරළා විමසුවා ය.

‘‘ඉතිං කියල නැවැත්තුවෙ ද... ඉතිං කියල නැවත්තුවෙ... ඇත්තට ම එහෙම නං ඔයාට එච්චර ලොකු පුතෙක් ඉන්න විදියක් නැති නිසා. එහෙම නං ඔයා කසාද බැඳල තියෙන්නෙ අවුරුදු පහළෙවෙදි විතර වෙන්න ඕන නිසා. තවත් කෙටි කරල කියනව නං ඔයා කියන්නෙ බොරු කියල ඕන ම කෙනෙකුට හිතෙන නිසා...’’

එක් වර ම සචේතනීගේ උවන මත අඩ අඳුරක් පතිත විය. එසැණින් ම එය මත ශෝක භරිත හැඟීම් පිරි සිතුවමක් ඇඳිණ.

‘‘ඒ කියන්නෙ... ඔයා හිතන්නෙ දැං මං කිව්වෙ බොරුවක් කියල ද...?’’

‘‘ඔය ඉතිං... ආයෙ විකාරයක් කියනව... මං කියන්නෙ මං එහෙම හිතනව කියල නෙවෙයි. හ්‍රුගක් දුරට ඕනෙ ම කෙනෙකුට හිතෙන විදිය; ඒක තමයි ඇත්තඒ උනාට ඔයාට මට බොරු කියන්න උවමනාවක් ඇති කියල මං හිතන්නෑ.’’

 

ප්‍රතිෂ්ඨගේ මුවෙන් එම වදන් මුදා හැර අවසන් වනවාත් සමග ම සුළු මොහොතක් වුව ද සචේතනීගේ මුව මත පතිතව තිබූ අඩ අඳුරු පැහැය ද ශෝක භරිත භාවය ද කෙමෙන් කෙමෙන් මැකී යමින් පැවතිණ. දීර්ඝ සුසුමක් ඉහළට ඇදි ඇය ඒ තරම් දීර්ඝ ලෙස ම එය පහත හෙළුවා ය.

 

‘‘ඔයාගෙ අදහස් දෙක ම හරි ප්‍රතිෂ්ඨ...’’

සැණෙකින් ප්‍රතිෂ්ඨගේ දෙනෙත් සචේතනීගේ දෙනෙත් සමග පැටලිණ.

‘‘ඒ කිව්වෙ...! මට පැහැදිලි නෑ...?’’

‘‘ඇත්තට ම ප්‍රතිෂ්ඨ දැං මගේ වයස අවුරුදු හතළිස් තුනක්. ඒ වගේ ම හුඟ දෙනෙක් හිතන්නෙ මට අවුරුදු තිස් පහක් තිස් හතක් විතර ඇති කියල. ඒකයි මං කිව්වෙ ‘ඔයාගෙ අදහස් දෙකම හරි’ කියල.’’


ප්‍රතිෂ්ඨ කිසියම් වික්ෂිප්ත භාවයකට පැමිණිය ද එය බිඳකුදු ප්‍රදර්ශනය නොකරන්නට හෙතෙම වග බලාගත්තේ ය.

‘‘ඒ කියන්නෙ... මේ මේ... ඔයා...’’

‘‘ඔවු ප්‍රතිෂ්ඨ... මං බැන්ඳෙ හුඟක් අඩු වයසෙං. මං බඳිද්දි මට අවුරුදු විසි එකයි. අවුරුදු විසි දෙක වෙද්දි පුතා හම්බඋණා. දැං මගේ පුතාට අවුරුදු විසි එක යි. දුවට අවුරුදු දහඅටයි.’’

