‘‘ඇයි අයියෙ ‘ඒත්’ කියල නැවැත්තුවෙ... අමෝද්‍ය කැමති නැද්ද මං එයා ළඟට එනවට... එහෙම නම් එයාට ඒක කෙළිංම කියන්න කියල අයිය කියන්න.

එහෙම උනොත් මං අනිද්දට කලිං මගේ ජීවිතේ ගැන තීරණයක් ගන්නව කියලත් කියන්න,’’ යැයි පැවසූ මා දුරකතනය විසන්ධි කළේ දැඩි තීරණයකට එළඹෙමිනි. එම තීරණය ක්‍රියාත්මක කරනවා ද නැද්ද යන්න නිශ්චිත නිගමනයකට එළඹෙන්නේ දිවසත් අයියා අමෝද්‍ය හමුවීමෙන් පසු ඔහු ගන්නා පියවර අනුව ය. ඒ අනුව මට අන් විකල්පයක් ඉතිරිව නොතිබිණ.13851 2

කෙසේ වුවද මගේ තර්ජනාත්මක ප්‍රකාශය දිවසත් අයියා නොසන්සුන් කරවන බව මම දැන සිටියෙමි. අප දෙදෙනා අතර පැවති දුරකතන සංවාදය අවසන්ව අඩහෝරාවක් අප පසු කරයා මට ආසන්නව තිබිය දී දිවසත් අයියාගේ දුරකතනයෙන් මගේ දුරකතනය වෙත ඇමතුමක් ගලා ආවේ එය සනාත කරමිනි. ඒ ඇමතුමට පිළිතුරු දෙනවා ද නැද්ද යන්න මා තීරණය කළේ ඇසි පිය සැලෙන තරම් වේගයකිනි. අවසන මගේ තීරණය වූයේ දිවසත් අයියාට පිළිතුරු දිය යුතු බවයි.

‘‘ඔවු අයියෙ... කියන්න.’’

‘‘... ... ...’’

‘‘හම්ම්ම්... ඉතිං මොකද අමෝද්‍ය කියන්නෙ...’’

‘‘... ... ...’’

‘‘ඒක නෙ කියන්නෙ... ඔය තීරණේ කලිංම ගත්ත නං මං අයිට අර විදියට කතා කරන්නෙත් නැහැ නෙ... හරි අයියෙ... අමෝද්‍යට කියන්න එයා ගන්න ඕන ම තීරණයකට මං එකඟයි කියල. බලාගෙන ගියාම එයා කෙල්ල වගේ නෙ... මට තියෙන ගට එයාට නැහැ නෙ...’’

‘‘... ... ...’’

‘‘හා... හරි හරි... කොහොමටත් අපි දෙන්න එක තීරණයකට එනකං අපි දෙන්නට කතා කරන්නවත් හම්බවෙන්නෙ නෑනෙ අයියෙ... එතකං අපි අතරෙ කෙරෙන හැම කතාබහක් ම හුවමාරු කරගන්න වෙන්නෙ අයිය හරහ නෙ...’’

‘‘... ... ...’’

‘‘අමෝද්‍යට එහෙම කියන්න බැහැ නෙ අයියෙ... එහෙම කියන්න පුළුවං මං ඉන්න සිවේෂන් එක එයා දන්නෙ නැත්නං. ඔයා එයාට විස්තරේ කිව්වනං දැන නොගන්න බැහැ නෙ... මං ඉන්න සිටුවේෂන් එක තේරුම් නොගන්න තරම් එයා පොඩි ළමයෙක් නෙවෙයි නෙ අයියෙ...’’

මේ වන විට මට හැඟී තිබුණේ අමෝද්‍යට මේ කිසිවක බරපතළ බව නොතේරෙන බවකි. එහෙත් එය එසේ වන්නට නොහැකි ය; මම ඔහුටවත් ඔහු මටවත් දොස් පැවරිය නොහැකි බව ද මම දැන සිටියෙමි. අමෝද්‍ය මට දොස් පැවරුව ද මට එය කිසිසේත් ම කළ නොහැකි ය. ඒ, අමෝද්‍ය මා කෙරෙහි උනන්දුව දැක්වූවාට වඩා වැඩි උනන්දුවක් මා අමෝද්‍ය කෙරෙහි දැක්වූ බැවිනි.

