The Leader News
BREAKING
ඉන්දීය සාගරයේ ශිෂ්ටාචාර උරුමය ෂැංහයි සමුළුවේදී ශ්‍රී ලංකාව අවධාරණය කරයි●යුද සමයේ සහන සේවක ප්‍රහාර : රජයේ සමාව UN ඉල්ලයි●නවදිල්ලියේදී විජිත - ජයශංකර් හමුවෙති: ඉන්දීය සාගරයේ ආර්ථික බලය කාටද?●ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය යාත්‍රාවක් සමඟ සත්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට●ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට ඓතිහාසික ද්විත්ව ජයග්‍රහණයක්●'අපි මූල්‍ය විනය රකින ආණ්ඩුවක්: උද්ඝෝෂණ-වර්ජන අවශ්‍ය නෑ' - ජනාධිපති●SupremeSAT ගනුදෙනුව: රෝහිතගෙන් FCID යට පැය හතරක ප්‍රකාශයක්●සැබෑවද AI ද? 76%ක් අන්තර්ජාලයේදී රැවටෙන බව හෙළිවේ●ජනතා හිතවාදී රාජ්‍ය සේවයකට බිලියන 371.8ක ආයෝජනයක්●දෙදහසක් රැවටූ බවට චෝදනා ලැබූ මූල්‍ය අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට●
Top Ad
පුවත්

'රන්ජන් රෙකෝඩ්ස්' : කුණු රස බෙදන කස්ටිය, හිරුනිකාට ගහන ගමන් දිලිත්ටත් ඇනලා !!

T

The Leader Desk

January 16, 2020 • 2:28 PM

'රන්ජන් රෙකෝඩ්ස්' : කුණු රස බෙදන කස්ටිය, හිරුනිකාට ගහන ගමන් දිලිත්ටත් ඇනලා !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිලිත් ජයවීර සම්බන්ධයෙන් ද ප්‍රකාශයක් ඇතුලත් එම හඬපටය ආණ්ඩුවට පක්ෂපාති ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ ද පුළුල් ප්‍රචාරයක් දී පළකර තිබීම ද විශේෂ කාරණයකි.
  • කුණු රස බෙදන ආණ්ඩුව කුණු රස විඳින සමාජය: පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ හඬ පට මේ දිනවල යහමින් බෙදා හැරීම අලුත් ආණ්ඩුවේ 'මහජන වගකීම' බවට පත් කර ගෙන තිබේ.
  • රංජන් රාමනායක මහතාගේ හඬපට මේ මොහොතේ මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙන බව ඇත්තය.
  • රංජන් රාමනායක මන්ත්‍රීවරයා ඒ පහත් පෙළේ කාරියෙහි නිරත වී තිබේ. තමා සංවාද පටිගත කරන බව අනෙක් පාර්ශ්වයට දැන්වූයේ නම් , ඒ පාර්ශ්වය කියන දේ දැනට පටිගත වී ඇති ආකාරයට වඩා මුළුමනින් ම වෙනස් වන්නට ඉඩ තිබෙන බව අමුතුවෙනක් කිව යුතු නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

මේවනවිට එම 'මඩ' මෙහෙයුම විපක්ෂයට පමණක් නොව ආණ්ඩුවේ ඇතැම් පාර්ශව ඉලක්ක වී තිබේ. 

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා හා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය අතර සිදුකෙරෙන සාකච්ජාවක් විකෘති කරමින් ඊයේ (15) සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු හඬපටය තුල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීප හිතවතකු වන දිලිත් ජයවීරට හා වරුනි අමුණුගමට එරෙහි ප්‍රකාශයක් ද ඔබා තිබීම ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම ප්‍රකාශයට පත්වීමකි.

දිලිත් ජයවීර සම්බන්ධයෙන් ද ප්‍රකාශයක් ඇතුලත් එම හඬපටය ආණ්ඩුවට පක්ෂපාති ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ ද පුළුල් ප්‍රචාරයක් දී පළකර තිබීම ද විශේෂ කාරණයකි.