ප්‍රතිෂ්ඨ විමසන්නට සුදානම් වන්නේ කුමක්දැයි ක්ෂණයෙන් අවබෝධ කරගත් සචේතනී ඔහු එය විමසන්නට පෙර ම පිළිතුරු මුදා හැරියා ය; ඊට අමතර කරුණක් ද ගෙනහැර පෑවා ය. ඇය එසේ කළේ ප්‍රතිෂ්ඨ දිගින් දිගට ම ප්‍රශ්න කළ හොත්... මේ, ඒ ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු සපයන්නට සුදුසු අවස්ථාව මෙය නොවන බව ඇය හොඳින් ම අවබෝධ කරගෙන සිටි බැවිනි.

‘‘ඒ කියන්නෙ ඔයා හතළිස් තුන් වියැති දෙදරු මවක්...!’’

විසල් දෙනෙතින් ද පරිපූර්ණ ස්මිතයකින් ද සරසාගත් උවන මඳක් සචේතනී වෙත ආසන්න කරමින් ම ප්‍රතිෂ්ඨ විමසී ය.

‘‘හරියට හරි... හැබැයි දැනට ඊට වැඩිය යමක් අහන්න සුදානං වෙන්න එපා. වැඩි දුර විස්තර පසුවට...’’

සචේතනී එසේ පැවසුවේ ඉතා ළෙන්ගතු ස්වභාවයකිනි. ඒ ළෙන්ගතු ස්වභාවයට යටින් ලියැවී තිබුණේ කුමනාකාරයේ කතන්දරයක් වුව ද එය සොඳුරු කතන්දරයක් නොවන බව ප්‍රතිෂ්ඨට අවබෝධ විය. එබැවින් ම තව දුරටත් ඒ පිළිබඳ නොවිමසන්නේ යැයි සිත දැඩි කරගත් හෙතෙම ‘‘හම්ම්ම්...’’ ස්වරයක් නැගෙන සේ ඉහළට ගත් සුසුමක් යළි ඒ හඬින් ම පහත හෙලා ළය සැහැල්ලු කරගත්තේ ය.

‘‘හරි සචේති... අපි දැං ඒ කතන්දරේ අමතක කරල ඔයාගෙ වැඩේ ගැන කතා කරමුකො...’’ යැයි පවසනවාත් සමග ම ප්‍රතිෂ්ඨගේ අතකින් අල්ලාගත් සචේතනී එය, ඇගේ උකුළ මත තිබූ අත්බෑගය මත තබා ‘‘තරහ නෑ නේද...?’’ යැයි විමසුවේ හිතවතියක ලෙස නොව පෙම්වතිය මෙනි.

‘ඇත්තට ම මටනං මේකි තේරුං ගන්න බෑ. හරි පුදුම එකියක්. සමහර විට මේකි හුඟාක් හොඳ එකියක් වෙන්නත් පුළුවං. මං ගැන ඕනවටත් වඩා විශ්වාස කරලත් වෙන්න පුළුවං. මේ විදියට හැසිරෙන්නෙ ඒ නිසා වෙන්නත් පුළුවං. එහෙම නෙවෙයි නං මේකි අම්බානක කපටි එකියක්. හරි හරි... බලමුකෝ...’

‘‘ඔය... ආයෙත් සමාධියට වැදුණ...’’

ප්‍රතිෂ්ඨ පියවි සිහියට එළඹියේ සචේතනීගේ වදන් ඔහුගේ සවන් තුළට ඇතුළු වූ පසුව ය.

‘‘නෑ අනේ... සමාධියට සම වැදුණ නෙවෙයි. මං කල්පනා කරේ... ඔයාගෙ වැඩේ ඊළඟ පියවර ගැනයි.’’

‘‘ඊළඟ පියවර කිව්වෙ...? මට තේරුන්නෑ...’’

‘‘ඇයි අනේ... දැං අපි මේ හොයාගත්තු තොරතුරු අතේ තියාගෙන හිටියට පොත හම්බවෙන් නැහැ නෙ...’’

