අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් කරන ලද සිව් වසරක  විමර්ශනයකින් අනතුරුව ගුවන් යානා නිෂ්පාදක

එයාර් බස් සමාගම එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශ බලධාරීන් සමඟ වාර්තාගත යුරෝ බිලියන 3.6 ක් වන්දියක් ගෙවීමට එකඟවී ඇති බැවින් එම සමාගම ශ්‍රී ලංකාවට ද වන්දි ගෙවිය යුතු බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකාව ශාඛාව (ටී.අයි.එස්.එල්.) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

එය තව දුරටත් කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශාල පරිමාණයේ වංචා සහ අක්‍රමිකතා පිළිබඳසොයා බැලීමට ජනාධිපති සිරිසේන විසින් පත් කල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත තමන් ‌‌‌මේ සම්බන්දයෙන් පැමිණීලි කරන ලද බවයි.

එයාර් බස් යනු යුරෝපීය බහුජාතික ගුවන්යානා නිශ්පාදන සමාගමකි. 2019 දී එයාර් බස් ලොව විශාලතම ගුවන්යානා නිෂ්පාදකයා වූ අතර වැඩිම ගුවන් යානා ඇණවුම් ලබා ගත්තේය. එයාර් බස් නෙදර්ලන්තයේ ලියාපදිංචි කර ඇත. එහි කොටස් ප්‍රංශ, ජර්මනිය සහ ස්පාඥයේ තොටස් වෙළද පොළහි අලෙවි කැරේ. එය සිවිල් හා මිලිටරි ගුවන් යානා සැලසුම් කිරීම, නිෂ්පාදනය කිරීම සහ විකිණීම කරන අතර එහි කර්මාන්ත ශාලා යුරෝපා සංගමයේ සහ වෙනත් විවිධ රටවලදී ගුවන් යානා නිෂ්පාදනය කරයි.

 

ශ්‍රී ලාංකික අතරමැදියකුට රු. බිලියන 2.5 ක් !

Text 3 5එයාර් බස් සහ යුරෝපයෙහි නඩු පවරන ලද බලධාරීන් අතර ඇති කර ගත් ගිවිසුමේ 2020 ජනවාරි 31 දින ප්‍රකාශයට පත් විය. ඒ එයාර් බස් සමාගම ශ්‍රී ලාංකික අතරමැදියකුට ඇමරිකානු ඩොලර් මිලියන 16.84 ක් (රු. බිලියන 2.5 ) ගෙවීමට එකඟ වී ඇති බව පෙනේ.

ගුවන්යානා මිලදී ගැනීමට බලපෑම් කිරීමට, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරියෙකුගේ බිරිඳ යටතේ බෘනායි හි ලියාපදිංචි සමාගමකට එයාර් බස් සමාගම විසින් එකඟ වූ මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 2 ක මුදලක් ගෙවා ඇති බව තවද ජනවාරි 31 වන දින ප්‍රකාශයට පත් කරුණු අනුව තහවුරු වන බව ද ඉහත කී නිවේදනය සඳහන් කරයි.

 

එකඟතාවය අවලංගු කිරීම වෙනුවෙන් දඩය : රුපියල් බිලියන 17 යි

මේ සම්බන්ධයෙන් ටී.අයි.එස්.එල්. හි විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර මෙසේ කියයි:

“ශ්‍රි ලංකාව එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමට ඇතිකරගත් එකඟතාවය අවලංගු කිරීම සඳහා දඩුවම් වශයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට රුපියල් බිලියන 17 ක (ඇමරිකානු ඩොලර් මිලියන 116 (2015 මිල අනුව) එයාර් බස් සමාගමට ගෙවීමට සිදු වූ බව සිහිපත් කිරීම වැදගත් ය.

