ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුවෙන්) තරඟ වැදීමට සූදානම් වන 'වියත්මග' සංවිධානයේ සාමාජිකයන්ට 'පොහොට්ටු' පක්ෂයේ ඇතැම් සංවිධායකයන් විසින් බාධා සිදුකරන බව මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කරයි.

මහාචාර්යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

'වියත්මග' යනු ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම සඳහාත් එම ප්‍රතිපත්ති රටක පැහැදිලි කිරීමට සඳහාත් වියතුන් එක්ව පිහිට වූ සංවිධානයක් බව මහාචාර්ය ජයසුමන එහිදී සඳහන් කළේය.

ඉදිරි මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනෙන් 'වියත්මග' සංවිධානයේ වැඩි පිරිසකට නාමයෝජනා ලැබුණු ඇති බව විශ්වාසයක් ඇතැයිද ඔහු පැවසීය.

මෙම පිරිස්වලට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඇතැම් දුර්වල ආසන සංවිධායකයන් විසින් විවිධ බාධාවන් සිදුකරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

එම සංවිධායකයන් දැන උගත් පිරිසක් ඉදිරියට එනවට බිය වී ඇතැයි ද ඔහු කීය.

කෙසේ වෙතත් 'වියත්මග' සංවිධානයට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ බාධාවක් නැති බවත් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ එක්ව මෙම තත්වය කළමනාකරණය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු කියා සිටියේය.

කළුතර, කුරුණෑගල, ගම්පහ දිස්ත්‍රීක්කවල තත්වය බරපතලයි !

මහාචාර්ය චන්න ජයසුමනට එවැනි ප්‍රකාශයක් කිරීමට සිදුව ඇත්තේ,  'වියත්මඟ' නියෝජනයක කරමින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සුදානම් වන උගතුන්ට එරෙහිව 'පොහොට්ටු' පක්ෂයේ දිස්ත්‍රීක් නායකයින් ගෙන් මේවනවිට එල්ල වී ඇති තර්ජන හේතුවෙනි.

කළුතර, කුරුණෑගල, ගම්පහ දිස්ත්‍රීක්ක වල මෙම තත්වය බරපතල වී ඇතැයි වාර්තාවේ.

කෙසේවුවද කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත ආචාර්ය චරිත හේරත් පවසන්නේ, මෙරට නීති සෑදීම සඳහා බුද්ධිමය හැකියාවක් පවතින පුද්ගලයන් මීළඟ පාර්ලිමේන්තුවට පත් කර ගත යුතු බවයි.

මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය දේශපාලන වෙනසට ශක්තියක්, බුද්ධියක්, හැකියාවක්, පුහුණුවක්, ශික්ෂණයක් තිබෙන දේශපාලන ධාරාවක් ගොඩනඟා ගැනීමට ඉදිරියේදි යොමු වෙන බවද ඔහු පැවැසීය.

ඔහු මේබව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
 
 
සබැඳි පුවත් :
'නෑදෑකම්වලට, හිතවත්කම්වලට නාමයෝජනා නෑ' - ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්

පරණ අය ගෙදර: මහ ඡන්දෙට ගෝඨාභයගෙන් අලුත් මුහුණු 100ක් !

''ජනපතිට හයිය දෙන්න අලුත් පිරිසක් මැතිසබයට පත්කරන්න'' - ගෝලීය ශ්‍රී ලංකා සංසදය

චරිත හේරත් ලේක්හවුසිය බාර නොගෙන කුරුණෑගලින් මහ ඡන්දයට!

මහ ඡන්දය : සෑම දිස්ත්‍රීකයකටම 'වියත්මඟ' දෙදෙනෙක්! - ජනාධිපතිට හයිය දෙන්න තරුණ ජාලයක්!!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්