ඒ මොහොතේ සිට මේ දක්වා අපේ හමුවීම්, අදහස් හුවමාරු කරගැනීම් යනාදි සියල්ල සුනුවිසුනු කර දමන ලද්දේ මා විසින් ම ය. මා ඒ වෙනුවෙන් වන්දි

ගෙවිය යුතු ය. එම වන්දි ගෙවීම වෙනුවෙන් මට කළ හැකි ඕනෑම කැපකිරීමක් කිරීමට මා සුදානම් ය. හෙට දිනයේ ඒ සියලු බරෙන් නිදහස් විය හැකි ය; පසුගිය සමයේ මාතින් කිසියම් වරදක් සිදුවූවා නම් සර්ගේ දෙපා මුල වැතිර ඒ සියලු වැරැදි කමා කරගත හැකි ය. මට ජීවිතයේ ලද හැකි උපරිම සතුට එය යි. ඔවු... මා එය කළ යුතු ම ය. මෙතෙක් කල් දැන හෝ නොදැන ඒ අහිංසක සිතට කළ සියලු රිදවීම් සමනය කළ යුතු ය. මා වෙනුවෙන් ඔහු දැරූ සියලු දුක් වේදනා හැකි ඉක්මනින් ම අවසන් කළ යුතු ය. සර් කෙරෙහි මගේ සිතේ පවතින ආදරය කෙතරම්දැයි ප්‍රත්‍යක්ෂ කළ හැකි වන්නේ එවිට ය; වලාකුළක් සේ සැහැල්ලුවෙන් පාව ගොස්, සර්ට ද නොදැනෙන පරිදි සර්ගේ සිරුර තුළට ඇතුළු විය හැක්කේ එවිට ය. අහා...! එය කෙතරම් ආශ්වාද ජනක මොහොතක් ද...?

**********

එදින රාත්‍රී දහයයි විස්සට පමණ අම්මා, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඇගේ ශිෂ්‍යාව වන චමෝදි වෙත විඩියෝ ඇමතුමක් ගෙන ඇයට මා හඳුන්වා දුන්නා ය.

‘‘හායි නංගි...’’

ඇය මට වඩා වසර දහයක් පමණ වැඩිමහල් වුව ද ඇගේ රුව දුටු සැණින් මා විස්මයට පත් විය. ඒ, ඇය පෙනුමෙන් මටත් වඩා බාල තරුණියක යැයි හැඟුණ බැවිනි.

‘‘හායි අක්කෙ...’’

The Telephone Call v2මා පෙරළා පිළිවදන් සැපවූයේ තව පැය දහයක් දොළහක් ඇතුළත ඇය සජීවීව දැකගන්නා බලාපොරොත්තුවෙන් යුතුව බව ද ඇයට හඟවමිනි.

‘‘නංගි... ඔයා කිසිම දේකට බයවෙන්න එපා. ඔයා එයාපෝර්ට් එකෙන් බැස්ස ගමන් එළියට එන්න. මම අනිවාර්යයෙන් ම අපේ තාත්ති එක්ක ඇවිත් ඉන්නං.’’

ඇගේ බලාපොරොත්තු පිළිබඳ මගේ සිත තුළ කනගාටුවක් පැන නැගුණ ද එය අංශු මාත්‍රයක් හෝ ප්‍රදර්ශනය නොකරන්නට මම වගබලාගතිමි.

‘‘හරි හරි අක්කෙ... අම්ම මට ඔයා ගැන විස්තර ඔක්කොම කියලනෙ තියෙන්නෙ. මං ඔයා කියන විදියට වැඩ කරන්නංකො. මං අම්ට ෆෝන් එක දෙනව අක්කෙ,’’ යැයි පැවසූ මා හැකි ඉක්මනින් දුරකතනය අම්මා අතට පත් කළේ මගේ මුහුණේ ඉරියව්වල වෙනසක් සිදුවුව හොත් එය අපේ බලාපොරොත්තු සියල්ල ගඟට කැපු ඉණි සේ ඵල රහිත වන බැවිනි.

