දූෂණ විරෝධී පණත සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය පියවරක් බව 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' සභාපති කරු ජයසුරිය අවධාරණය කර සිටියි.


හිටපු කතානායක කරු ජයසුරිය එබව සඳහන් කර ඇත්තේ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

රට ආර්ථිකව බංකොලොත් වීමටත් නොයෙක් ආකාරයේ සමාජ අසාධාරණයටත් විවිධ මට්ටමේ සිදුවන දූෂණ බලපාන බව රහසක් නොවනබව පවසන හිටපු කතානායකවරයා,  බලය ඇති දේශපාලකයන්ට ද නිලධාරින් වෙත ද ඒ පිළිබඳ චෝදනා එල්ලවන අතර විශාල මහජන විරෝධයක් ලෙස දූෂණ මඬින ඉල්ලීම ද අද දැඩිව රට තුළින් මතුව ඇති බව කියා සිටියි.

 දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම වැදගත් මෙන්ම තීර්ණාත්මක ද වන්නේ එනිසා බව ඔහු සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත.

 අඩුපාඩු ඉදිරියේදී සම්පූර්ණ කර ගන්නා තෙක් හෝ පනත මේ අවස්ථාවේ සම්මතකර ගත යුතු බව 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' විශ්වාසය බව කරු ජයසුරිය අවධාරණය කරයි.

 

'' සාධාරණ සමාජයකටත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයකටත් ඉදිරිගාමී රටකටත් ඉහළ සිට පහළටම සිදුවන විවිධාකාර දූෂණ නතර කළ යුතුමය; ඒ සඳහා අවශ්‍ය නීති ඉක්මණින් බලාත්මක කළ යුතුය.''

දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීමට පියවර ගැනීම පාර්ලිමේනතුව නියෝජනය කරන සෑම මන්ත්‍රී කණ්ඩායමකටම පැවරෙන, කිසිසේත් මඟ හැරිය නොහැකි ජාතික වගකීමක් බව පවසන 'සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය' එම වගකීම නොපිරිහෙලා ඉටු කරන්නැයි ඉල්ලා සිටියි.

මේ පිළිබඳව අඛණ්ඩ අවධානයකින් පසුවීම සාධාරණ සමාජයක් පතන සෑම රටවැසියකුගේම වගකීමක් වන බව ද හිටපු කතානායකවරයා සිය නිවේදනය මගින් අවධාරණය කර සිටියි.



දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ කාරකසභා විවාදය අද



දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථා විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇත. එම පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය මීට පෙර දින දෙකකදී පැවතිය ද එම අවස්ථාවේදී පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සිදුනොවිය.

මේ අතර දෙමළ දේශපාලන පක්ෂ නායකයින් සමඟ ඊයේ පැවති හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබිණ. අදාළ පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සංශෝධන සම්බන්ධයෙන් කාරකසභා අවස්ථාවේදී සලකා බලන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

 දූෂණ විරෝධී නීතිය ජුලි 19 වැනිදා පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථා සංශෝධනවලට ලක් කෙරෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජිත සංශෝධනද සලකා බලන බව ජනාධිපති වික්‍රමසිංහ, උතුරු නැගෙනහිර දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවේදී ඊයේ පැවසීය.

මේ අතර සමගි ජනබලවේගය පවසන්නේ දූෂණ විරෝධී පනත් කෙටුම්පතට සිය පක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය අනුව අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කාරකසභා අවස්ථාවේදී තීරණයක් ගන්නා බවයි. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර 'නෙත් නිව්ස්' වෙත මෙසේ පැවසිය.



සබැඳි පුවත් :
තෝරු මෝරු අතහැර හාල්මැස්සෝ අල්ලන නීතිය ! - අධිකරණ ඇමති මොකද කියන්නේ ?

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image