Text 3 6ප්‍රසම්පාදන ක්‍රියාවලියට දූෂණය සම්බන්ධ බවට දැන් සාක්ෂි වලින් පෙනී යන හෙයින්, ශ්‍රී ලංකාවට සිදුවී ඇති පාඩු සම්බන්ධයෙන් එයාර් බස් සහ එහි නියෝජිතයින් වගකිව යුතු බව සහතික කිරීම සඳහා ජාත්‍යන්තරව සහ දේශීයව පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ ”.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශාල පරිමාණයේ වංචා සහ අක්‍රමිකතා පිළිබඳසොයා බැලීමට ජනාධිපති සිරිසේන විසින් පත් කල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව තමන් මෙම දූෂණය සම්බන්ධයෙන් සඳහන් කළ බව ද ටී.අයි.එස්.එල්. කියයි. 

එය විසින් කොමිසම වෙත යවන ලද ලිපියෙහි එයාර් බස් සහ තවත් ගුවන් සමාගම් කිහිපයක් සම්බන්ධ දූෂිත ගනුදෙනු විස්තර කර තිබුණි.

එයට එක්සත් රාජධානියේ Corruption Watch ආයතනය විසින් සම්පාදනය කරන ලද වාර්තාවක් ද ප්‍රංශය, ඉන්දුනීසියාව, ටියුනීසියාව, එක්සත් රාජධානිය සහ එකසත් ජනපදය යන රටවල සිවිල් සමාජ සංවිධාන සමඟ TISL විසින් අත්සන් කරන ලද 2018 අගෝස්තු දිනැති ලිපියක් ද අමුනා තිබුණි.

 

එක්සත් රාජධානියේ අධිකරණ අනුමැතිය :

 Text 3 7එළෙස අමුණන ලද ලිපිය 2018 ජුනි දිනැති එක්සත් රාජධානියේ බරපතල වංචා පිළිබඳ කාර්යාලය, ප්‍රංශයේ පාකට් ජාතික මූල්‍ය ආයතනය, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සහ ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය (ඕඊසීඩී) වෙත යොමු කරන ලද එකක් බවත් ටී.අයි.එස්.එල්. පුවත් නිවේදනය සඳහන් කරයි.

එකී සිවිල් සමාජ සංවිධාන විසින් කරන ලද ප්‍රධාන නිර්දේශය නම් එයාර් බස් හෝ එහි නියෝජිතයින් අල්ලස් ලබා දී ඇති බව ඔප්පු වී ඇති රටවලට සිදුවන හානිය සඳහා පූර්ණ වන්දි ගෙවිය යුතු බවයි.

දැන් එයාර් බස් සමාගමෙන් වන්දි ලබා ගැනීමට ජනවාරි 31 වන දින එක්සත් රාජධානියේ අධිකරණ අනුමැතිය ලබා දී තිබේ.

එබැවින් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ද මෙම දූෂිත ගනුදෙනුව නිසා ශ්‍රී ලංකාවේ මහජනයාට සිදුවී ඇති මහත් පාඩු සම්බන්ධයෙන් දේශීය හා විදේශීය වශයෙන් වගකිව යුතු අතර ඊට වගකිව යුත්තන් හසු කර ගැනීමට පියවර ගත යුතු බව ද ටී.අයි.එස්.එල්. සංවිධානය අවධාරණය කරයි.

(උපුටා ගැනීම - srilankabrief.org)

 

සබැඳි පුවත් :

ශ්‍රී ලන්කන් ගුවන් යානා ගනුදෙනුවෙන් 'අල්ලස් ගත් කත' හඳුනාගෙන ! - ජනාධිපති නියෝගයෙන් අභ්‍යන්තර අවුලක් !!
පහුගිය ආණ්ඩුවේ ලොක්කෙකුත් මාට්ටු !! 

'ශ්‍රී ලංකන්' ගනුදෙනුවකින් ඩොලර් මිලියන 2ක අල්ලසක් ගත් කාන්තාව කවුද? ජනපති නියෝගයෙන් විමර්ශනයක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්