Mada text 1 16
ආණ්ඩුවේ මෙම හඬපට මෙහෙයුම සම්බන්ධයෙන් සති අන්ත 'අනිද්දා' ජාතික පුවත්පත සිය කතුවැකියෙන් දැඩි විවේචනයක් එල්ල කර තිබිණ.  එම කතුවැකිය පහත පළවේ.

කුණු රස බෙදන ආණ්ඩුව කුණු රස විඳින සමාජය:

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ හඬ පට මේ දිනවල යහමින් බෙදා හැරීම අලුත් ආණ්ඩුවේ 'මහජන වගකීම' බවට පත් කර ගෙන තිබේ. ආණ්ඩුව කරන හැටි ගැන, වියත් මගේ සිට ඇඟ පුරා තවරා ගත් දහසක් විදග්ධ න්‍යාය කුණු බක්කියට දමා, දේශපාලන පළිගැනීම් කිරීමත් , කුණු රස බෙදීමත් ආණ්ඩුව තමන් වෙත පවරා ගෙන තිබේ.

මේ නම් අලුත් ජනාධිපතිරයාත්, ආණ්ඩුවත් බලයට එන්නට පෙර ජනතාවට මැවූ ප්‍රතිරූපය මුළුමනින්ම පරස්පර, සිල්ලර ගණයේ හැඩයෙකි.

රංජන් රාමනායක මහතාගේ හඬපට මේ මොහොතේ මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙන බව ඇත්තය. එහෙත් ඒ ආන්දෝලනයට යටින් ඉහවහා යන කුණු ගඳක්, කුණු රසයක් මුළු සමාජයේ පුරාම ඒ හරහා පැතිරෙමින් තිබේ.


Mada text 16 2දුරකථන කතාබහක් යනු සාමාන්‍යයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවන පෞද්ගලික සංවාදයකි.  එවැනි පෞද්ගලික සංවාද ඒ දෙදෙනා අතරත්, ඒ මොහොතේත් පවතින සන්දර්භයට හැම අතින් ම අනුකූල වෙයි. 

එහෙත් එහි එක් පාර්ශ්වයක් විසින්, අනෙක් පාර්ශ්වයට නොදන්වා එම සංවාද පටිගත කිරීම වනාහි මුළුමනින්ම සදාචාර විරෝධී, ඉතා ම පහත් පෙළේ හැසිරීමකි. රංජන් රාමනායක මන්ත්‍රීවරයා ඒ පහත් පෙළේ කාරියෙහි නිරත වී තිබේ. 

තමා සංවාද පටිගත කරන බව අනෙක් පාර්ශ්වයට දැන්වූයේ නම් , ඒ පාර්ශ්වය කියන දේ දැනට පටිගත වී ඇති ආකාරයට වඩා මුළුමනින් ම වෙනස් වන්නට ඉඩ තිබෙන බව අමුතුවෙනක් කිව යුතු නැත.

එහෙත් දැන් සිදු වී ඇත්තේ රාමනායක මහතා කුමන හේතුවක් සඳහා පටිගත කරන ලද එම සංවාද , ආණ්ඩුවේ ද අනුදැනුමෙන්, ආණ්ඩුවට හිතවත් මාධ්‍යවලින් හා සමාජ මාධ්‍යවලින් සීරියල් කරමින් වරින් වර නිකුත් කිරීමය. 

ආණ්ඩුවේ අරමුණ පැහැදිලිය. තමන්ට විරුද්ධ දේශපාපන ක්‍රියාකාරිකයන්ගෙන් පළි ගැනීමත්, ඔවුන් නීතිමය වශයෙන් දංගෙඩියට ගෙනගොස් තමන්ට එල්ල වන විවේචන වළක්වා ගැනීමත් ය. ආණ්ඩුවේ මාසයක ආයු කාලයේ දුරුවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සමාජය පවතින කතාබහ වෙනකට හැරවීමත් ය.