‘‘ආ... හරි දුව. අපි එකොළහ වෙද්දි මෙහෙන් පිටත් වෙනව. දෙයියන්ගෙ පිහිටෙං කරදරයක් නොවුනොත් අපිට තුන වෙද්දි කටුනායකට යාගන්න පුළුවන් නෙ... මං එහේට ගිහින් දුවට කෝල් එකක් ගත්තට කමක් නැද්ද...?’’

මව එසේ විමසුවේ ලංකාවත් ඕස්ට්‍රේලියාවත් අතර පවතින කාලයේ වෙනස හේතුවෙන් බව මට වැටහිණ.

‘‘අයියෝ... ඒකට කමක් නැ මැඩම්... මැඩම්ල තුනට විතර එයාපොර්ට් එකට ගියත් ඒ වෙද්දි අපිට උදේ හතහමාර විතර වෙලා. කීයට ද මැඩම් ෆ්ලයිට් එක තියෙන්නෙ...?’’

‘‘ම්ම්ම්... උදේ හයයි දහයට කියල තමයි දුව තියෙන්නෙ...’’

‘‘ආ... හරි මැඩම්... කොහොමටත් මෙහෙට ලැන්ඩ් කරද්දි හවස තුන තුනහමාර විතර වෙයි. අපි ඒ වෙද්දි එයාපෝර්ට් එකේ ඉන්නං මැඩම්.’’

සිය විදුහල්පතිනිය වෙනුවෙන් තමන්ගේ වටිනා කාලය, ශ්‍රමය මෙන් ම මුදලක් ද වැය කරන චමෝදි පිළිබඳව කනගාටුවක් ඇති වුව ද, මම එසැණින් ම එම කනගාටුව සිතෙන් පලවා හැරියෙමි. මා සිතිය යුත්තේ ඇය පිළිබඳ නොව මගේ බලාපොරොත්තු ඉටු කරගන්නා ආකාරය පිළිබඳව ය.



මවගේ සහ චමෝදි අතර පැවති සංවාදය අවසන් වනවාත් සමග ම දිවසත් අයියා ද පැමිණියේ ය. මා ඔහුගේ උවන වෙත මගේ දෙනෙත් එල්ල කළේ එහි සිතුවම් වී තිබෙන්නේ කුමනාකාරයේ සිතුවමක් දැයි නිසියාකාරයෙන් නැරඹීමේ අටියෙනි. ඔහු මා දුටු විගස ම පූර්ණ ස්මිතයකින් උවන සරසා ගත්තේ ‘කිසි දේකට බය වෙන්න එපා නංගියෝ’ යන අදහස ප්‍රකට කරමින් බව මට සැණින් වැටහිණ. දැන් ඉතිං මා කුමකට නම් බිය වන්න ද...? තව හෝරා කිහිපයකින් මා මගේ අමෝද්‍ය සතුවන බව මට දැන් සක් සුදක් සේ පැහැදිලි ය. එහි පූර්ණ ගෞරවය සහ ස්තුතිය හිමි විය යුත්තේ දිවසත් අයියා වෙත ය.

‘‘ආ... පුතා ආව ද... මං මේ ඒත් බැලුව පරක්කු මොකද කියල...’’

දිවසත් අයියා දුටු විගස ඉදිරියට පැමිණියේ තාත්තා ය.

‘‘පරක්කු නෑ මාමෙ... අපි හරියට ම එකොළහට මෙහෙන් පිටත් වෙමු...’’

hands man woman retro pocket watch vintage stylized drawing there addition vector format eps 80458195ඔහු එසේ පැවසුවේ ඔහුගේ වමතෙහි පැලඳ සිටි අත් ඔරලෝසුව දෙස බලන අතර ය. මා ඔවුන්ගේ දෙබස් නැසුණා සේ කාමරයට පිටත් වූයේ මගේ සිතේ පැවති බිය නිසා ද එසේත් නොමැති නම් සතුට නිසා ද යන්න නිශ්චය කරගැනීමට නොහැකි විය. එහෙත් කමාරයට ඇතුළු වීමට පෙර තාත්තාත් දිවසත් අයියාත් අතර ඇති වූ සංවාදය මා වඩාත් ප්‍රහර්ෂයට පත් කළේ ය.

