සුළු වැරදි සඳහා අධිකරණ මගින් දඩ මුදල් නියම වන කාන්තාවන්ට නෛතික සහ මූල්‍යමය දායකත්වයක් ලබා දීමට
නීතිඥ වෘත්තිකයන් පිරිසක් විසින් AMOUR නමින් සංවිධානයක් ආරම්භ කර ඇත.
ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹ නිපෝන් හෝටලයේදී ඊයේ (29 වැනිදා) පැවැත්විණි.
අධිකරණයෙන් නියම කරන දඩ මුදල් ගෙවා ගැනීමට මූල්‍යමය හැකියාවක් නොමැති වීම හේතුවෙන් බන්ධනාගාරගත කර සිටින කාන්තාවන්ට නෛතික සහ මූල්‍යමය දායකත්වයක් ලබා දී ඔවුන් ඉන් නිදහස් කර ගැනීම සංවිධානය පිහිටුවීමේ අරමුණ බව යි එම සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ නිරූපා සේරසිංහ ප්‍රකාශ කළේ.
එලෙස නිදහස් කර ගැනීමෙන් පසුව ඔවුන්ගේ සාමාන්‍ය ජන ජීවිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීමට සහාය ලබාදීම ද එමගින් සිදු කෙරේ.
සංවිධානයට ආධාර එකතු කිරීමේ අරමුණින් “Fashion_For_Freedom” නමින් නීතිඥ විලාසිතා දැක්මක් එළැඹෙන ඔක්තෝම්බර් මස 7 වන දින සවස 7ට කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වීමට නියමිත බව ද සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ නිරූපා සේරසිංහ වැඩ්දුරටත් පැවසී ය.
.