තමා ඊයේ ලේඛනාගාරයට පැමිණියේ කුමකට යන්න පවා මේ වන විට සචේතනීට අමතකව ගොස් ඇතැයි ඇයට හැඟිණ. ඒ පිළිබඳව ඇය, ඇයට ම දොස් පවරාගත්තා ය.

slk

‘ඇත්තට ම මං ඊයෙ මෙහේ ආවෙ මොකට ද... මට මේ වෙද්දි ඒකත් අමතක වෙලා. ඊයෙ අහම්බෙන් හම්බ වෙච්ච මිනිහෙක් එක්ක මේච්චරට ම ළං වෙන්න මට පිස්සු ද මංද... දැං මට වඩා මගේ වැඩේ ගැන උනන්දුව තියෙන්නෙ මෙයාට නෙ...’

‘‘ඔය ඉතිං... දැං මට කියල මං සමාධියට පිවිසිලා කියල... ඒ පාර ඔයා කල්පනා කරනව.’’

එවර සචේතනී පියවි සිහියට එළඹියේ ප්‍රතිෂ්ඨගේ වදන් සවනට ඇතුළු වූ පසුව ය.

‘‘න්... න්... නෑ ප්‍රතිෂ්ඨ... ඇත්තට ම මටත් ඒ ගැන අමතක උණා. ඇත්තට ම දැං අපි ඊළඟට මොකද කරන්නෙ...’’

‘‘කරන්නෙ ද... කරන්නෙ මොනව ද කියල අදහසක් මට තියෙනව. හැබැයි ඒක ඔයාට කියල වැඩක් නෑ. මං වැඩේ කරල ම ඔයාට කියන්නං.’’

‘‘ඒ කිව්වෙ...!’’

ප්‍රතිෂ්ඨගේ අදහස පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොතිබූ සචේතනී විමසුවා ය.

‘‘ඒකට මට දවස් දෙක තුනක් දෙන්න. මම අදාළ වැඩේ කරල ඔයාට කතා කරන්නං. එහෙම නැත්නං දවස් දෙක තුනකිං ඔයා මට කතා කරන්න.’’

‘‘ඔයා මට හරි මං ඔයාට හරි කතා කරන්න...! ඒ කියන්නෙ මං ආයෙ කවද්ද එන්න ඕන...?’’

මුව පුරා පූර්ණ ස්මිතයක් සිතුවම් කරගත් ප්‍රතිෂ්ඨ ‘‘ඔයා එන්න ඕන නෑ... මට ඔයාගෙ ෆෝන් නම්බර් එක දෙන්න. මං ඔයාට දවස් දෙක තුනකින් කතා කරන්නං...’’ යැයි පවසා ඉඳ සිටි අසුනෙන් නැගී සිටියා ය.

සිටි ඉරියව්ව නෙස් නොකළ සචේතනී හිස පමණක් ඔසවා ප්‍රතිෂ්ඨ දෙස බැලුවා ය.

‘‘එපා... එපා... මට ඔයාගෙ නොම්මරේ දෙන්න. මං දවස් දෙක තුනකිං ඔයාට කතා කරන්නං... කමක් නෑ නෙ...’’

‘‘අනේ කමක් නෑ... එතකොට මගේ ෆෝන් බිලත් ඉතුරුයි නෙ...’’ යැයි පැවසු ප්‍රතිෂ්ඨ සිය කලිසමේ පිටුපස සාක්කුවෙන් ගත් මුදල් පසුම්බියේ තිබූ. ඔහුගේ තොරතුරු ඇතුළත් කුඩා කාඩ්පතක් සචේතනී අත තැබී ය.

එය අතට ගෙන මොහොතක් එදෙස බලා සිටි සචේතනී ‘‘ෂා... මරු නෙ... මං දැනගෙන හිටියෙ නෑ නෙ මේ වගක්...’’ යැයි පවසා වහා නැගිට ඇගේ දෑතින් ම ප්‍රතිෂ්ඨගේ දකුණත අල්ලාගත්තා ය.

ඉවර නෑ...



අරගලය: දින පනහකින් ඉක්බිති...-(ජයසිරි අලවත්ත)ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/07/01  


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්



වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්