‘‘පුතා... දැං ඔයාගෙ වාහනේ මෙහේ දාල ගිහින් අපිත් එක්ක ආපහු එනව නේද...’’

‘‘ආ... නෑ මාමෙ... මාමයි මායි මගේ වාහනේ යං. මොකද මං එහෙම්ම ම පුත්ලමෙ යන්න කියල... ඔෆිස් එකේ වැඩකට. නංගි පිටත් උනාට පස්සෙ මට උදෙන්ම ගිහිං එහේ ලොජ් (Lodge) එකේ ටිකක් රෙස්ට් කරන්න පුළුවං. මං කලිංම ඒක බුක් කරා මාමෙ.’’

‘‘හහ් හහ් හා... පුතා එහෙනං මේ ගමනෙ වියදමත් රාජකාරියට ම බැර කරා ආ...’’

තාත්තා විමසුවේ උපහාසයෙන් මෙනි.

‘‘අනේ නෑ මාමෙ... කොහොමටත් ඒක ලබන සතිය දිහා යන්න හිටපු ගමනක්. මං අපේ වැඩෙත් කියල ඒකත් එක්ක ම මේකත් ඇරෙන්ජ් කරගත්ත.’’

දිවසත් අයියා ඉතා සැහැල්ලුවෙන් මුදා හළ ඒ වදන් තුළ සැඟව තිබූ රහස දැන සිටියේ මාත්, දිවසත් අයියාත්, මේ මොහොතේ අප අසල නොසිටින අමෝද්‍යත් පමණි.

**********

පෙර සූදානම් කරගත් පරිදි ම රාත්‍රී එකොළහට පමණ නිවසෙන් පිටත් වූ අප අලුයම දෙකහමාරත් තුනත් අතර කටුනායක ගුවන් තොටුපොළට ළඟා විය. අප සමුගන්නා නිමේෂය තාත්තාට ද මවට ද බෙහෙවින් ශෝකාකූල අවස්ථාවක් වුව ද මසිත සොම්නසින් පිරී ඉතිරෙමින් පැවතිණ. එහෙත් මේ මොහොතේ මා හැසිරිය යුත්තේ සම්මානනීය නිළියක ලෙසින් බව සිහිපත් වූ සැණින් මා ද ඒ ශෝකාකූල භාවය උවනට ආරූඪ කරගත්තේ ය. දිවසත් අයියා ද කිසිවක් නොදන්නා සේ මගේ හිස සිඹ ‘‘නංගි... බලාපොරොත්තු නැති කරගන්න එපා. ඔයාට කවදාවත් වරදින්නෑ. ඔයා කොහොම හරි ඔයාගෙ බලාපොරොත්තු ඉස්ට කරගන්න බව මට හොඳට ම විශ්වාසයි නංගි,’’ යැයි පැවසුවේ දරාගත නොහැකි ශෝකයක් ඔහු තුළ පවතිතැයි අනෙකාට හැඟෙන පරිදි ය. එහෙත් ඒ වදන්වල සැඟව පැවතියේ අතිශය රහස් පණිවිඩයකි.