කෙසේ වුව ද තනි අතකින් අත්පුඩි ගැසීමට නොහැකි බව අමෝද්‍ය වටහාගත යුතු ය. මා ද එය වටහාගත යුතු ය.එබැවින්  මේ මොහොතේ කළ යුත්තේ එළඹෙන පැය හතළිස් අට ඇතුළත කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳ අවධානය යොමු කිරීම මිස අපි අපි අතරේ ගැටුම් ඇතිකර ගැනීම නොවන බව මම හොඳින් ම දැන සිටියෙමි. නමුදු මගේ තනිකමත්, අසරණභාවයත් මා මෙබඳු තත්ත්වයකට පත් කරන්නට සමත් වී තිබිණ. මේ වන විට ම එය හොඳින් ම පසක් වී තිබිණ.

59157a706be455e1b55abdbf272e9c0fදිවසත් අයියා පවසන හැම කරුණක් ම යථාර්ථවාදී ය. එබැවින් මා මෙතෙක් ඔහු රිදවීම වුව ද ඉතාමත් වැරැදි ක්‍රියාවක් බව දැන් දැන් මට පසක් වෙමින් පවතී. මගේ අදහසට යමක් පවසනවා වෙනුවට අනෙක් පසින් ඇසුණේ දීර්ඝ සුසුමක් ඉහළට ගෙන එලෙසින් ම එම සුසුම පහත හෙළන සිහින් රාවය යි.

‘‘මට සමාවෙන්න සුදු අයියෙ... ඔයාට තේරෙනව නෙ... මේ වෙලාවෙ මං මොන තරං අසරණ ද කියල... මං ඔයා ගැනයි, අමෝද්‍ය ගැනයි විශ්වාසය තියාගෙන ඉවසන්නං අයියෙ... අනේ අයියෙ මට සමාවෙන්න.

එවර නම් මට ඉකිගැසිණ. මඳ වේලාවක් මගේ ඉකිබිඳුම අසා සිටි දිවසත් අයියා ‘‘ඔවු නංගි... මට ඔයා ඉන්න සිටුවේෂන් එක හොඳටම තේරෙනව. මමයි අමෝද්‍යයි ඔයාගෙ උවමනාව වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක් ම කරනව නංගි,’’ යැයි පැවසුවේ මගේ සිත සනහාලීමට පමණක් නොවන බව මට ප්‍රත්‍යක්ෂ විය.

**********

‘‘දුව... ප්ලයිට් එක හෙට උදේ හයට. අඩුම ගානෙ අද රැ එකොළහටවත් මෙහෙන් යන්න වෙනව. ඔයා මේ දැන් ම ඉඳං හැම දේම ලේස්ති කරගන්න. එතකොට හවස් වෙද්දි හිත නිදහස්. ඊට පස්සෙ ඕන නං ටිකක් නිදාගන්නත් පුළුවං. දිවසත් පුතත් හත අට වෙද්දි එනව කිව්ව නෙ... නිදාගන්නවනං ඊට කලිං ටිකක් නිදාගන්න.’’

උදෑසන හයයි තිහ විමටත් ප්‍රථම කාමරයට පැමිණ මා අවදි කළ අම්මා වචන පොකුරක් මගේ සවන් තුළට ඇතුළත් කළේ කුඩා අවධියේ දී අප්‍රසන්න ආහාරයක් ගැනීම ප්‍රතික්ෂේප කළ විට එය බලහත්කාරයෙන් මුවට ඇතුළු කරනවා සේ ය. කුමන දුෂ්කරතාවක් මධ්‍යයේ වුව ද මේ මොහොතේ කටයුතු කළ යුත්තේ ඉතාම සූක්ෂ්මාකාරයෙනි. මට මගේ ජීවිතය ජයගත හැක්කේ එවිට ය. එසේ නොමැතිව තව දුරටත් විරුද්ධත්වය පෑමෙන් කිසිදු ඵලයක් නොලැබෙන්නේ ය; මව ඇගේ තීරණය බිඳකුදු වෙනස් නොකරන්නී ය.

‘‘ආ... හරි අම්මෙ... මං ඊයෙ ම ඔක්කොම ලේස්ති කරගත්ත අම්මෙ. දැං තියෙන්නෙ ඇඳං යන ඇඳුම ලේස්ති කරගන්න එක විතරයි. කෝ අම්මෙ තාත්ත...?’’