 හැබැයි, ඒ සියල්ලටමත් වඩා කැපී පෙනෙන්නේ, මිනිසුන් දෙදෙනකු අරත විවිධ තත්වයන් යටතේ හා විවිධ අවශ්‍යතාවන් යටතේ සිදු වූ, සමහර විට ඉතාමත් පෞද්ගලික ස්වභාවයේ දුරකථන සංවාද, සමාජයේ හැම තරාතිරමක ම ගෞරවනීය සාමාජිකයන් විසින් කුණු රස විඳමින් ප්‍රසිද්ධියේ අසමින් සිටීමය. 

කාර්යාලවලත්, වෙළඳපොලේදීත්, ගෙදරදීත්, මගතොටේදීත් ශ්‍රී ලාංකික විනයගත ජනතාව ඒ කුණු රස විඳිති. ඒ ගැන මහත් අභිරුචියෙන් අදහස් හුවමාරු කර ගනිති. 

අහස උසට නැග ඇති පාරිභෝගික භාණ්ඩවලින් ඇතිවන පීඩනය, රංජන් රාමනායකගේ සීඩී තැටිවල කුණු රසයෙන් සමනය කර ගනිති.

Mada text 16 3දෙදෙනකු අතර පෞද්ගලික ව සිදු වන සංවාදයක් හෝ හැසිරීමක්, එම සන්දර්භයෙන් ගලවා පියතට ගෙන ප්‍රසිද්ධියට පත් කළ විට සම්පුර්ණයෙන්  ම වෙනස් ආකාරයක් ගනීයි. එවැන්නක් සිදුවන්නේ ඒ පාත්‍රයන්ගේ කැමැත්ත නැති ව නම් එමගින් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ද හානි සිදු වෙයි. 

පෞද්ගලික සංවාද මහජන අවකාශයට ගෙන ආ නොහැකි යැයි නියමයක් නැත. එහෙත් මාධ්‍යවලට එවැනි අවස්ථාවක සලකා බැලීම සඳහා බලවත් මිණුම් දණ්ඩක් තිබේ. එනම්, 'මහජන යහපත  යි. වෙනත් විදියට කියනවානම් කෙනෙකුගේ පෞද්ගලිකත්වයේ සීමාව විනිවිද යන්නට මාධ්‍යයකට ඉඩක් ලැබෙන්නේ, එය මහජන යහපත සදහා ම වන්නේ නම් පමණයි.

රංජන් රාමනායක පටිගත කොට ඇති සමහර සංවාද ප්‍රසිද්ධියට පත් කිරීම මහජන යහපතට හේතු වන්නේ යැයි කෙනකුට තර්ක කළ හැකි ය. එහෙත්, මේ දක්වා මාධ්‍යවලින් ප්‍රසිද්ධ වී ඇති සංවාද සියල්ලක් ම පාහේ එම මිණුම් දණ්ඩෙන් සලකා බලද්දී නම්, අසමත් බව කිව යුතුය. 

අධිකරණය ගැනවත්, අපරාධ විමර්ෂණ ගැනවත් වෙනත් දෙයක් ගැනවත්, සඳහන් වුණාට, එවැනි පෞද්ගලිකව සිදුවන සංවාධයක් අපරාධයකට හෝ වෙනත් වැදගත් අක්‍රමිකතාවකට හෝ හේතුවක් නොවන තාක් කල් ඒවායේ මහජන වැදගත්කමක් නැත. 



Mada text 16 4මේ සියලුම පාහේ සංවාද පවතින්නේ එම තත්වයේය. එහෙත්, බල අධිකාරියට හෙවත් ආණ්ඩුවකට ඒවා තමන්ගේ දේශපාලන වුවමනාව වෙනුවෙන් අර්ථ දක්වා ගත හැකිය. 

හොඳම උදාහරණය, තමා ඝාතනය කිරීමට රංජන් රාමනායක හා රනිල් වික්‍රමසිංහ දෙදෙනා අතර කුමන්ත්‍රණයක් තිබුණා යැයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිර්මාණය කර ඇති කතාවයි.

