මේවනවිට වී වගාවට බලපෑම් එල්ල කරමින් ඇති “ගොඩවෙල්ලා” දළඹු හානිය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් මෙවර යල කන්නයේ අස්වැන්න සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයකින් පහළ යා හැකි බව
කෘෂි විශේෂඥයින් අනතුරු අඟවයි.
රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පැවසුවේ නයිට්‍රජන් බහුල යූරියා වැනි පොහොර යෙදීම ද මෙම දළඹු හානිය වැඩිවීමට හේතුවිය හැකි බවයි.
වගා බිම් පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීම මගින් මෙම දළඹු හානිය මුල් අවධියේදීම පාලනය කර ගත හැකි බව ද රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර වැඩිදුරටත් සඳහන් කළේය.
(nethnews.lk)