leader s

ශ්‍රී ලංකාවේ අලුත් ආණ්ඩුව ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් හෙවත් MCC ගිවිසුම අධ්‍යනය කිරීමට කාලය අවශ්‍ය බවට දන්වා තිබියදී ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ඊයේ රැස්වූ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය, ශ්‍රී ලංකාවේ නව රජයේ කාර්ය සාධනය සළකා බැලීම සඳහා තව දුරටත් කාලය අවශ්‍ය බවට තීරණය කර ඇතැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබේ.
Screen Shot 2019 12 11 at 8.19.19 AMශ්‍රී ලංකාවේ ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා ඉඩම් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය විසින් MMC ගිවිසුම හරහා නැවත අය කර ගනු නොලබන ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් සැපයීමට නියමිත අතර මේ සඳහා ගිවිසුමක් අත්සන් කළ යුතුය.

එජාපය MCC ගිවිසුම ගැන රජයේ මතය විමසයි 

මේ අතර අද (10) පැවති මාධ්‍යහමු කිහිපයකදීම අමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිතව තිබූ ප්‍රශ්නගත MCC ගිවිසුම සම්බන්ධයෙන් අදහස් පලවිය. 

එජාප විසින් සංවිධානය කළ මාධ්‍ය  හමුවකදී එම පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අඛිල විරාජ් කාරියවසම් පැවසුයේ, මෙම ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි පැහැදිලිව රටට ප්‍රකාශ කළ යුතු බවයි. 

හඬපටය 


ජාතික සංවිධාන එකමුතුව අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.  ඔහු පැවසුවේ ප්‍රශ්නගත MCC ගිවිසුමට වත්මන් ආණ්ඩුව අත්සන් නොතබනු ඇතැයි තමන් තදින්ම විශ්වාස කරන බවයි.

හඬපටය 

"ඇමෙරිකානු මර උගුලක්" 

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් හෙවත් MCC ගිවිසුම 2019 ජනාධිපතිවරණයේදී තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබු අතර එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි දේශපාලනඥයෝ මෙම ගිවිසුම "ඇමෙරිකානු මර උගුලක්" ලෙස හඳුන්වමින් ඔවුන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛ මාතෘකාවක් ලෙස භාවිත කළහ.

MCC ගිවිසුමට එරෙහිව උඩුදුම්බර කාශ්‍යප හිමියන් මාරාන්තික උපවාසයක් ද ආරම්භ කළ අතර, එම ගිවිසුම් අධ්‍යයනය කිරීමකින් තොරව අත්සන් නොකරන බවට ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වූ ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස පොරොන්දු වීමෙන් අනතුරුව එම උපවාසය අත් හරින ලදි.


Kashapa 2019.11අනතුරුව බීබීසී සිංහල සේවය MCC ගිවිසුමට විරුද්ධව උපවාසයක නිරත වූ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ අදහස් විමසීමට ලක්කර තිබිණ.

එහිදී උන් වහන්සේ ප්‍රකාශ කළේ, "ඒ ගිවිසුම අත්සන් කළොත් ඇති වන බලපෑම් ගැන අධ්‍යයනය කරන්න ඒ අවස්ථාවේ කාලයක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ රට වෙනුවෙන් කළ යුතු හොඳම දේ තමයි මම කළේ. මට දේශපාලන පක්ෂයක් නැති නිසා මට ඒකේ දිගටම රැඳිලා ඉන්න වෙලාවක් නෑ. ඒ නිසා මගේ යුතුකම මම කරල ඉවර කළා. ඒත් රටට අනර්ථයක් වෙනවා ද කියලා අපි විමසිල්ලෙන් ඉන්නේ," යනුවෙනි.

සබැඳි පුවත් :
ගම්මන්පිලලා පදය වෙනස්කරයි : ''ඇමරිකානු MCC ආධාරය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ලු! (VIDEO)
MCC ගිවිසුම: අත්සන් කරන්නේ නෑ - විමල්; යළි සලකා බලනවා - කෙහෙළිය; අපි විරුද්ධයි - එජාප
‘MCC ගිවිසුම ලංකාවේ ක්‍රියාත්මක කරනවා' -ඇමරිකාව කියයි (VIDEO)
ජනපති ගෝඨාභය මුහුණදෙන පළමු අභියෝගය : ඇමරිකානු MCC ආධාරය ගන්නවද? නැද්ද?
MCC ගිවිසුම වාසියි -'සුද්ද සිංහලෙන් පැහැදිලි නොකිරීම ආණ්ඩුවේ වරදක්' - ආර්ථික විද්‍යාඥයෝ කියති

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්