මා එසේ විමසුවේ තාත්තා අම්මාගේ ඒකාධිකාරී තීරණයට යටත් වූවා මිස ඔහුගෙන් මා වෙන් කිරීම හෙතෙම කිසි සේත් ම අනුමත නොකළ බැවිනි. ඔහුගේ පුද්ගලික කැමැත්ත වූයේ මා ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළු කිරීම ය. නමුත් සියල්ල සිදුවෙමින් පවතින්නේ ඊට සපුරා ම වෙනස් ආකාරයට ය. අද අම්මා නිවසේ නොසිටින මොහොතක් එළඹුන හොත් තාත්තා සමග මොහොතක් හෝ නිදහසේ ගතකළ හැකි ය. එසේ නොවුණ හොත් තාත්තා ගමන ආරම්භය තෙක් මා සමග කිසිදු අදහසක් හුවමාරු කර නොගන්නා බව මට හොඳට ම විශ්වාස ය.

‘‘ආ... එයා තවම නිදි. කොහෙද... එයාට ඉතිං මේවයෙ ගානක් තියෙනවය... එයා ඡන්ද නාම ලේඛනයට විතරක් ගෘහමුලිකය. අනික් හැම දේට ම මූලික වෙන්න වෙලා තියෙන්නෙ මට නෙ...’’

නොරුස්සනා ස්වරයෙන් අම්මා පැවසුවේ තාත්තා මගේ ගමනට ආරම්භයේ සිට ම විරුද්ධ වූ බැවිනි.

‘ඉතිං අම්ම නෙ තාත්තගෙ ගෘහමූලිකකම උදුරගෙන තියෙන්නෙ. උදුරගත්තු දෙයක් පොරකාල ගන්නෙ මොකටද කියල තාත්ත හිතනව ඇති.’

ඒ වදන් පොකුර මුවෙන් පිට කරන්නට තරම් මගේ සිත ශක්තිමත් නොවූ බැවින් එය සිත තුළම සඟවා ගත් මා ‘‘පවු අම්මෙ... තාත්තට දුක ඇති මං යන එක ගැන,’’ යැයි පැවසුවේ තාත්තාට අපහාස කිරීම ඉවසා දරා සිටීමට නොහැකි බැවිනි.

‘‘දුක...! අනෙ මෙහ්... මගෙන් මොනවත් අහගන්නැතුව දැන් නැගිටල තේක බීල මූණ කට හෝදගන්න. ඒ කරල ලේස්ති කරගත්තු දේවල් ආයි වතාවක් චෙක් කරල බලන්න.’’ යැයි පවසමින් ඇය කාමරයෙන් නික්ම ගියා ය.

මටත් තාත්තාටත් අද දිනය ඉතාම ශෝකාකුල දිනයක් වුව ද අම්මාට නම් ඉතා ප්‍රීතිමත් දිනයක් වන බව ඒකාන්ත ය. ඒ හුදෙක් මා අමෝද්‍යෙගන් වෙන් කීරිම පමණක් නොවන බව ද පිළිගත යුතු ය. ඇගේ බලාපොරොත්තුව මගේ ඉගෙනීම් කටයුතු අවසන් වු පසු තාත්තා සමග මා සිටින රටට පැමිණීම ය. එය කාලයක් තිස්සේ ඇගේ සිතේ ඇඳුණු සිහිනයකි. ඒ සිහිනය සැබැ කරගනු වස් ඇය ඉතා දැඩි තිරණයක් වුව ද ගැනීමට පසුබට නොවන බව මා මෙන් ම තාත්තා ද දැන සිටියේ ය. ඔහු මේ මොහොතේ ද මුනිවත රකින්නේ එබැවිනි.

එළඹෙන තත්පරයක් තත්පරයක් පාසා මා පසු කර යන්නේ මගේ හදවත තුළට ද මනස තුළට ද සිහින් ගිනි පුලිඟු විසි කරමිනි. ඒ ගිනි පුලිඟු ඇසට නොපෙනෙන තරමේ කුඩා පුලිඟු වුවද හදවතට සහ මනසට ඇතුළු වූ සැණින් සිරුර පුරාම විදාරණය වන්නේ සමස්ත සිරුර ම ගිනි අවුළවමිනි. යළි ක්ෂණයකින් එම ගිනි පුළිඟු නිවී යන්නේ දිවසත් අයියාගේ යෝජනාවට අමොද්‍ය කැමැත්ත ප්‍රකාශ කළ බැවිනුත් එය අවසන් මොහොතේ හෝ ක්‍රියාත්මක කරන්නට ඔහු ද සැදී පැහැදී සිටින බව විශ්වාස යැයි දිවසත් අයියා පැවසූ බැවිනි. 6f1dd6450458749c6b78522005a4d446