අම්මා බෙහෙවින් ම ප්‍රහර්ෂයට පත්වී ඇති බව ඇගේ උවනතෙහි සිත්තම් වී තිබෙන පසොළොස්වක සඳ කියා පෑ ය. තාත්තා සොම්නස ද දොම්නස ද මුසු උවනෙන් යුතුව අවසන්වරට මගේ හිස සිඹිමින් ‘‘අම්මත් එක්ක තරහවෙන්න එපා. අම්ම හැම දෙයක් ම කරන්නෙ ඔයාගෙ හොඳට නෙ...’’ යැයි සවනට කොඳුරා පැවසුවේ කිසියෙකුට හෝ නොඇසෙන පරිදි ය. මට ඒ මොහොතේ තාත්තා පිළිබඳ ඇති වූයේ වචනයෙන් පැවසිය නොහැකි තරමේ කනගාටුවකි. ඔහු මේ සියල්ල ඉවසා දරා සිටින්නේ කරුණ දෙකක් හේතුවෙන් බව මම දනිමි. ප්‍රධාන ම හේතුව මගේ අනාගතය සාර්ථක කරගැනීම සඳහා අම්මා මේ තීරණයට එළඹි බවට වූ විශ්වාසය යි. මන්ද එදා පාසලේදී ඇති වූ සිද්ධයේ සිට මේ දක්වා සිදුවූ කිසිදු විශේෂ සිද්ධියක් මේ වනතුරුත් තාත්තා නොදන්නා බැවිනි. දෙවැන්න ඔහු කිසි සේත්ම මව අභිභවා යන්නට නොසිතන බැවිනි. කෙස් වුව ද තවත් සුළු මොහොතකින් සිදුවීමට නියමිතව ඇත්තේ මගේ මතු නොව මේ සියලු දෙනාගේ අනාගතය තීන්දු කරනු ලබන නිමේෂය යි.

කිසිදු වෙනසක් නොපෙන්වූ මා ද මට හිමිව පවතින සියලු ඇඳුම් පැලඳුම් මතු නොව සියලු ලියකියවිලි රැගත් බෑගය ද තල්ලු කරගෙන ගුවන් පර්යන්තයට ඇතුළු විය.

********

14cffb3245195ed1894f8af39b11daa0

මේ වන විට අපි ගමන් කරන්නේ කුමන ප්‍රදේශයක ද යන්න පවා මට කිසිදු නිනව්වක් නොමැත. මා ගුවන් තොටුපොළෙහි පිටවන දොරටුව අසලට පැමිණි විගස මා ආසන්නයට පැමිණි දිවසත් අයියා ඉක්මනින් ම මා ද කැටුව ඔහුගේ කාරය අසලට ගොස්, පිටු පස දොර විවර කර ‘‘නංගි... ඉක්මනට නගින්න. මං මේ බෑග් ටික ඩිකියට දාන්නම්,’’ යැයි පවසන අතර ම දොර විවර කර දුන් සැණින් මා ද කාරය තුළට ඇතුළු වූයේ ඔහුගේ අණට කීකරු වෙමිනි. ඔහු මගේ බෑගය ඩිකියට දමා පැමිණ කාරය පණ ගන්වන විට ‘‘අයියෙ... කෝ අයියෙ අමෝද්‍ය... එයා ආවෙ නැද්ද අයියෙ...’’ යැයි මා කලබලයෙන් මෙන් විමසන විට එය මායිම් නොකළ දිවසත් අයියා ‘‘ඔයා කිසි දේකට කලබල වෙන්න එපා... අමෝද්‍ය මග ඉන්නව,’’ යැයි පැවසුවේ ද ඉතා සැහැල්ලු ස්වරයෙනි. කාරය පිටත්වී සුළු මොහොතක් යන තුරු මගේ මනසේ විවිධාකාරයේ සිත්තම් ඇඳී මැකී යන්නා සේ දැනුණ ද ඉන් අනතුරුව මේ දක්වා සිදුව ඇත්තේ මොනවා දැයි නොහැඟුණි. මා අවදිව බලන මොහොතේ කාරයේ ඉදිරිපස අසුනේ තවත් කිසිවකු සිටින බව දුටුව ද එක් වර ම එම පුද්ගලයා කවුදැයි හඳුනාගැනීමට අපහසු විය.

‘‘අයියෙ... අපි මේ කොයි හරියෙද ඉන්නෙ... කෝ... අමෝද්‍ය ආවෙ නැද්ද අයියෙ...?’’ යැයි මා විමසුවේ තරමක් ව්‍යාකූල ස්වරයෙනි.

