(ඡායරූපය - ලංකාදීප)

පවතින දැඩි නියගය හේතුවෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ පිහිටි කුඩා විල්ලු රැසක ජලය සිදිගොස් තිබේ.

විල්පත්තුව ජාතික වන උද්‍යානය තුල පිහිටි විල් සහ තටාක ප්‍රමාණය 106 කට ආසන්නය.

ඒවා සියල්ලම පාහේ සිඳී ගොස් ඇති අතර සතුනට පානිය ජලය හිගවිමෙන් විල්පත්ව ජාතික වන උද්‍යානය තුල ජිවත්වන ව සතුන්ද දුෂ්කරතාවයකට පත්ව සිටිති.

මේ සම්බන්ධයෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ භාරකාර සුරංග රත්නායක ගෙන් කළ විමසුමේදි ඔහු කියා සිටියේ, ජාතික වන උද්‍යානය තුල කුඩා විල්ලු 106 කට ආසන්න ප්‍රමානයක් තිබෙන බවත් ඉන් සීයට පනහක් පමණ දැඩි නියගය හේතුවෙන් ජලය සිදි ගොස් ඇති බවයි.

යාල හා උඩවලව වනෝද්‍යාන වසා දැමීම ගැන තීරණය අද


පවතින් වියළි කාලගුණ තත්ත්වය හමුවේ උඩවලව සහ යාල වනෝද්‍යාන සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමීමේ සූදානමක් පවතින බව වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' කළ විමසිමකදී වනජීවී දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් අද දිනයේ වනජීවී අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

උඩවලව සහ යාල වනෝද්‍යාන සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමිම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළඹෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වෙතත් පවතින වියළි කාළගුණ තත්ත්වය හමුවේ උඩවලව සහ යාල වනෝද්‍යාන වසා දැමිය යුතු බවට මේවනවිටත් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා 'නෙත් නිවුස්' වෙත වැඩිදුරටත් සඳහන් කළේය.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image