ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) පාලක ලේකම් රේණුක පෙරේරා, 'මිල්කෝ' සමාගමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර

ඇත. 

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අද (18) දින ලිපියක් යොමු කරමින් ඉල්ලා අස්වීම දැනුම්දුන් බව රේණුක පෙරේරා අද උදෑසන කොළඹදී මාධ්‍යය හමුවක් කැඳවමින් දැනුම්දී සිටියේය.

2022 වසරේ ජනවාරි 21 වන දින සිට රේණුක පෙරේරා, මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

රජයේ ප්‍රතිපත්ති තීරණයක් අනුව මිල්කෝ ආයතනය පෞද්ගලීකරණය කිරීම සඳහා දේශීය හා ඉන්දියානු සමාගමක් ඒකාබද්ධව කටයුතු ආරම්භ කර ඇති පසුබිම තුළ ආයතනය ඉදිරි ප්‍රගමනය සඳහා මෙහෙයවීමට තම කාලය වැය කිරීම ඵලදායි නොවන බැවින් සේවා කාලය තවත් මාසයක කාලයක් ඉතිරිව තිබිය දීත් ඉල්ලා අස්වීමට තීරණය කළ බව රේණුක පෙරේරා විසින් මුදල් ලේකම්වරයා වෙත යොමුකළ ලිපියේ සඳහන්ව තිබේ.

දේශපාලන විචාරකයින් පවසන්නේ රේණුක පෙරේරාගේ ඉල්ලා අස්වීම, රජයේ ආයතන පෞද්ගලිකරණය කිරීමේ ජනාධිපති වික්‍රමසිංහ ගේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයට එරෙහිව පොහොට්ටු පක්ෂයේ පළමු වෙඩිමුරය බවයි. 

 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්