කිසිවක් ම නොපැවසූ දිවසත් අයියා කාරයේ වේගය මඳක් අඩු කර ඉදිරියට ගොස් මාර්ගයේ පිහිටි තරමක් අඳුරු ස්ථානයක කාරය නැවැත්වී ය. එසැණින් ම ඉදිරිපස අසුනේ සිටි පුද්ගලයා කාරයෙන් බසිනවාත් සමග ම කාරය තුළ විදුලි පහන දැල්වින. ඉදිරි පස අසුනේ සිට බැසගත් මුහුණ පුරා රැවුල වවා සිටි පුද්ගලයා පසු පස දොර විවර කර සුළු මොහොතක් මදෙස බලා සිටියේ මා හඳුනාගැනීමට නොහැකි සේ ය. මට ද එක පැහැර ඔහු හඳුනාගැනීමට නොහැකි වූ අතර මා දැඩි භීතියකට පත් විය.

‘‘අයියෙ...! මොකද්ද මේ කරේ...?’’ යැයි මා විමසන විට ම විවර කර තිබු දොරෙන් කාරය තුළට ඇතුළු වූ පුද්ගලයා ‘‘අයිය කරේ මේ වෙලාවෙ කරන්න තියෙන හොඳ ම දේ,’’ යැයි පවසනවාත් සමග ම ඒ හඬ හඳුනාගන්නට මට අපහසු නොවිණ.

‘‘හානේ...! අමෝද්‍ය සර් ඔයා...!!’’ යැයි පැවසු මා අමෝද්‍ය ගේ අතින් අල්ලා මා අසලට ඇදගත්තා ය.

‘‘ඔවු අහිංසනා... මං අමෝද්‍ය... ඔයාට මාව අඳුරගන්න බැරි උණා නේද... ඔයා බය උණා නේද...?’’ යැයි පැවසූ ඔහු වහා මා අසලින් ම වාඩිවී, මා බදා වැලඳගන්නා අතර ම ඔහුගේ පපුතුරෙහි මගේ හිස සඟවාගත්තේ ය. ඒ අතර ඔහු කාරයේ දොර වදා දැමී ය. එසැනින් අඳුරු වූ කාරය තුළට නැවත ආලෝකය ගලා ආවේ ය.

couple hugging paint colorful wallpaper preview

‘‘සර්... ඇයි සර් මෙහෙම... මං කවදාවත් සර්ව මෙහෙම දකින්න හිතුවෙ නෑ... ඇයි මේ රැවුල වවල...?’’

දිනපතා රැවුල කපා ඉතා පිරිසිදු මෙන් ම පිළිවෙලට හැඳ පැලඳ පාසලට පැමිණි අමෝද්‍ය සර් මේ ආකාරයට රැවුල වවා සිටිනවා මා කිසි දිනක දැක නොතිබිණ. මේ වන විට මාස ගණනාවක් ඔහු නොදැක සිටිය ද ඒ පිළිවෙළට සිටියා නම් මට මගේ අමෝද්‍ය සර් හඳුනාගන්නට නොහැකි වන්නේ නැත. එහෙත් මේ ස්වරූපයෙන් මගේ අමෝද්‍ය සර් දැකීමට මා කිසි සේත් ම බලාපොරොත්තු නොවිණ.

‘‘හරි හරි පැටියො... දැන් කොහොම හරි ඔයාට මාව ලැබුණ නෙ... මටත් ඔයාව ලැබුණ නෙ...’’ යැයි අමෝද්‍ය පැවසුවේ මගේ හිස ඔහුගේ පපු තුරෙහි සඟවාගෙන එක් අතකින් මා තුරුලු කරගෙන අනෙක් අතින් මගේ හිස පිරිමදින අතරතුර ය.

