බෙහෙත් නැතිව රෝහල්වල පොරොත්තු ලේඛනයේ රෝගීන් මිය යන විට බෙහෙත්වලින් සොරා කෑ අය

වෛද්‍ය ප්‍රතිකාරවලට යන්නේ සිංගප්පුරුවට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.

වත්මන් ආණ්ඩුව යටතේ සෞඛ්‍ය සේවයට ඇතිව තිබෙන ඛේදජනක තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවක දීය.

'' සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින වෛද්‍ය විශේෂඥයන්, හෙද හෙදියෝ රට අත හැරලා යනවා. රාජපක්ෂලා ඇති කරපු මේ ප්‍රශ්නය දිනෙන් දින වැඩිවෙලා දිගින් දිගට ඇදී යන තත්ත්වයකුයි රටේ පවතින්නේ. ගෝස් කැබල්ල වේවා, පැරසිටමෝල් පෙත්ත වේවා, සේලයින් වේවා සියල්ලන්ගෙන්ම සොරා කාපු අය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යන්නේ සිංගප්පුරුවේ 'මවුන්ට් එළිසබත්' රෝහල වෙත යැයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා එම මාධ්‍ය හමුවේදී පැවසිය.


'' හදිසි රෝගීන්ගේ ජීවිතය නැති වීමේ අවදානමක් ''

'' බෙහෙත් හා උපකරණ නැතිව රෝහල්වල පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන් මිය යනවා. අද වන විට හදිසි රෝහීන්ට ප්‍රතිකාර ලබා ගැනීමට රජයේ රෝහල්වල තිබෙන අවස්ථාවන් වයස අනුව සීමා කිරීමට වෛද්‍යවරුන්හට සිදුව තිබීම ඛේද ජනකයි. බෙහෙත් ද්‍රව්‍ය හිඟවීම හා උපකරණ අළුත්වැඩියා නොකිරීම හේතුවෙන් වෛද්‍ය සේවා පහසුකම් සීමා කිරීම හරහා හදිසි රෝගියෙකුට පොරොත්තු ලේඛනයෙන් පරිභාහිරව සේවාව සපයන විට පොරොත්තු ලේඛනයේ සිටින තවත් හදිසි රෝගියෙකුගේ ජීවිතය නැති වීමේ අවදානමක් තිබෙන බව වෛද්‍යවරු පවසන්නේ යැයි ද ඔහු කීය.



රටේ සෞඛ්ය තත්ත්වය පිළිබඳව බරපතල චෝදනා මෙයට පෙර කිසිදූ ආණ්ඩුවකට එල්ලවී නැත. 2020 න් පස්සෙ පරිඝනක දත්ත ක්ෂේත්‍රයේ කිසි දා අසා නැති අයුරින් මුලින්ම සෞඛ්‍ය අංශයේ දත්ත මැකෙන්න පටන් ගත්තා, යාළු මිත්‍රයෝ ඇන්ටිජෙන් එන්නත් ආනයනය කරනව්යි කිව්වා, හොර පාරෙන් ඖෂධ ගේනවයි කියනවා. හොරු ගැනත් එළිපිට වාර්තා වනවා. බෙහෙත් දුන් පසුව ද බාල ඖෂධ නිසා රෝගීන් මරණයට පත්වන ඒවාද වාර්තා වෙනවා ''



ඉතා අසාද්‍ය තත්ත්වයේ සිටින වකුගඩු රෝගියෙකුට හදිසි රුධිර පෙරණ අවස්ථාවක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව ආසන්නතම දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂවරයෙකුගෙන් විමසූ විට ඔබගේ ඉල්ලීම ඉටු කරන්නේ නම් පොරොත්තු ලේඛනයේ සිටින එවැනිම රෝගියෙකුට ජීවිත අවදානමක් ඇති විය හැකි බව ප්‍රකාශ කළ හෙයින් මේ සම්බන්ධව තීරණ ගත යුත්තේ වෛද්‍යවරුන් පමණක් යැයි දන්වා ඒ අනුව සේවා සපයන්නැයි කී බව හෙතෙම කීය.