මගේ අමෝද්‍ය සර් යම් පසුබැස්මකට ලක් වුයේ නම් ඒ මට ඇති ආදරය නිසා ම බව මම ද හොඳාකාරව ම දනිමි. ඔහු ඉතා සමීපව ඇසුරු කරන සමයේ වුව ද මා රැක බලාගත්තේ ඉතා ආදරයෙනි; ප්‍රවේසමිනි. එය මොහිදින් බෙග් ගායනා කරන ‘‘මැණිකක් රකිනා නා රජිඳකු සේ මම ඔබ නිරතුරු රකිමී’’ යන්න ක්‍රියාවෙන් ම තහවුරු කිරීමකි. ඉඳ හිට මාත් ඔහුත් තනි වූ කිසිම මොහොතක මා ඉතා ආදරයෙන් ද කෑදරයෙන් ද ඔහු සිප වැලඳ ගත්ත ද, මගේ කැමැත්තකින් තොරව මතු නොව කැමැත්ත පරිදි වුව ද ඔහු මා සිප වැලඳ ගන්නට පවා නොපෙළඹිණි.

‘‘ඇයි සර් මං මෙච්චර ආදරෙන් සර්ව ඉඹිද්දිත් සර් ගානක්කත් නැතුව ඉන්නෙ... මං සර් ඉඹිනවට සර් අකමැති ද...?’’

මේ වදන් වැල මා සර්ගේ සවන් තුළට කෙතරම් වතාවක් නම් ඇතුළු කර ඇති ද...? ඒ සැම නිමේෂයක ම පාහේ ඔහුගේ මුවෙන් පිට වූයේ ‘‘අනේ නෑ අහිංසනා... එහෙම දෙයක් නෑ. තමන්ට ආදරය කරන කෙල්ල තමන්ව ඉඹිනවට අකමැති මොන පිරිමිය ද ළමයො. ඒත් අපිට සෑහෙන කාලයක් හැඟීම්වලට ඉඩ නොදී ඉන්න සිද්ධවෙනව අහිංසනා. ඒ මං ඔයාට ආදරේ නැතුව නෙවෙයි. මං එහෙම තීරණයක් අරගෙන තියෙන්නෙ ඔයාට මං හුගක් ආදරේ නිසාම යි.

මං හිතනව ඒ ඇයි කියල මං ඔයාට අමුතුවෙං කියන්න ඕන නෑ කියල. ඔයා මට කොච්චර ආදරේ කරත්... මං ඔයාට කොච්චර ආදරේ කරත් අපිට කසාද බඳින්න ලැබෙයිද නැද්ද කියල කොහොමද අපි විශ්වාස කරන්නෙ. ඒ නිසා ඔයා ඔයාගෙ ආදරේ ඔය විදියට ප්‍රකාශ කරාට මං අකමැති නෑ. නමුත් මට සිද්වෙලා තියෙනව ඔයා පරිස්සං කරන්න. මං ඒක කරන්න බැඳිල ඉන්නව. ඒ නිසා ඔයාට ඇති තරං මට තුරුලු වෙලා ඉන්න; මාව ඉඹින්න. මං ඔයාට බාදා කරන්නෙ නෑ. නමුත් මට එහෙම කරන්න කියල බලපැම් කරන්න එපා. මොකද මට මාව ම විස්වාස නෑ.’’ යන වදන් ගොන්න ය.

එකල ඒ වදන් ගොන්න මගේ සවන් තුළින් රිංගා සමස්ත සිරුර ම ආක්‍රමණය කරද්දී සැණෙකින් සර් කෙරෙහි අමනාපයක් පැන නැගුණ ද ඒ වදන් තුළ ගැබ්ව පවතින්නේ සර්ගේ ආදරය ම නොවේදැයි යළි සිහිපත් වූ සැණින් මා කළේ ඔහුගේ පපු තුරේ මගේ හිස සඟවා ගැනීම ය. ඔහු ද ඊට ප්‍රතිචාර දැක්වුයේ මගේ හිසකේවලට ද නොහැඟෙන සේ හිස පිරිමැදීමෙනි. සර් කෙතරම් සියුම් ලෙස මගේ හිස පිරිමැද්ද ද ඔහුගේ අත්ලෙන් නිකුත් වු රශ්මි කදම්භ මගේ හිසකෙස් අතුරෙන් හිස මතට ද, ඉකිබිති සමස්ත සිරුර පුරා ද විහිද යන්නේ මා නැවුම් ආශ්වාදයකින් නහවමිනි. 