‘‘දිවසත්... අපි යමු නේද... ඉස්සෙල්ලා ම හම්බවෙන කඩයක් ළඟින් නවත්තල තේකක් බීල යමු. අහිංසනාටත් මහන්සි ඇතිනෙ නේද...’’

මේ මොහොත මා බලාපොරොත්තුවෙන් සිටියේ වසර කිහිපයක සිට වුව ද ඒ සතුට නිසියාකාරයෙන් විඳින්නට තරම් මගේ සිත සන්සුන් නොවිණ. මා පිටත්වන්නට සිටි ගුවන් යානය ඉහළ අහසට නංවන තෙක් මගේ මවත් පියාත් අහස දෙස නෙත් අයාගෙන සිටි අන්දම මට සිහිපත් විය. එමෙන් ම එම ගුවන් යානය පැමිණෙන තෙක් ඕස්ට්‍රේලියාවේ ගුවන් තොටුපෙළෙහි රැඳි සිටිනා චමෝදිගේ රුව ද මා දෑස් ඉදිරියේ ඇඳෙමින් මැකෙමින් පැවතිණ. ඕස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොළට ගොඩබට සැණින් මා ඇමතුමක් ලබා දේය යන බලාපොරොත්තුවෙන් පසුවන මවත් පියාත් සිහිපත් විය.

 

ඒ සියලු සිතුවම් තුළින් මතුව ආ අද්භූත සත්ව කොට්ඨාසයක් මගේ ප්‍රහර්ෂය උදුරාගෙන ඒ සියල්ල සුනුවිසුනු කර, සි සී කඩ විසි කර දැමූහ. මේ මොහොතේ සිතට නැගෙන සතුට ද වේදනාව ද එක සේ විඳ දරාගන්නට නම් කළ යුතුව තිබුණේ අමෝද්‍ය සර්ගේ පපුතුරෙහි සැඟව හැකි තරම් ඉකිබිඳීම ය. එය ඒ ආකාරයෙන් ම ස්වයං සිද්ධියක් ලෙස සිදුවෙමින් පැවතිණ. තවමත් කාරය ගමන් කරන බවක් නොහැඟණ බැවින්දෝ අමෝද්‍ය යළිත් දිවසත් අයියා අමතන හඬ සිහිනයකදි මෙන් මගේ සවන් තුළට රිංගී ය.

‘‘දිවසත්... අපි යමු නේද...’’

කිසිදු පිළිතුරක් නොදුන් දිවසත් අයියා මන්දගාමී ලෙස කාරය ඉදිරියට පදවන බව ද මට හැඟුණේ සිහිනයෙන් මෙනි.

‘ඔවු... දැන් පහුගිය දේවල් ගැන හිතල වැඩක් නෑ. ඉස්සරහ ගැන හිතන්න... මේ මොහොතේ සිට ආරම්භ වෙන්නෙ අලුත් ජීවිතයක්. ඒකට සුදානම් වෙන්න. ඒ ගැන විතරක් ම හිතන්න.’ යැයි මගේ සිත මට බල කරන්නට වූ බැවින් මා දෑස් තදින් පියාගනිමින් ම තව තවත් අමෝද්‍ය සර්ගේ තුරුලේ සැඟවුණේ මේ මොහොතේ පිහිටට සිටින එකම ගැලවුම්කරුවා ඔහු පමණකිය යන සිතුවිල්ලෙනි.

ඉවර නෑ...


jayasiri 04 e1619629387941.jpg     

(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2022/09/30  
 
 
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්
 
 
 
 
 
 
 
 
වජ්ජා’වජ්ජ 31: මං දැං ඉන්නෙ පනහෙ කණුව කිට්ටුව (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 30 : නීතිය කියන්නෙ වල් වැදුණු සංකල්ප ගොන්නක් - (ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 28 : අවුරුද්දක් ඉවසන්න - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 27 : දීපු බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ම වෙනව නෙ... - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 26 : 'ඔවු... අපිට අවම විනය ක්‍රියා පටිපාටියකට යන්න වෙනව' -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58