අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ ජීවිතය පිළිබඳව මේ වෙනකොට විශාල අවදානමක් මතුව ඇතැයි විපක්ෂ නායක

සජිත් ප්‍රේමදාස අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විශේෂයෙන් ම ශානි අබේසේකර ඉලක්ක කරගෙන සිදුවෙන ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත ඉතාම කනගාටුදායක ලෙස සහ බියජනක තත්ත්වයක තිබෙන බවත් විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියේය.

''ඉතාම කුප්‍රකට විදිහට එතුමාව සැලසුම් සහගත ලෙස, ස්වභාවික ඝාතනයකට තල්ලු කරමින් ඉන්නවාද කියන සාධාරණ සැකය අපිට තියෙනවා. මීට පෙරත් ශානි අබේසේකරගේ ජීවිතය බරපතළ අර්බුදයකට ලක් කිරීමට ආණ්ඩුව කටයුතු කරලා තිබුණා. ඒ ගැන අපි 2020 නොවැම්බර් 27 පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා.

අද වෙනකොට සියල්ලම කැකිල්ලේ තීන්දු බවට පත්වෙමින් තියෙනවා. එහෙම තත්වයක් ඇතුලේ ශානි අබේසේකර ගේ ජීවිතය පිළිබඳව අපිට සාධාරණ භීතියක් තිබෙනවා." යයි ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.



පාස්කු ප්‍රහාරයේ අදිසි හස්තය ? - 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සැක මතුකරයි



 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම මගින්, 2019.04.21 පාස්කු ඉරුදින එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව නිසි පරිදි පරීක්ෂණ සිදුකිරීමට අසමත්වීම යන චෝදනාව යටතේ තමා අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් තිබෙන බවට කරුණු දක්වා තිබේ.

එම පෙත්සම මගින් ශානි අබේසේකර දක්වා ඇති කරුණු අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සැබෑ ඝාතකයින් සොයා ගැනීමේ පරීක්ෂණ නොමඟ යැවීම හෝ සැබෑ ඝාතකයින් අනාවරණය වීම වැලැක්වීම උදෙසා කිසියම් අදිසි හස්තයක් ක්‍රියාත්මක වන්නේද යන බරපතල සැකයක් ඇතිවේ.

මේ පිළිබඳව ඉතා බැරෑරුම් ලෙස සියලු වගකිව යුතු අංශ විසින් සැලකිය යුතු බව තම විශ්වාසය බව පවසන 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය',  විශේෂයෙන් නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා මේ පිළිබඳව බරපතල ලෙස සලකා කිසියම් අදිසි හස්තයක් ක්‍රියාත්මක වන්නේ නම් ඒ පිළිබඳව ජනතාවට හෙළිකල යුතු බව අවධාරණය කර සිටියි.

රටේ ජාතික ආරක්ෂාවට කිසියම් අදිසි හස්තයකින් බරපතල තර්ජනයක් ඇති බව ශානි අබේසේකර ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමින් කරුණු දක්වා ඇති බැවින් වහාම එකී කරුණු පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන මෙන් මහජන බදු මුදලින් වැටුප් ලබන රජයේ නිලධාරීන් වන නීතිපතිවරයා,  පොලිස්පතිවරයා යන සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' ප්‍රධාන ලේකම්, පාලිත ලිහිණියකුමාරමාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.








සබැඳි පුවත් :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්