ඔහු නිරන්තරයෙන් ම ඔහුගේ හැඟීම් වටා පවුරක් ඉදිකරගන්නා ආකාරය මට බොහෝ විට හැඟි ගොස් තිබිණ. එවන් මොහොතක ඔහු එය ප්‍රකාශ කරන්නේ මගේ නළල් තලය මත ඔහුගේ දෙතොලේ උණුසුම තවරමිනි. මා තව තවත් ඔහුට තුරුලු වන්නට උත්සාහ දරන හැම මොහොතක ම ‘‘අපි දැං යමු නේද අහිසනා...’’ යැයි පවසන්නේ දීර්ඝ සුසුමක් ඉහළට ඇද යළි ඒ ආකාරයෙන් ම ඒ සුසුම මුදාහරිමිනි.

f82b1271b8c199f1657377fd27bd89e6

ඒ සුසුම තුළ වදන් දහසකින් පැවසිය නොහැකි තරමේ හැඟීම් සමුදායක් පවතිනවා නොවේ දැයි මට හැඟුණ, දැනුණ වාර අනන්ත ය; අප්‍රමාණ ය. එහෙත් ඒ සියලු අවස්ථා එක පැහැර ම කිසිවකු පැහැරගත්තා සේ හැඟුණේ මගේ ම වරදින් නොවේදැයි සිහිපත් වන සෑම මොහොතක ම මා මට ම වෛර කරගන්නා බව මා හැර යම් තරමකට හෝ දැන සිටියේ දුලීකා පමණි.

එසේ දැනුණ මොහොතේ වුව ද ඇය දොස් පැවරුවේ මට ම ය. සැබැවි... ඒ මොහොතේ සිට මේ දක්වා අපේ හමුවීම්, අදහස් හුවමාරු කරගැනීම් යනාදි සියල්ල සුනුවිසුනු කර දමන ලද්දේ මා විසින් ම ය. මා ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතු ය. එම වන්දි ගෙවීම වෙනුවෙන් මට කළ හැකි ඕනෑම කැපකිරීමක් කිරීමට මා සුදානම් ය. හෙට දිනයේ ඒ සියලු බරෙන් නිදහස් විය හැකි ය; පසුගිය සමයේ මාතින් කිසියම් වරදක් සිදුවූවා නම් සර්ගේ දෙපා මුල වැතිර ඒ සියලු වැරැදි කමා කරගත හැකි ය. මට ජීවිතයේ ලද හැකි උපරිම සතුට එය යි. ඔවු... මා එය කළ යුතු ම ය.

මෙතෙක් කල් දැන හෝ නොදැන ඒ අහිංසක සිතට කළ සියලු රිදවීම් සමනය කළ යුතු ය. මා වෙනුවෙන් ඔහු දැරූ සියලු දුක් වේදනා හැකි ඉක්මනින් ම අවසන් කළ යුතු ය. සර් කෙරෙහි මගේ සිතේ පවතින ආදරය කෙතරම්දැයි ප්‍රත්‍යක්ෂ කළ හැකි වන්නේ එවිට ය; වලාකුළක් සේ සැහැල්ලුවෙන් පාව ගොස්, සර්ට ද නොදැනෙන පරිදි සර්ගේ සිරුර තුළට ඇතුළු විය හැක්කේ එවිට ය. අහා...! එය කෙතරම් ආශ්වාද ජනක මොහොතක් ද...?

ඉවර නෑ...

ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/09/17

jayasiri 04 e1619629387941.jpg     

 
 


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්
 
 

වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්
 
 
 
 
 
වජ්ජා’වජ්ජ 31: මං දැං ඉන්නෙ පනහෙ කණුව කිට්ටුව (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 30 : නීතිය කියන්නෙ වල් වැදුණු සංකල්ප ගොන්නක් - (ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 28 : අවුරුද්දක් ඉවසන්න - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 27 : දීපු බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ම වෙනව නෙ... - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 26 : 'ඔවු... අපිට අවම විනය ක්‍රියා පටිපාටියකට යන්න වෙනව' -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

W

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58