ජනතාවට මෙවන් දුක්ඛිත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවීමට හේතුව මේ රටේ පාලකයන් බව ජනතාව සිහි තබා ගත යුතු බවද ඉරාන් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මුදල් නොමැතිව රෝහල් පද්ධතිය නඩත්තු කරන්න රජය අපොහොසත් වීම හේතුවෙන් රට පුරා රෝගීන් හදිසි ප්‍රතිකාර ලබාගැනීමට ඉන්නේ පෝලිමේ හා පොරොත්තු ලේඛනවලය. ශල්‍ය කර්මයක්, රුධිර පෙරනයක් Dialyzing හෝ ස්කෑන් සේවාවක් ලබා ගැනීමට නොහැකිවුවහොත් ජීවිත අහිමිවීමේ අවදානමට සමස්ත රටම මුහුණ දෙමින් සිටිනවා.

තරුණ රෝගීන්ට මුල් තැන දීමට තීරණයක් ගෙන කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට ඇත. රෝගියාගේ වයස අවුරුදු 60 ට වැඩිනම් සීමා සහිත බෙහෙත් සහ පහසුකම් නම් තිබෙන්නේ ඒ අයගේ ජීවිතවලට දෙවන තැන දෙන තත්ත්වයකටයි මුළු රටේම සෞඛ්‍ය සේවය පත්වෙලා තිබෙන්නේ.

නිදහස ලැබූදා සිට ඉදිරියෙන් පැවති නිදහස් සෞඛ්‍ය සේවය අද වන විට බිඳ වැටෙමින් ඇත්තේ මේ රට පාලනය කරන පාලකයන් නිසා බව අමතක කළ නොහැකිය.



1994 න් පසු මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරු නව දෙනෙක් ධූරය දරා තිබේ. එයින් අට දෙනෙක් අදටත් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු ලෙස කටයුතු කළ 12 ක් පමණ මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. වත්මන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍යවරු හා නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු සමඟ රට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙතරම ගැටලුවලට මුහුණ දෙන අවස්ථාවේදී ඔවුන් සමඟ සාකච්ඡාවක් හෝ පවත්වා තිබේ දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.



''ජනතාවට රෝහල් පිළිබඳව විශ්වසය කඩවන තත්ත්වයකුත් ඇතිවෙමින් තිබෙනවා''

උද්දච්ඡකමට කට ගහලා විශාල මුදල් කන්දරාවක් වැය කරලා මාධ්‍ය හසුරුවලා නිරපරාදේ මිනිස්සු මැරෙන එක යට ගහන වැඩ පිළිවෙලකටයි අපි අවාසනාවට මුහුණ දෙමින් සිටින්නේ.

මේ රජය යටතේ ඉන්න අය නිදහස් සෞඛ්‍ය කියන වචනයට මුවා වී සෞඛ්‍ය සේවාව මුදලට විකුණා මහ පරිමාණයේ දූෂණ වංචාවන් කරගෙන යනවා. එය හැරුණු විට වෛද්‍ය සේවය පිළිබඳව විශ්වාසය කඩවෙමින් යන තත්ත්වයකුත් උදාවෙමින් තිබෙනවා. මවකට තම දරුවාව එකෝ එකක් ගැනීම සඳහා ළමා රෝහලට දරුවා රැගෙන යන ලෙස දැනුම් දුන් විට එතනට යන්නට බැරි යැයි මව ප්‍රකාශ කළා යැයි වෛද්‍යවරයෙක් කීවා. එයට හේතුව ජනතාවට රෝහල් පිළිබඳව විශ්වසය කඩ වන තත්ත්වයකුත් ඇතිවෙමින් තිබෙනවා. ''

අවාසනාවකට පාලන තන්ත්‍රය, රාජ්‍ය සේවය, සෞඛ්‍ය සේවය ඇතුළු සියලු රාජ්‍ය සේවාවන් පිළිබඳව බලාපොරොත්තු ශූන්‍ය වූ තත්ත්වයක් වත්මන් පාලකයන් නිසා රටේ උද්ගතව තිබීම ඉතා අවාසනාවන්ත යැයි ද ඔහු කීය. මෙයින් රටත් ජනතාවත් ගලවා ගැනීමට නම් ජනතාව ඉදිරියේ දී හෝ තීරන ගත යුතු අවස්තාවේ දී බුද්ධිමත්ව තීරණ ගැනීමට පෙරට පැමිණිය යුතු යැයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්