බුදුදහම ඇතුළු අන්‍යාගම්වලට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කළේ යැයි කියන

සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (දෙසැම්බර් 01 වැනිදා) නියෝග කළේය.

සැකකරුට එරෙහිව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ කරුණු අනාවරණය වන බව අධිකරණයට නිරීක්ෂණය වන හෙයින් ඔහුට ඇප දීමට අධිකරණයට බලයක් නොමැති බව කොටුව මහේස්ත්‍රාත් තිළණ ගමගේ ප්‍රකාශ කළේය.

ඒ අනුව සැකකරු ලබන 13 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගෙන් ඊයේ (නොවැම්බර් 30 වැනිදා) දිනයේ මෙන්ම අද දිනත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබිණි.

ඉන් අනතුරුව සැකකාර දේවගැතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

විදෙස් ගමන් තහනමට පෙර විදෙස් ගත වූ දේවගැතිවරයා

ඉකුත් අප්‍රේල් මස පැවැත්වූ දේව මෙහෙයකදී බුදු දහම ඇතුළු අන්‍ය ආගම් වලට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් කළේ යැයි ඉදිරිපත්වූ පැමිණිලි වලට අනුව විමර්ශන කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් ආගමන හා විගමන පාලකවරයා වෙත නියෝගයක් ද ලබා ගෙන තිබුණි.

එහෙත් එම තහනම් නියෝගය ලබා ගැනීමට පෙර විදේශගත වූ දේවගැතිවරයා විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමෙ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ද ඉදිරිපත් කරනු ලැබීය.

එහි තීන්දුව ලබා දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විදේශගතව සිටින දේවගැතිවරයා මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොළේ දී ඔහු අත් අඩංගුවට ගැනීමෙන් වළකින ලෙසත් දිවයිනට පැමිණීමෙන් අනතුරුව පැය 48 ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවටත් එම දේවගැතිවරයාට නියෝගයක් නිකුත් කර තිබුණි.

ඒ අනුව අදාළ දේවගැතිවරයා දිවයිට පැමිණි අතර ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

(BBC සිංහල සේවය)


සබැඳි පුවත් :

දේවගැති ජෙරොම් අත්අඩංගුවට

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි දේවගැති ජෙරොම් ඉල්ලයි

දේවගැති ජෙරොම් ළඟදීම යළි දිවයිනට !

අල්ජසීරා, දේවගැති ජෙරොම්ගේ ගුරාගේ පැටිකිරිය හෙළිකරයි

'දිවැසිවර ජෙරොම්' සහ 'මිරකල් ඩෝම්' ගැන නොකී කතා !

ඔහු කුරුසයේ තබා ඇණ ගසමු ද? - (ගාමිණී වියන්ගොඩ)

බුදුන්ට අපහාස කළ දේවගැතිට වැඩ වරදී ! - ජනපතිගෙන් නියෝගයක්


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්