එනයින් රංජන් රාමනායකගේ හඬ පට ආණ්ඩුවද , දේශපාලකයන්ද මතු නොව මහජනතාවද මොනවට නිරුවත් කර තිබේ. අධිකරණයේ රජයේ නිලධාරී සමහර දෙනාත් එහි වින්දිතයෝ ය.''


සබැඳි පුවත් :

'රන්ජන් රෙකෝඩ්ස්' : රන්ජාට එරෙහිව විනිසුරු පිලපිටියගෙන් ප්‍රබල සාක්ෂියක්! - කටඋත්තරය මෙන්න

'රන්ජන් රෙකෝඩ්ස්' : ඇප නියමකර තිබු පැමිණිල්ලකට රන්ජා රිමාන්ඩ් -අජිත් ප්‍රසන්නත් ගනී ද? 

'රන්ජන් රෙකෝඩ්ස්' : වන්ෂොට් වෘකයන් අතර නග්නව 

එජාපය රන්ජා අත්අඩංගුවට ගැනීමටත් පෙර වරදකරු කරයි - එජාපය ගම්මන්පිල දඬුවම් නියම කරයි  (VIDEO)

'රන්ජන් රෙකෝඩ්ස්' : 'ඇතැම් මාධ්‍ය කරන්නේ රන්ජන් කළාටත් වඩා බරපතල අපරාධයක්' - නීතිඥ අචලා සෙනවිරත්න

'රන්ජන් රෙකෝඩ්ස්' : අර්බුදයට විසඳුම් සෙවීමට “ජනතා කොමිසමක්” -කුසල් පෙරේරාගේ යෝජනාවක් 

'රන්ජන් රෙකෝඩ්ස්' ගැන වික්‍රමබාහු කියන පුදුම කතාව (VIDEO)

රන්ජන් රෙකෝඩ්ස් :  ''හතේ පොතේ තහනම ගැන කතා අස්සේ කරවටක් ගිලෙන්න ශෘංගාර මුහුදක් '' - චින්තන ධර්මදාස

රන්ජන් රෙකෝඩ්ස් : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, රන්ජාට 'තෑන්ක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : 'අප්ෂට් එක හිට් කර' ආණ්ඩුව ගත්තු තීන්දු මෙන්න !

රන්ජන් රෙකෝඩ්ස් : ''මේ මිනිහා තනිකරන්ඩ එපා. වටවෙයල්ලා ඇත්ත එක්ක''

රන්ජන් රෙකෝඩ්ස් : හඬපට සැන්ඩි කිරීමට මංගල මෙහෙයුමක් !- ඇමති බිරින්දෑවරුන් ගණනාවක හඬපටත් එලියට!!

රන්ජන් රෙකෝඩ්ස් : 'රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ අයිතිහාසික කාර්‍යය බාරයක්' -වික්ටර් අයිවන්

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජාගේ හඬපට අතුරු කතා: ඊවාට ගෙදරට එන්න කියලා මහින්ද කිව්වා මතක ද? 

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : 'බැලුබැල්මට ශානි කරපු වරදක් නැහැ' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ

රන්ජන් රෙකෝඩ්ස් : එජාපයෙන් විනය ක්‍රියාමාර්ග එද්දී රන්ජා උසාවියේදී කියපු කතාව  !

රන්ජන් හා විනිසුරුවරිය අතර හඬපටය ගැන දුර්මත ? (VIDEO)

රන්ජාගේ හඬපට: මහින්දානන්ද "ඝාතන සැලසුමක්" ගැන මැතිසබේ වාද

රන්ජාගේ හඬපට: රනිලුත් කපෝති! - මහින්දානන්දට 'ෂුට්' කරන්න උපදෙස් දීලා !! (VIDEO)

රන්ජාගේ හඬපට : ''පවත්නා ක්‍රමය රැකගැනීමට ඇපකැප වූවන් නොවන අපට සතුටු විය හැකි ය.''  - අජිත් පැරකුම් ජයසිංහ

රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය''  -Mahesh Hapugoda

රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...